පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවට සමගාමීව විදෙස් ගැනුම්කරුවන් දහසක් "රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකා" වෙළඳ - සංචාරක - ආයෝජන ප්‍රදර්ශනය නොවැම්බර් 13 දා සිට 17 දා දක්වා බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අබියසදී පැවැත්වීමට යයි.
පොදු රාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ ව්‍යාපාරික හමුවට ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය ආයෝජකයින් හා ව්‍යාපාරිකයන්ට අමතරව විවිධ රටවලින් පැමිණෙන ගැනුම්කරුවන් හා වෙළඳ දූත පිරිස් ඉලක්ක කර මෙම ප්‍රදර්ශනය සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවැන්තම වෙළඳ ප්‍රදර්ශනය වන මෙම ප්‍රදර්ශනයට ඉන්දියාව , චීනය , කැනඩාව , එක්සත් අරාබි එමීර් රාජ්‍ය, එක්සත් රාජධානිය, ඉරානය, පිලිපීනය, ඊජිප්තුව , පකිස්ථානය , සිංගප්පූරුව, දකුණු අප්‍රිකාව, සී ෂෙල්ස් රාජ්‍ය ඇතුළු රටවල් නියෝජනය කරමින් දහසකට අධික විදෙස් ගැනුම්කරුවන් පිරිසක් සහභාගී වීමට නියමිතය. දේශීය සෘජු අපනයනකරුවන් 300ක් ,සුළු හා මාධ්‍ය පරිමාණ නිෂ්පාදකයින් 200ක්, විදේශ තාක්ෂණ සැපයුම්කරුවන් 100ක් ,දේශීය යන්ත්‍ර නිෂ්පාදකයින් සිය දෙනෙක් වෙනුවෙන් ප්‍රදර්ශන කුටි 800ක් වෙන් කර ඇත.
වෙළද - සංචාරක - ආයෝජන යන අංශ තුන යටතේ පවත්වන මෙම ප්‍රදර්ශනයෙන් අන්තර්ජාතික වෙළදාමෙන් ශ්‍රී ලංකාව මෙතෙක් අත්පත් කර ගෙන ඇති ප්‍රගතිය විදෙස් ආයෝජකයින්ට හා වෙළඳ දූත පිරිස් වලට විදහා දැක්වීමටත් අනාගත ආයෝජන අවස්ථා උදා කර ගැනීමටත්, 2015 දී ඩොලර් කෝටි 1500 (රුපියල් කෝටි 187500) අපනයන ඉලක්කය පහසු කර ගැනීමටත් හැකි වනු ඇත.
"රිෆ්ලෙක්ෂන් ඔෆ් ශ්‍රී ලංකා" ප්‍රදර්ශනය නැරඹීමට මහජනතාවට ද අවස්ථාව හිමි වන අතර දේශීය ව්‍යාපාරිකයින්ට ව්‍යාපාරික අවස්ථා උදා කර ගැනීමටත් පාසල් දරුවන්ට තොරතුරු පිළිබදව දැනුවත් වීමටත් අවස්ථාව උදා වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ! මෙදාපාරත් චීන්නුන්ට මුතු මැණික් ගිලින්න ඉඩ තියාගන්න එපා. ඔවුන් අපේ කනෙන් ගිහින් ඇහෙන් එන පිරිසක්. වටිනා දේවල් ඔවුන්ගෙන් ඈත් කර තැබීම කාටත් ගුණදායකයි. (නි)
කැනඩාව සමුළුවට සහභාගී නොවන්නේ නම් මෙයට සහභාගී වන්න අදහස් කලේ ඇයි?(නදී)
ඕනෑම දෙයක් කරන්න කලින් සවි කරන්න අමතක නොකරන්න සී සී ටීවී කැමරා පද්දතිය. (ස)
ඔය තියෙන්නේ වැඩ. අපිත් යමු බස් අරන් ගම් පිටින් පොර කකා. අඩුවෙලා තිබුනේ ඒක විතරනේ. එතකොට ඒකත් හරි. (නි)
අජිත්ලා වගේ ලිඳේ ඉන්න අයට කොය් එක කරත් වැරදි. අපරාදේ ලබපු මනුස්ස ආත්මේ. (දී)
රටක් දියුණු වෙන්න වෙළද ,සංචාරක, ආයෝජන කියන මේ අංශත් වර්ධනය වියයුතුයි. රට කෝලාහල වලින් තොරව, ආයෝජකයින්ට අපහසුවක් නොවන අයුරින් වැඩකටයුතු කරගෙන යාමට ඉඩ සැළසුවොත් ඔවුන් දිගටම ලංකාව තුල සිටීවි. වර්ජන ගර්ජන වලට ඔවුන් කැමති නැහැ. හැබැයි හොරුන්ට වංචාකරයින්ට අවස්ථාව නොදීමත් රජයෙ වගකීමක්. (නි)
මේ වගේ දේවල් වලින් රට ලබන සංවර්ධනයේ ප්‍රතිපල අපේ අනාගත දරුවන්ට. (ස)
වටිනා වැඩක් වගේ (දී)