රත්තරන් පිළිබඳ කතාබහ ඇතිවන්නේ අද ඊයෙක සිට නම් නොවෙයි. ඊජිප්තුවේ සිටි පාරාවෝවරුන්ගේ සොහොන් සැරසිලි දක්වාම රත්‍තරන් භාවිත කර තිබූ බවට සාක්ෂි පවතී. රත්‍තරන් කියන්නේ අතීතයේ සිටම මිනිසුන් වටිනාකමකින් යුත් පාෂාණයක් ලෙස සලකන ලද්දකි.
රත්‍තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කිරීමට ද හැකි ලෝහයකි. සාමාන්‍යයෙන් රත්තරන් භාණ්ඩ නිෂ්පාදනයේ දී යොඳා ගන්නේ සිදුම රත්තරන් විදිහට ගැනෙන කැරට් 24 රන් විශේෂයයි. රත්තරන් වල ඝනත්වය එකිනෙකට වෙනස් වේ. මේ වන විට නවීන තාක්ෂණයත් සමග විවිධ වර්ණවල රත්තරන් වෙළෙඳපොළට පැමිණ තිබේ.
මංගල දිනය, උත්සව සමය තුළ පාරිභෝගිකයන් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට දැඩි කැමැත්තක් දක්වනවා වගේම ඇතැම් පිරිස් රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මෙරට රන් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් කියූ සැනින් මතකයට නැගෙනුයේ කොළඹ කොටුවේ හෙට්ටිවීදියයි. මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදනවල වෙළෙඳපොළ පවතින්නේ කොයි ආකාරයෙන් ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී රන් භාණ්ඩ ව්‍යාපාරිකයකුවන පී.මුරුගප්පා මහතා දැක්වූයේ මෙවන් අදහසකි.
මේ දිනවල බිස්නස් කොහොමද?
රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්‍තරන්වලට තිබූ ඉල්ලුම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලුවාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා වෙළෙඳාමේ වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා තියෙන්නේ.
බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?
අද වෙද්දී රත්තරන් පවුමක් රුපියල් ලක්ෂ 02ක් වෙනවා. රන් භාණ්ඩයේ සෑදුම් කුලියත් එක්ක කැරට් 24 රත්තරන් පවුමක් රුපියල් 221,000ක් ද, කැරට් 22 රත්තරන් පවුමක් රුපියල් 203,000 ක් මිල ගණන් යටතේ තමයි යන්නේ. පාරිභෝගිකයන් මේ වෙද්දී මංගල දිනය, විශේෂිත අවස්ථා සඳහා පමණයි රන් භාණ්ඩ මිලදී ගන්නේ. උත්සව සමය කියලා රන් භාණ්ඩවලට වෙළෙඳපොළක් නැත්තේ රන් මිලේ වැඩිවීමත්, පාරිභෝගිකයන්ට ඒවා මිලදී ගැනීමට හැකි ආර්ථික මට්ටමක් නැතිවීමත් නිසයි. ඒ වගේම අද වෙද්දී හෙට්ටිවීදියේ ව්‍යාපාරිකයන්ගේ බිස්නස් අඩු වුණාට නම් දැරූ රන් භාණ්ඩ අලෙවිසැල්වලට බිස්නස් තියෙනවා. පාරිභෝගිකයත් හොඳම රත්තරන් තියෙන්නේ එවැනි තැන්වල කියලා හිතන නිසා පාරිභෝගිකයෝ එවැනි තැනවලින් භාණ්ඩ මිලදී ගන්න යොමුවෙලා තියෙනවා. ඒකත් රන් භාණ්ඩ වෙෙළඳාම අඩුවෙන්න හේතුවෙලා තියෙනවා. මේ හේතු නිසා පසුගිය සමයේ වෙළෙඳ සාහයකයන් කිහිප දෙනකු හිටියත් අද වෙද්දී සහයකයන් දෙන්නෙක්, තුන්දෙනකුට සීමා වෙන්න සිදුවෙලා තියෙන්නේ.
මනීෂා වීරසිංහ
ඡායාරූප : ඉසුරු පෙරේරා
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රත්තරන් මිල වැඩියි බිස්නස් අඩුයි