IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ: රාජ්‍ය - පෞද්ගලික හවුලකට රජයේ අවධානය

  • රජය ව්‍යාපාරයන්හි නිරතවී අනුමත කිරීම හෝ ප්‍රතික්ෂේප කිරීම රජය සිදු නොකරයි. 
  • රාජ්‍ය - පෞද්ගලික අංශ දෙකෙහිම ශක්තිය යොදාගෙන ආර්ථිකය වර්ධනය අරමුණයි 
  • ලාභලබන රාජ්‍ය ව්‍යවසාය රජය සතුව පවත්වාගෙන අසාර්ථක ව්‍යවසාය වෙත හවුල්කාරීත්වයන්ට පිවිසීමට සොයයි. 
  • ප්‍රජාවට ප්‍රතිලාභ හිමි වන රාජ්‍ය-පෞද්ගලික-ජනතා හවුල්කාරීත්වයක් පිළිබඳ අදහසක් 

භානුක අමරසිංහ 


රජය සතු ව්‍යවසායන් වෙත නව ඇරඹුමක් ලබාදීම සඳහා යල්පැන ගිය ක්‍රමවේද වෙනුවට වඩාත් සාර්ථක සහ නව රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමයක් ගෙන ඒමට කටයුතු කරන බව රජය පවසයි. 

ලංකා වාණිජ මණ්ඩලය විසින් පසුගියදා සංවිධානය කරන ලද ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2025 හි අවසන් සංවාදාත්මක අවස්ථාවේ දී අදහස් දක්වමින් වත්මන් මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මේ බව සඳහන් කර තිබේ. 

එහිදී අදහස් දක්වා ඇති අමාත්‍යවරයා, රජය ව්‍යාපාරයන්හි නිරත වීම සම්පූර්ණයෙන්ම අනුමත කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් තමන් සිදු නොකරන බව පවසා තිබේ. ඒ වෙනුවට රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකෙහිම ශක්තිමත් බව යොදා ගනිමින් ආර්ථිකයේ වර්ධනය වේගවත් කිරීමක් වෙත යොමු වන බව ඔහු සඳහන් කර තිබේ. 

විශේෂයෙන්ම දැනට රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරීත්වය වඩාත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන ලොව රාජ්‍යයන් සසඳමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වා තිබේ. ඒ අනුව රජය ව්‍යාපාර හා සම්බන්ධවීම පමණක් නොව එම රාජ්‍ය සතු ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂමව සහ පාලනයකින් යුතුව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතුව ඇතැයි පෙන්වා දී තිබේ. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා‍, අතිශය වැදගත් යටිතල පහසුකම් ව්‍යාපෘති ඇතුළු ලාභදායී නොවන හෝ පෞද්ගලික අංශය විසින් අත්හැර දමා ඇති සේවාවන් සැපයීම සම්බන්ධයෙන් රජයට මැදිහත්විය හැකි බව සඳහන් කර තිබේ. කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍ර වෙත පෞද්ගලික අංශයේ ආකර්ශනය ලැබෙද්දී රජය තවදුරටත් එහි තරගකරුවෙකු ලෙස කටයුතු කිරීම අවශ්‍ය නොවන බව ඔහු පෙන්වා දී තිබේ. 

“පෞද්ගලික අංශය උනන්දු නොවන සේවාවන් සැපයීම සඳහා වඩාත් හොඳ කළමනාකාරීත්වයකින් සහ අවධානයකින් යුක්තව ව්‍යාපාර පවත්වාගෙන යාමට රජය කටයුතු කළ යුතුයි. එහෙත් මෙම ක්ෂේත්‍ර පරිණත තත්වයට පත්වෙලා පෞද්ගලික අංශයත් ඊට කැමැත්ත දක්වන විට රජය සිය භූමිකාව අත්හැරිය යුතුයි.“ යනුවෙන් ඔහු පවසා ඇත. 

ආචාර්ය සූරියප්පෙරුම මහතා සඳහන් කරන ආකාරයට මෙවැනි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයක් මගින් රජය සතු ව්‍යවසායන්හි කාර්ය සාධනය සහ එහි ප්‍රමාණය වර්ධනය සඳහා හේතුවක් වනු ඇතැයි ද සඳහන් කරයි. 

මෙවැනි හවුල්කාරීත්වයන් මගින් රජය යම් කොටසක හිමිකාරීත්වය දරන ව්‍යවසායන් තුළ පෞද්ගලික ආයෝජකයන්ට සිය ප්‍රාග්ධනය සැපයීම සහ විශේෂඥතාව සැපයීමේ අවස්ථාව පවතින බවත් ඔහු පවසයි. ඒ අතරතුරදීම එම ව්‍යවසායන්හි කාර්යක්ෂමතාව සහ තරගකාරීත්වය ද වර්ධනය කළ හැකි බවත් ඔහු පෙන්වා දෙයි. 

මෙහි දී ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් දැනටමත් ලාභදායී ආකාරයෙන් ක්‍රියාත්මක වන බව පවසා ඇති ඔහු නමුත් ඒවාට තවත් හැකියාවන් පවතින බවත් සඳහන් කරයි. ඒ අනුව නව පෞද්ගලික ආයෝජන වෙත ආරාධනා කිරීම හරහා ලාභදායී බව සහ නව වෙළෙඳපොළ වෙත පිවිසීම යන කාරණා ඇතුළු නව අවස්ථාවන් උදා කරගැනීමේ හැකියාව පවතින බවත් ඔහු සඳහන් කරයි. 

“ඇතැම් රාජ්‍ය ව්‍යවසායන් ඉදිරියටත් රජයේ පාලනය යටතේ පවත්වාගෙන යාමට හැකියාව තිබෙනවා. නමුත් ඇතැම් ඒවාට පෞද්ගලික මැදිහත්වීමකින් ප්‍රතිලාභ ලබාගත හැකිය. මෙවැනි ආයතන වෙත ආර්ථිකයට වඩාත් බලපෑම් සහගත ලෙස දායකත්වය ලබා දිය හැකි ආකාරය පිළිබඳව අපි සොයා බලනවා. එහිදී නව ආයෝජන ආකර්ෂණය කර ගැනීමේ හැකියාව හෝ එම ව්‍යාපාර නව වෙළෙඳ පොළ වෙත පුළුල් කිරීමක් වෙතත් අවධානය යොමු කරනවා.“ නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ. 

කෙසේ වෙතත් මෙම කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ දී රජයේ අවශ්‍යතාවන් සහ වඩාත් පුළුල් ආර්ථික කාරණා වෙත සැලකිල්ල දක්වන බවත් ඔහු අවධාරණය කර තිබේ.



අදහස් (0)

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ: රාජ්‍ය - පෞද්ගලික හවුලකට රජයේ අවධානය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

දිගුකාලීන ආර්ථික වර්ධනයකට අඛණ්ඩව ප්‍රතිසංස්කරණ අවශ්‍යයි
2025 මැයි මස 06 62 0

කලාපීය ආර්ථිකය ශක්තිමත් ස්ථානයක සිට තවත් ඉදිරියට ගමන් කරමින් සිටියත් ඉදිරියේදී ඇතිවිය හැකි අවිනිශ්චිතා බොහෝයි වත්මන් තත්වය පිළිබඳව කලාපයට සෑහීමකට


ලංකාවේ ආයෝජනයට වියට්නාමයේ වින්ගෲප් සමූහයට ජනපතිගෙන් ඇරියුම්
2025 මැයි මස 06 119 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ වින්ගෲප් (Vingroup) සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වය හමුවී සාකච්ඡා පැවැත්වී


අප්‍රේල් මාසයේදී මහ බැංකුව ඩො.මි. 160 ක් මිලට අරන්
2025 මැයි මස 06 187 0

ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අප්‍රේල් මාසයේදී මෙරට මූල්‍ය වෙළෙඳපොළෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 160 ක ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇතැයි නවතම දත්ත වාර්තා පෙ


කොටස් ගනුදෙනු අද පැය තුනකට පමණයි
2025 මැයි මස 06 26 0

අද (06) දිනයේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණය හේතුවෙන් කොළඹ කොටස් හුවමාරුවේ ගනුදෙනු පැය තුනකට සීමා වන බව එම හුවමාරුව පවසයි. ඒ අනුව පෙරවරු 9.30ට ආරම්භ කෙරෙන


එමිරේට්ස් ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමග හවුල්කාරීත්වය දීර්ඝ කරයි
2025 මැයි මස 06 31 0

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය තවදුරටත් සංවර්ධනය කිරීම අරමුණු කරගනිමින් එමිරේට්ස් හා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය (SLTPB) ඔවුන්ගේ හවුල්කාරීත්ව


හේලීස් රු.බි. 7ක ණයකර නිකුතුවට අධිදායකත්වයක්
2025 මැයි මස 06 26 0

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත හේලීස් පීඑල්සී සමාගම රුපියල් බිලියන 7ක් රැස් කරගැනීම සඳහා සිදු කළ ණයකර නිකුතුවට අධි දායකත්වයක් හිමි වූ බව පවසයි. ඊයේ (05)


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1210 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 301 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1335 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site