IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


රුපියල ඉහළ නගී

හර්ෂණ තුෂාර සිල්වා
 

 
මසකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයකට සාපේක්ෂව රුපියලේ අගය අද (22) ඉහළ ගියේය.
 
මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රුපියල් 179.78 ක් ලෙස දැක්වුණු අතර ගැනුම් මිල රුපියල් 175.93ක් ලෙස දැක්විණි.
 
ඉකුත් වසරේ පෙබරවාරි මස පැවති පළාත් පාලන මැතිවරණයෙන් පසු අඛණ්ඩව අවප්‍රමාණය විය.
 
පසුගිය දෙසැම්බර් මාසයේ දී ඉතිහාසයේ පළමු වරට ඇමෙරිකානු ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 184.69 දක්වා ඉහළ ගියේය. 
 
මේ වසරේ මේ දක්වා කාලයේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 183ත් 179ත් අතර දැක්වුණු අතර එක් අවස්ථාවකදී පමණක් විකුණුම් මිල රුපියල 178 ක් ලෙස දැක්විණි.
 
රොයිටර් පුවත් සේවයට අනුව පසුගිය වසරේදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 16% කින් අවප්‍රමාණය වී තිබෙන අතර මේ වසරේ දක්වා කාලයේදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.64 % කින් ඉහළ ගොස් තිබේ. 
 
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට මාර්තු 15 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 2.2 % කින් ඉහළ ගොස් ඇත. 



අදහස් (8)

රුපියල ඉහළ නගී

Jerami Friday, 22 March 2019 10:46 AM

පාට කන්නාඩි දාල බලන අය තමයි ඉන්නේ. මොන රජයක් හරි රටට හොඳක් වෙනවනම් සතුටු වෙන්න....

:       53       66

සෙනෙවි Friday, 22 March 2019 04:19 PM

කෝ අර චැනල් රටට කෙලවෙන තුරු බලා ඉන්න, අර පරණ වහල් පාලනය නැවත ගේන්න කැස කවන...?

:       245       242

chandima Friday, 22 March 2019 06:26 PM

නහිනවා, බහිනවා.. දැන් නැගපු කාලේ ඉවරයි.. කලාතුරකින් නැග්ගට, නිතරම බහිනවා තමයි.

:       36       115

Sanath KandySunday, 24 March 2019 08:03 AM

අවුරුදු හැත්තෑවක් තිස්සෙම බහින කලාව තමයි. මේ ගමන වෙනස් කරලා අලුත් පාරක යන විකල්ප බලවේගයකට බලය දෙනතුරු දිගටම මේ ප්‍රතිඵලයම තමයි.

:       1       136

sathushTuesday, 02 April 2019 01:31 AM

දැන් වයසයිනේ ගණන් ගන්න එපා.

:       0       0

ajith Saturday, 23 March 2019 02:28 AM

ඔය කිරි පිටි වල බලේ තමයි. අනිත් දේවලුත් රටේම නිෂ්පාදනය කර ගත්තනම් රුපියල ගොඩ ගන්න පුළුවන්.

:       4       254

cc Wednesday, 27 March 2019 07:44 AM

ඩොලර් රිසර්ව් වලින් ඩොලර් එලියට දාලා රුපියල ගොඩ දාල පෙන්නලා පස්සේ කාලෙක කොහමද ඒ හිඩැස පුරවන්නේ ? නිෂ්පාදනය හා අපනයනය ඇරෙන්න ඕව විකල්ප නෙවේ.

:       1       9

Buddhika P Saturday, 30 March 2019 03:47 AM

මේක ඇත්තටම ඉතාම භයානක තත්වයක්. මහ බැංකුව මේ ගැන දක්වන්නේ ඉතාම නිහඬතාවයක්. විපක්ෂයටත් ඒ ගැන වගේ වගක් නෑ. රටක විනිමය අනුපාතය කෘතීමව පෙන්නනවා කියන්නේ දීර්ඝකාලීන ඉතාම අහිතකර ප්‍රතිඵල ගෙන දෙන්නක්. අපනයන ඔසවා නොතබා ලබන විනිමය උසස් වීම් ඵලරහිතයි. ණය හා ඒ සමාන ලැබීම්වලින් කෙරෙන බලපෑමත් ඒ වගේ. හැබැයි අවුරුදු ළඟ නිසා විදේශ මුදල් ප්‍රේරණ වැඩි වෙනවා. ආර්ථිකය සංකෝචනයට ලක් වුණාමත් විනිමය අනුපාතවලට බලපෑම් ඇතිවෙන්න පුළුවන්. අමුද්‍රව්‍ය හා සේවා ආනයනය අඩුවෙනවා. කොහොම වුනත් මේ මැතිවරණ වසරක් නිසා, තමන්ගේ පක්ෂෙ වෙනුවෙන් රට උගස් තියන තීරණ හුඟාක් ඇතිවෙන්න පුළුවන්... පසුගිය අවුරුදු 75 හා විශේෂයෙන් 1977 පස්සේ හුඟක් වුනේ ඒ දේවල් තමයි. රට උගස් කරලා පක්ෂ රැකගත්තා. දැන් අපිට බලවත් පක්ෂ කීපයක ඝෝෂාව විතරක් ඉතිරිවෙලා තියෙනවා...

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site