(හර්ෂණ තුෂාර සිල්වා)
ශ්‍රී ලංකාව තුළ වැඩසටහන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා දළ වශයෙන් රුපියල් බිලියන 7කට ආසන්න මුදලක් (යුරෝ මිලියන 42ක්) ලබාදීමට යුරෝපා සංගමය අනුමැතිය දී තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීම සඳහා රුපියල් බිලියන පහකට ආසන්න මුදලක් (යුරෝ මිලියන 30ක්) සහ මෙරට සංහිඳියා ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා රුපියල් බිලියන 2කට ආසන්න මුදලක් (යුරෝ මිලියන 12) ලබාදෙන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ ශ්‍රී ලංකා හා මාලදිවයිනේ තානාපති තුං ලායි මග් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග යන මහත්වරුන් ඒ සඳහා වන ගිවිසුමට අත්සන් තබා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආයේ දේශපාලකයින්ට රට ගසාගෙන කන්න වරමක් ලැබිලා !!!
මේ සැරේ නම් අපිව හොඳ ගානකට විකුණලා. හොඳයි හොඳයි.
ඕකෙන් කෝටි 500ක වත් කාර් ගේනවා බොරුනම් බලන්න.
අපේ ලොක්කන්ට ඕක ගන්න යන්නේ තප්පර ගාණයි. ඇත්තටම යුරෝපයේ අයට මොකද වෙලා තියෙන්නේ අපේ රටේ මෙහෙම අයට නිකං සල්ලි දෙන්න?
අනුන් මත යැපෙන රටක් වෙලා. තනියම කිසිම දෙයක් කරගන්න එයාල ගත් ණය අපි ගෙවනවා කියා කියා මෙයලත් ඒකම කරනවා