IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රජයේ සංවර්ධන සැලැස්මට ආයෝජන අවධානය

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ඊයේ දිනයේ දී තව දුරටත් වර්ධනයක් සනිටුහන් කළේය. රජය සංවර්ධන සැලසුම් ගණනාවක් ප්‍රකාශයට පත් කළ අතර ඒවායෙන් අපේක්ෂා කරන ආර්ථික තත්වය ගැන ආයෝජන අංශවලට බාලාපොරොත්තු හට ගැනෙමින් තිබේ. ජනාධිපතිවරයා බලයට පත්ව වසරක් ගතවන පසු ආර්ථිකය ස්ථාවරවීම හා ආර්ථික හා දේශපාලන කටයුතු සමබරකර ගැනීමට දරන උත්සාහය එහි දී සැලකිය හැකිය. 

මිල ගණන් සාමාන්‍ය මට්ටමේ පවතින සමාගම්වල කොටස් මිල දී ගැනීමට දේශීය සුළු ආයෝජක අංශ සැලකිල්ල යොමු කර තිබේ. විදේශ ආයෝජන අංශවල අවධානය ප්‍රමාණාත්මකව නැත. ඉසුරුමත් සමාගම්වල කොටස් හුවමාරුව සඳහා පවතින අඩු උනන්දුවට පසුබිම විදේශ සහභාගීත්වයේ සීමා සහිතබව බව නිරීක්ෂණය කළ හැකිය. ප්‍රාථමික කොටස් නිකුත් කිරීම් සඳහා අවස්ථා නොතිබීම තුළ අලුත් ධනය ඇතුළුවීම සීමා වී තිබේ. ණයකර හා වෙනත් ඡන්ද රහිත හා නිෂ්ඡන්ද ද්විතියික කොටස් හුවමාරු සඳහා හොඳ ඉල්ලුමක් තිබීම මෙහි දී සැලකිල්ලට ගත යුතුවේ.

ගනුදෙනු අවසන් වන විට (සැප්. 18) සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,965.26 ක් දක්වා ඉහළ ගියේය. එය කලින් දිනයට සාපේක්ෂව දර්ශක 189.84 ක වර්ධනයකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 5,973.00 ක් වශයෙන් විය. පෙර දිනයට සාපේක්ෂව දර්ශක 70.88 ක ඉහළ යාමක් සේ  වාර්තා වේ. දෛනික පිරිවැටුම රු. බිලියන 6.86 ක් ලෙස සඳහන්ය. වාර්තා වූ ගනුදෙනු ප්‍රමාණය 45,144 කි. හුවමාරු වූ කොටස් ප්‍රමාණය මිලියන 254.6 ක් විය. සමාගම් 173 ක කොටස් මිල ඉහළ ගියේය. කොටස් මිල පහත වැටුණ සමාගම් ගණන 76 කි. 

ෆස්ට් කැපිටල් ටෙෂර රු. මිලියන 294 ක්, ෆස්ට් කැපිටල් රු. මිලියන 256 ක්, ලංකා ක්‍රෙඩිට් රු. මිලියන 241 ක්, සියෙරා කේබල්  රු. මිලියන 229 ක්, කොමර්ෂල් බැංකුව රු. මිලියන 225 ක්, හේමාස් හෝල්ඩිං රු. මිලියන 174 ක්, ඒෂියා සිකායා රු. මිලියන 164 ක් ආදී වශයෙන් පිරිවැටුමට වැඩිම දායකත්වයක් දැක්විය. 

නිරීක්ෂක



අදහස් (0)

රජයේ සංවර්ධන සැලැස්මට ආයෝජන අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 14 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 595 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site