• LSR සමූහයට අයත් හෝටලයක්
  • ලෝකයේ හෝටල් අතර තම කාණ්ඩයේ ඉහළම සියයට 10 අතරට එක්වෙයි

ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ වැදගත්ම තැනක  පිහිටි සොබාදහමේ සුන්දරත්වයෙන් වටවූ, LSR  සමූහය සතු සහ කළමනාකරණය කරන ප්‍රමුඛතම නිසංසල  නවාතැනක් වන රංගිරි දඹුල්ල රිසෝට් හෝටලය, අඛණ්ඩව තෙවැනි වරටත් ගෝලීය වශයෙන් අතිශය ගෞරවාන්විත  TripAdvisor Travellers’ Choice Award – 2026 සම්මානයෙන් පිදුම් ලැබීමට සමත්ව ඇත. මෙම ජාත්‍යන්තර ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ සංස්කෘතික ත්‍රිකෝණයේ ප්‍රමුඛතම පරිසර හිතකාමී සංචාරක ගමනාන්තයක් ලෙස එම හෝටලය තවදුරටත් තහවුරු කරයි.

TripAdvisor  විසින් ප්‍රදානය කරන මෙම ජාත්‍යන්තර සම්මානයෙන්, රංගිරි දඹුල්ල රිසෝට් හෝටලය ලෝකයේ හෝටල් අතර ඉහළම සියයට 10 අතර ස්ථානයක් හිමිකරගෙන ඇත. ඊට අමතරව TripAdvisor  විසින් දඹුල්ලේ පිහිටා  ඇති අදාළ කාණ්ඩයේ හෝටල් 98 න් පළමු ස්ථානයට රංගිරි දඹුල්ල රිසෝට් හෝටලය තෝරා ගෙන ඇත.

මෙම සම්මානය ප්‍රදානය කරනු ලබන්නේ පසුගිය වසර පුරා ලොව පුරා සංචාරකයන් විසින් TripAdvisor  වේදිකාවට ඉදිරිපත් කළ සත්‍ය, ස්වාධීන සහ ඉහළ ශ්‍රේණිගත සමාලෝචන සහ ඇගයීම් මත පමණක් පදනම්වය. එය, රංගිරි දඹුල්ල රිසෝට් හෝටලය  විසින් අඛණ්ඩව ලබාදෙන උසස් සේවා තත්වය, අසමසම ආගන්තුක සත්කාරය, සුවපහසු පහසුකම්, ආහාරපාන විශිෂ්ටත්වය, තිරසාර කළමනාකරණ ක්‍රමවේද සහ අව්‍යාජ ශ්‍රී ලාංකීය ආගන්තුක සත්කාරය පිළිබඳ ජාත්‍යන්තර සංචාරකයන් විසින් පළ කර ඇති ඉහළ ප්‍රශංසාව පිළිබිඹු කරයි.

ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයට ආසන්නව, UNESCO ලෝක උරුමයක් වන රංගිරි දඹුල්ල රජ මහා විහාරයට ආසන්නව පිහිටි මෙම නිකේතනය, “Vegetation – Relaxation – Meditation” යන සුවිශේෂී තේමාව යටතේ සංචාරකයන්ගේ හදවත් දිනාගෙන ඇත. අක්කර 13ක පමණ තිරසාර ලෙස සංවර්ධනය කළ භූමි ප්‍රදේශයකින් සමන්විත මෙම නිකේතනයේ Luxury Chalets, Luxury Swiss Cottage Tents සහ Luxury Villas මගින් අමුත්තන්ට සොබාදහම සමග සෘජු සම්බන්ධතාවක් සහිත අත්දැකීමක් ලබාදෙයි.

TripAdvisor  වෙබ් අඩවියේ නවතම සංචාරක ප්‍රතිචාර අනුව, මෙම නිකේතනයේ නිසංසල පරිසරය, මිත්‍රශීලී හා අවධානයෙන් යුත් කාර්ය මණ්ඩලය සහ ස්වාභාවික පරිසරය සමග ඇති සබැඳියාව පිළිබඳව සංචාරකයන් විසින් විශේෂයෙන් ප්‍රශංසා කර ඇත. නගර ජීවිතයේ කාර්යබහුලත්වයෙන් සහ ශබ්දයෙන් මිදී නිස්කලංක විවේකයක් සොයන සංචාරකයන් සඳහා රංගිරි දඹුල්ල රිසෝට් අද්විතීය හරිත සහ සුඛෝපභෝගී අත්දැකීමක් ලබාදෙයි. මෙම නිකේතනයේ විශේෂත්වය වන්නේ එහි ස්වාභාවික පරිසරය සමග ඇති සමගාමී සංවර්ධනයයි. විශාල ඔසු උයනක්, කාබනික එළවළු ගොවිපොළක්, භාවනා මධ්‍යස්ථානයක් සහ ඖෂධීය ශාක වර්ග 350කට අධික සංඛ්‍යාවකින් සමන්විත උද්‍යානයක් මෙයට ඇතුළත් වේ.

TripAdvisor Travellers’ Choice Award සම්මානය ලෝකයේ සංචාරක සහ ආගන්තුක සත්කාර කර්මාන්තයේ ඉහළම ගෞරව අතරින් එකක් ලෙස සැලකේ. එය සම්පූර්ණයෙන්ම සංචාරකයන්ගේ සත්‍ය අත්දැකීම්, ‌ශ්‍රේණිගත කිරීම් සහ සමාලෝචන මත පදනම් වීම එහි විශේෂත්වයයි. මෙම සම්මානය රංගිරි දඹුල්ල රිසෝට් වෙත හිමිවීම, ලොව පුරා සංචාරකයන් විසින් එහි සේවා ගුණාත්මකභාවය, වෘත්තීයභාවය, තිරසාර ක්‍රියාමාර්ග සහ අමතක නොවන අත්දැකීම් පිළිබඳව දක්වන ලද ඉහළ ඇගයීම් තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය LSR සමූහයට මෙන්ම ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක කර්මාන්තයටද විශාල ශක්තියක් ලබාදෙයි. සංචාරක කර්මාන්තය දියුණු මගක ගමන් කරමින් සිටින මෙම අවස්ථාවේදී, TripAdvisor Travellers’ Choice Award – 2026 සම්මානය ශ්‍රී ලංකාවේ පරිසර හිතකාමී සහ අත්දැකීම් මත පදනම් වූ නවාතැන් සේවා ජාත්‍යන්තර සංචාරකයන්ගේ ප්‍රමුඛ තේරීමක් බව නැවතත් තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය රටේ ආර්ථිකයේ ඉතා වැදගත් ස්ථානයක් උසුලන මෙම අවස්ථාවේදී, LSR සමූහය වැනි බහුවිධ සේවා සපයන සංවිධානවල සාර්ථකත්වය සහ රංගිරි දඹුල්ල රිසෝට් හි සම්මානලාභී විශිෂ්ටත්වය, ශ්‍රී ලංකාව ලොව ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස තවදුරටත් තහවුරු කරයි.