
රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් හඳුන්වා දී ඇති ඩිජිටල් ඉලක්ක සපුරා ගැනීම වෙනුවෙන් නිරන්තරයෙන් කැප වන ලංකා බැංකුව, ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට අනුකූල ව, එදිනෙදා ජීවිතයේ දී ආරක්ෂිත, වඩාත් පහසු මෙන්ම නවමු QR ගෙවීම් ක්‍රමවේද හඳුන්වා දීම සහ ප්‍රවර්ධනය අඛණ්ඩ ව සිදු කරයි.
ඒ අනුව කිරිවෙහෙරේ දී සහ ඓතිහාසික කතරගම දේවාල පරිශ්‍රයේ දී බැතිමතුන්ට QR ගෙවීම් හරහා වඩාත් පහසුවෙන් සහ ආරක්ෂිත ව සිය පරිත්‍යාග ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදු කිරීමට සහයෝගය ලබා දීම අරමුණු කරමින්, ලංකා බැංකුව විසින් එම පූජනීය ස්ථානවල ඩිජිටල් පිං කැට ස්ථාපනය කිරීම පසු ගිය දා සිදු කෙරිණි. මේ හරහා අදාළ පරිත්‍යාග සුරක්ෂිත බවින් හා විනිවිද භාවයෙන් යුතු වීම, ඍජුවම බැංකු ගිණුම් ගත වීම, SMS පණිවුඩ මගින් අදාළ බලධාරියා දැනුවත් කිරීම, භෞතික මුදල් භාවිතය අවම වීම, විගණනය සඳහා අවශ්‍ය නෛතික පසුබිම සකස් වීම වැනි ප්‍රතිලාභ රැසක් ලැබීම විශේෂිත වේ.
කතරගම කිරි වෙහෙර පරිශ්‍රයේ ඩිජිටල් පිං කැටය ස්ථාපනය කිරීම, කතරගම කිරිවෙහෙර රාජ මහා විහාරය ඇතුළු සිව් මහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝ නායක, කතරගම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති, හම්බන්තොට දිස්ත්‍රික් සඟ සමුළුවේ සභාපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ අනුශාසනා පූර්වකව, සිදු කෙරුණු අතර, එම සද්කාර්යය සහ ඊට සමගාමී ව සිදු කෙරුණු ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පරිශ්‍රයේ ඩිජිටල් පිං කැටය ස්ථාපනය කිරීම, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තිළිණ මධුශංක මහතාගේ එකඟතාවෙන් ද, එහි පරිපාලන නිලධාරී ඊ. එම්. සනත් ඒකනායක මහතාගේ සහභාගිත්වයෙන් ද,ලංකා බැංකුවේ මහා කළමනාකරු / ප්‍රධාන විධායක නිලධාරි වයි. ඒ. ජයතිලක මහතා අතින් විවෘත කෙරුණි. වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහා කළමනාකරු (සංවර්ධන හා ශාඛා බැංකුකරණ) භද්‍ර කල්‍යාණප්‍රිය ගුරුසිංහ, නියෝජ්‍ය මහා කළමනාකරු (මානව සම්පත් මෙහෙයුම්) ධම්ම විජයවර්ධන, ප්‍රධාන අලෙවි නිලධාරි සමීර ඩී. ලියනගේ සහ නියෝජ්‍ය මහා කළමනාකරු (උපකාරක සේවා) කුමුදුනී ජේ. යෝගරත්නම් යන මහත්ම මහත්මීන් ඇතුළු දකුණු පළාත් ලංකා බැංකු කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවෝ ද සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd