හර්ෂණ තුෂාර සිල්වා
මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය.
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78 ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල රුපියල් 175.93ක් ලෙස දැක්විණි.
ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය විය.
පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය.
මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 183ත් 179ත් අතර දැක්වුණු අතර එක් අවස්ථාවකදී පමණක් විකුණුම් මිල රුපියල 178 ක් ලෙස දැක්විණි.
රොයිටර් පුවත් සේවයට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 16% කින් අවප්‍රමාණය වී තිබෙන අතර මේ වසරේ දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.64 % කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.2 % කින් ඉහළ ගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාට කන්නාඩි දාල බලන අය තමයි ඉන්නේ. මොන රජයක් හරි රටට හොඳක් වෙනවනම් සතුටු වෙන්න....
කෝ අර චැනල් රටට කෙලවෙන තුරු බලා ඉන්න, අර පරණ වහල් පාලනය නැවත ගේන්න කැස කවන...?
නහිනවා, බහිනවා.. දැන් නැගපු කාලේ ඉවරයි.. කලාතුරකින් නැග්ගට, නිතරම බහිනවා තමයි.
ඔය කිරි පිටි වල බලේ තමයි. අනිත් දේවලුත් රටේම නිෂ්පාදනය කර ගත්තනම් රුපියල ගොඩ ගන්න පුළුවන්.
ඩොලර් රිසර්ව් වලින් ඩොලර් එලියට දාලා රුපියල ගොඩ දාල පෙන්නලා පස්සේ කාලෙක කොහමද ඒ හිඩැස පුරවන්නේ ? නිෂ්පාදනය හා අපනයනය ඇරෙන්න ඕව විකල්ප නෙවේ.
මේක ඇත්තටම ඉතාම භයානක තත්වයක්. මහ බැංකුව මේ ගැන දක්වන්නේ ඉතාම නිහඬතාවයක්. විපක්ෂයටත් ඒ ගැන වගේ වගක් නෑ. රටක විනිමය අනුපාතය කෘතීමව පෙන්නනවා කියන්නේ දීර්ඝකාලීන ඉතාම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක්. අපනයන ඔසවා නොතබා ලබන විනිමය උසස් වීම් ඵලරහිතයි. ණය හා ඒ සමාන ලැබීම්වලින් කෙරෙන බලපෑමත් ඒ වගේ. හැබැයි අවුරුදු ළඟ නිසා විදේශ මුදල් ප්‍රේරණ වැඩි වෙනවා. ආර්ථිකය සංකෝචනයට ලක් වුණාමත් විනිමය අනුපාතවලට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය හා සේවා ආනයනය අඩුවෙනවා. කොහොම වුනත් මේ මැතිවරණ වසරක් නිසා, තමන්ගේ පක්ෂෙ වෙනුවෙන් රට උගස් තියන තීරණ හුඟාක් ඇතිවෙන්න පුළුවන්... පසුගිය අවුරුදු 75 හා විශේෂයෙන් 1977 පස්සේ හුඟක් වුනේ ඒ දේවල් තමයි. රට උගස් කරලා පක්ෂ රැකගත්තා. දැන් අපිට බලවත් පක්ෂ කීපයක ඝෝෂාව විතරක් ඉතිරිවෙලා තියෙනවා...