(මුදිතා දයානන්ද)
සංචාරකයන් වැඩි වැඩියෙන් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිව රටවල් 48 ක සංචාරකයන්ට වීසා ගාස්තු රහිතව මෙරටට පැමිණීමේ අවස්ථාව ලබාදීමට තීරණය කර ඇති බව සංචාරක, වනජීවි හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා අද (28) පැවසීය.
ඔහු මේ බව පැවසුයේ කොල්ලූපිටිය, හෝටල් පාසලේදි පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
සංචාරකයින්ට වීසා ගාස්තු නිදහස් කළද වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීම අහෝසි කර නැති බවද ඒ ක‍්‍රමවේදය එලෙසින්ම සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.
මෙලෙස වීසා ගාස්තු රහිතව පැමිණිමට අවසර ලැබී ඇති රටවල් වන්නේ ඔස්ටි‍්‍රයාව, ඕස්ටේ‍්‍රලියාව, බෙල්ජියම, බල්ගේරියාව, කැනඩාව, කාම්බෝජය, චීනය, ක්‍රෝඒෂියාව, සයිප‍්‍රසය, ඩෙන්මාර්කය, එස්තෝනියා, ෆින්ලන්තය, ප‍්‍රංශය, ජර්මනිය, ගී‍්‍රිසිය, හංගේරියාව, ඉන්දියාව, ඉන්දුනීසියාව, අයිස්ලන්තය, අයර්ලන්තය, ඉතාලිය, ජපානය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, මැලේසියාව, නෙදර්ලන්තය, නවසීලන්තය, නෝර්වේ, පිලිපීනය, පෝලන්තය, පෘතුගාලය, රුමේනියාව, රුසියාව, සිංගප්පුරුව, දකුණු කොරියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, ස්විට්සර්ලන්තය, තායිලන්තය, යුක්රේනය, චෙක් ජනරජය, මෝල්ටාව, එක්සත් රාජධානිය හා ඇමෙරිකා එක්සත් ජනපදය වේ.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය හේතුවෙන් මැයි හා ජුනි මාස දෙක තුළ සංචාරකයින්ගේ පැමිණීම 37,000ක් දක්වා විශාල අඩුවක් සිදුවුද ඉතාමත් කෙටි කාලයක් තුළ රටේ ආරක්ෂාව පිළිබඳ විශ්වාසය ගොඩනගා සංචාරකයින් ගෙන්වා ගැනීමට හැකිවූ බවද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවසීය.
අද වන විට සංචාරකයින් 112,167ක් පැමිණ සිටින බවද තව 20,000ක් බෝරා සමුළුවත් සමග පැමිණීමට නියමිතව තිබෙන මේ වසර අවසන් වන විට ලක්ෂ 21ක් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බවද බවද අමාත්‍යවරයා පැවසීය. මේ තත්ත්වය ඇති කරගැනීමට හැකිවුයේ මෙරට පොලිසිය, හමුදාව ඇතුලූ ආරක්ෂක අංශ විසින් ත‍්‍රස්තවාදි කණ්ඩායම් අත්අඩංගුවට ගනිමින් මෙහෙයුම් කර රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් විදේශිකයන් තුළ විශ්වාසය ගොඩනැගීමට සමත් වූ නිසා බවද ඔහු පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෝරා සමුළුවේ ඉන්නේ ත්‍රස්තයින්නේ...
අනික් රටවල්වලින් එන සංචාරකයන් වියදම් කරන සල්ලි..., සල්ලි නොවෙයිද?
ඉන්දියාව? හෆොයි, ඉන්දුනීසියාවෙන් එන අය ගැන ඇහැගහන් ඉන්න වෙයි. එන්න දුන්නට කමක් නැහැ හැබැයි අාපහු යනවද කියලා හොයලා බලන්නත් නීතියක් ගේන්න. ඔයාලා වැඩ පටන් ගන්නවා විතරයිනේ. ඊට පස්සේ මෙතන අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගෙන කනවා කියන්න වෙන්නේ... අප්‍රේල් ප්‍රහාරයෙන් පස්සේ කීදෙනෙක් ඇල්ලුවද වීසා නැතුව ඉඳලා... ඕවා දිගටම කරන්න ඕනේ මේවගේ ඕනේ රටකින් එන්න දෙනවා නම් මිනිස්සුන්ට...
පහුවෙලා හරි සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් ගත්ත හොඳ පියවරක්..., කලාපයේ අනික් රටවල් වන තායිලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව මෙම ක්‍රමය අනුගමනය කරනවා. "මාළු අල්ලන්න ඕනේනම් ඇමක් ගහන්න ඕනේ " බටහිර යුරෝපයෙන් එන එන සංචාරකයන් යහමින් වියදම් කරනවා.
රජය මේවන තෙක් රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි පියවර ගෙන නොමැත. එම නිසා මෙය සංචාරකයන් රැවටීමකි.
මා මෙහි සිට 2016 වසරේ ඉන්ටර්නෙට් හරහා තිස් දිනකට වලංගු වීසා ඉල්ලුම්පතක් යවා, එවකට ක්‍රියාත්මකව තිබූ ශ්‍රී ලංකන් එයාලයින්ස් "නන් ස්ටොප්" ගමනකින් කොළඹට ගොඩබැස්සේ ඉතාම ඉක්මණට මගේ පවුලේ අය සමග ගුවන් තොටුපළේ සිට ගල්කිස්සට යාම සඳහායි. ඉන්ටර්නෙට් හරහා වීසා ඉල්ලුම් කළත් එයා ලබාගැනීම සඳහා (අපේ රටට හුරු පුරුදු) ආගමන විගමන "පෝලිමේ" සිටීමට මටත් සිදුවිය. මගේ පාස්පෝර්ට් එක පරිගණකයට එබූ නිලධාරියා මගේ නමින් එහි වීසා ඉල්ලුමක් නැතිබව පැවසුවා..! මා ප්‍රංශයේ සිට ඉල්ලුම් කළ ඉල්ලුම්පතේ පිටපතක් දුන්විට ඔහුගේ බොස්ගේ කාර්යාලයට ගොස් වීසා එක ලබාගන්නා ලෙස "අණ කරා." එහි ගොස් විස්තරය ඔහුට පැවසුවිට මගේ නමේ අන්තිම "A" අකුර පළමු නිලධාරියාගේ පරිගණකයේ නොතිබූ නිසා මේ හුටපටය ඇතිවූ බව ඔහු කිව්වා..! අන්තිමේදී විනාඩි 40ක රස්තියාදුවකින් පසුව ඩොලර් 75ක් ගෙවා වීසා එක ලබාගෙන ගුවන් තොටුපොලෙන් පිටවුණෙමි. අපට මෙවැනි ඇබැද්දි පුරුදු නමුත්, ජීවිතයේ එක්වරකට පමණක් හෝ අපේ රටට එන විදේශීය සංචාරකයින්ට නම් මේවා තිත්ත අත්දැකීම් වෙනවා නොඅනුමානයි..!!!