දේශීය සිසුන්ට සහ වෘත්තිකයන්ට ලෝක ප්‍රකට එක්සත් රාජධානියේ (UK) පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සලසා දෙමින්, ESOL Premier Campus ආයතනය OCN London පාඨමාලා මෙරටට හඳුන්වා දීම සඳහා වන සුවිශේෂී හවුල්කාරිත්වයකට එළඹ ඇත. 1970 දශකයේ සිට ක්‍රියාත්මක වන OCN London යනු එක්සත් රාජධානියේ Ofqual (Office of Qualifications and Examinations Regulation) ආයතනය මගින් නියාමනය කරනු ලබන, එංගලන්තයේ පිළිගත් සහතික පිරිනමන ආයතනයකි.
ජාත්‍යන්තරව පිළිගත් පාඨමාලා මෙහෙයවීම සම්බන්ධයෙන් ඉහළ විශ්වාසයක් දිනා සිටින Premier Campus හරහා, විදේශගත නොවී ඉංග්‍රීසි භාෂාව, ව්‍යාපාර කළමනාකරණය, අධ්‍යාපනය සහ පුහුණුව මෙන්ම ඩිජිටල් අලෙවිකරණය යන ක්ෂේත්‍ර ඔස්සේ Ofqual මගින් නියාමනය කරනු ලබන ගෝලීය සහතික පත්‍ර ප්‍රථමවරට ලබා ගැනීමට දැන් ශ්‍රී ලාංකිකයන්ට සුවිශේෂී අවස්ථාවක් උදාවී ඇත.
මෙම උපායමාර්ගික හවුල්කාරිත්වයෙන් OCN London සුදුසුකම් මාලාවක් ශ්‍රී ලංකාවේ ඉගෙනුම ලබන්නන් වෙත පුළුල්ව විවෘත වන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, එය සාම්ප්‍රදායික උසස් අධ්‍යාපන රටාවන්ට වඩා දැරිය හැකි සහ නම්‍යශීලී විකල්පයකි. සිසුන්ට Level 3 සිට Level 7 දක්වා සුදුසුකම් ඔස්සේ ඉදිරියට යා හැකි අතර, එමගින් අධ්‍යාපනික ප්‍රගතිය, වෘත්තීය සංවර්ධනය සහ රැකියා උසස්වීම් සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් හිමිවේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ESOL Premier Campus හි සාමාන්‍යාධිකාරී ඇන්ඩෲ අබිනාෂ් මහතා මෙසේ පැවසීය.‘‘ලෝක මට්ටමේ අධ්‍යාපන අවස්ථා දේශීයව ලබා දීමේ අපගේ අරමුණෙහි සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, OCN London සුදුසුකම් ESOL Premier Campus හරහා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට ලැබීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වෙනවා. Ofqual මගින් නියාමනය කරනු ලබන ආයතනයක් ලෙස OCN London උසස් ප්‍රමිතිය, ප්‍රවේශවීමේ පහසුව සහ සිසුන්ගේ ප්‍රගතිය වෙනුවෙන් කටයුතු කරනු ලබනවා.”
මෙම අවස්ථාව පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුන්ට, සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අවසන් කර විකල්ප අධ්‍යාපන මාර්ග සොයන අයට, වෘත්තීය දියුණුව අපේක්ෂා කරන රැකියා නියුක්තිකයන්ට, ගුරුවරුන්ට සහ ගුරු වෘත්තියට පිවිසීමට කැමැති අයට මෙන්ම තම දරුවන්ට ගුණාත්මක ජාත්‍යන්තර අධ්‍යාපනයක් ලබා දීමට අපේක්ෂා කරන මවුපියන්ට මහඟු ප්‍රතිලාභ රැසක් අත්කර දෙයි.
ESOL Premier Campus හරහා පිරිනමනු ලබන OCN London පාඨමාලා මාලාවට CEFR B1, B2, C1 සහ C2 මට්ටම්වල OCN London ESOL International ඉංග්‍රීසි සුදුසුකම්ල Level 4 Certificate in Education and Training, Level 3 Certificate in Principles of Business Administration, Level 4 සහ Level 5 Diploma in Business Management, මෙන්ම Level 4 Certificate සහ Level 5 Diploma in Business Management, ඇතුළත් වේ. මෙම පාඨමාලා ජාත්‍යන්තර අධ්‍යයන සහ වෘත්තීය ප්‍රමිතීන්ට අනුකූලව සකස් කර ඇති අතර, උසස් අධ්‍යාපනය සහ රැකියා අවස්ථා සඳහා සිසුන්ව යොමු කිරීමට සැලසුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd