IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියන 1.27 පනී

 

  • වසරේ ආදායම් ඉලක්කය වන ට්‍රිලියන 2.25න් අඩක් මාස හතකදී සම්පූර්ණ වෙයි 
  • අගෝස්තු මුල් දින 06ට රුපියල් බිලියන 44ක ආදායමක් 
  • රුපියල් බිලියන 450ක වාහන ආනයන ඉලක්කයෙන් බිලියන 280ක් රැස් කරගෙන 

භානුක අමරසිංහ 


ශ්‍රී ලංකා රේගුව මේ වසරේ ජනවාරි මාසයේ සිට අගෝස්තු 06 වැනිදා දක්වා රැස් කරගෙන ඇති ආදායම රුපියල් බිලියන 1,271 ක් (ට්‍රිලියන 1.27ක්) බව පවසයි. 

වසරේ මෙතෙක් වැඩිම රේගු ආදායම ලෙස පසුගිය ජුලි මාසයේදී රැස් කරගත් රුපියල් බිලියන 231ත් සමගින් මෙම ආදායම් ඉහළ ගොස් ඇත. එසේම අගෝස්තු මාසයේ පළමු දින 06 තුළදී පමණක් රුපියල් බිලියන 44ක ආදායමක් රැස් කිරීමටද ශ්‍රී ලංකා රේගුව සමත්ව තිබේ. 

නවතම දත්ත අනුව රේගුව මේ වසරේ ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා හිමි කරගත් ආදායම් පිළිවෙළින් රු.බි. 142ක්, රු.බි. 126ක්, රු.බි. 147ක්, රු.බි. 197ක්, රු.බි. 181ක්, රු.බි. 200ක් සහ රු.බි. 231ක් ලෙස සටහන්ව තිබේ. 

ශ්‍රී ලංකා රේගුව මෙම වසර මුලදී සිදුකළ ඇස්තමේන්තුව අනුව වසර තුළදී රුපියල් බිලියන 2,115ක ආදායමක් රැස් කිරීම අපේක්ෂාව වී තිබේ. එසේම රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් මහතා අප්‍රේල් මාසයේදී මාධ්‍ය වෙත සඳහන් කළ ආකාරයට රේගුවේ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,250 කි. 

ඒ අනුව ජනවාරි සිට අගෝස්තු 06 දක්වා කාලය තුළදී එම ඉලක්කයෙන් අඩක් සම්පූර්ණ කිරීමට ශ්‍රී ලංකා රේගුව සමත්ව සිටියි. 

විශේෂයෙන්ම පෙබරවාරි මාසයේ සිට මෝටර් රථ ආනයන සීමා ලිහිල් කිරීමත් සමගින්ම ගත වූ මාස පහ තුළදී රේගු ආදායමේ කැපී පෙනෙන ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ ශ්‍රී ලංකා රේගුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා, “පසුගිය මාසය අවසන් වනවිට ලැබුණු ආදායමෙන් රුපියල් බිලියන 280ක් ලැබී තිබෙන්නේ වාහන ආනයනය හරහා. මේ වසරේදී වාහන ආනයනය හරහා රුපියල් බිලියන 450ක ආදායම් ඉලක්කයක් ඇස්තමේන්තු කර තිබෙනවා.” යනුවෙන් පවසා සිටියේය. 

මේ අතර 2024 වසරේදී ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 1,533 ක වාර්තා ගත ආදායමක් රැස් කර ගැනීමට සමත් වූ අතර 2023 දී එම ආදායම රුපියල් බිලියන 975ක් විය. 



අදහස් (0)

රේගුවේ ආදායම රුපියල් ට්‍රිලියන 1.27 පනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 569 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 282 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site