IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ලොකුම ලංකා ප්‍රදර්ශනය

 

 

පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව විදෙස් ගැනුම්කරුවන් දහසක්  "රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකා"  වෙළඳ - සංචාරක - ආයෝජන ප්‍රදර්ශනය  නොවැම්බර් 13 දා සිට 17 දා දක්වා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී පැවැත්වීමට යයි.


පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ ව්‍යාපාරික  හමුවට ශ්‍රී  ලංකාවට පැමිණෙන විදේශීය ආයෝජකයින් හා ව්‍යාපාරිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණෙන ගැනුම්කරුවන් හා වෙළඳ දූත පිරිස් ඉලක්ක කර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.


ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය වන මෙම ප්‍රදර්ශනයට  ඉන්දියාව , චීනය , කැනඩාව , එක්සත් අරාබි එමීර් රාජ්‍ය,  එක්සත් රාජධානිය,  ඉරානය,  පිලිපීනය,  ඊජිප්තුව , පකිස්ථානය , සිංගප්පූරුව,  දකුණු අප්‍රිකාව,  සී ෂෙල්ස් රාජ්‍ය  ඇතුළු රටවල් නියෝජනය කරමින් දහසකට අධික විදෙස් ගැනුම්කරුවන් පිරිසක් සහභාගී වීමට නියමිතය.  දේශීය සෘජු අපනයනකරුවන් 300ක් ,සුළු හා මාධ්‍ය  පරිමාණ නිෂ්පාදකයින් 200ක්, විදේශ තාක්ෂණ සැපයුම්කරුවන් 100ක් ,දේශීය යන්ත්‍ර නිෂ්පාදකයින් සිය දෙනෙක් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 800ක් වෙන් කර ඇත.


වෙළද - සංචාරක - ආයෝජන යන අංශ තුන  යටතේ පවත්වන මෙම ප්‍රදර්ශනයෙන් අන්තර්ජාතික වෙළදාමෙන් ශ්‍රී ලංකාව මෙතෙක් අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය   විදෙස් ආයෝජකයින්ට හා වෙළඳ දූත පිරිස් වලට විදහා දැක්වීමටත් අනාගත ආයෝජන අවස්ථා උදා කර ගැනීමටත්, 2015 දී ඩොලර් කෝටි 1500 (රුපියල් කෝටි 187500) අපනයන ඉලක්කය පහසු කර ගැනීමටත් හැකි වනු ඇත.


"රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී  ලංකා" ප්‍රදර්ශනය නැරඹීමට මහජනතාවට ද අවස්ථාව හිමි වන අතර දේශීය ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික  අවස්ථා උදා කර ගැනීමටත් පාසල් දරුවන්ට තොරතුරු පිළිබදව දැනුවත් වීමටත් අවස්ථාව උදා වනු ඇත.


 



අදහස් (0)

ලොකුම ලංකා ප්‍රදර්ශනය

අජිත් Thursday, 07 November 2013 05:06 PM

ඔය තියෙන්නේ වැඩ. අපිත් යමු බස් අරන් ගම් පිටින් පොර කකා. අඩුවෙලා තිබුනේ ඒක විතරනේ. එතකොට ඒකත් හරි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 06 November 2013 07:37 PM

අනේ! මෙදාපාරත් චීන්නුන්ට මුතු මැණික් ගිලින්න ඉඩ තියාගන්න එපා. ඔවුන් අපේ කනෙන් ගිහින් ඇහෙන් එන පිරිසක්. වටිනා දේවල් ඔවුන්ගෙන් ඈත් කර තැබීම කාටත් ගුණදායකයි. (නි)

:       0       0

අමිත Saturday, 09 November 2013 12:52 AM

රටක් දියුණු වෙන්න වෙළද ,සංචාරක, ආයෝජන කියන මේ අංශත් වර්ධනය වියයුතුයි. රට කෝලාහල වලින් තොරව, ආයෝජකයින්ට අපහසුවක් නොවන අයුරින් වැඩකටයුතු කරගෙන යාමට ඉඩ සැළසුවොත් ඔවුන් දිගටම ලංකාව තුල සිටීවි. වර්ජන ගර්ජන වලට ඔවුන් කැමති නැහැ. හැබැයි හොරුන්ට වංචාකරයින්ට අවස්ථාව නොදීමත් රජයෙ වගකීමක්. (නි)

:       0       0

ෂෙරිෆ් Thursday, 07 November 2013 09:15 AM

ඕනෑම දෙයක් කරන්න කලින් සවි කරන්න අමතක නොකරන්න සී සී ටීවී කැමරා පද්දතිය. (ස)

:       0       0

දේදුනු Tuesday, 12 November 2013 09:39 PM

වටිනා වැඩක් වගේ (දී)

:       0       0

සෙනරත් Wednesday, 06 November 2013 10:25 PM

කැනඩාව සමුළුවට සහභාගී නොවන්නේ නම් මෙයට සහභාගී වන්න අදහස් කලේ ඇයි?(නදී)

:       0       0

ලාල් - නුවර Monday, 11 November 2013 04:13 PM

මේ වගේ දේවල් වලින් රට ලබන සංවර්ධනයේ ප්‍රතිපල අපේ අනාගත දරුවන්ට. (ස)

:       0       0

චන්දිමා Thursday, 07 November 2013 10:17 PM

අජිත්ලා වගේ ලිඳේ ඉන්න අයට කොය් එක කරත් වැරදි. අපරාදේ ලබපු මනුස්ස ආත්මේ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 439 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16887 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 664 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site