මත්ස්‍ය අපනයනයෙන් මේ වසරේ පළමු මාස 5ක කාලය තුළ ලද ආදායම රුපියල් මිලියන 11,088ක් යැයි ද එය 2015ට වසරට වඩා සියයට 6.4ක වැඩිවීමක් යැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.
යුරෝපා සංගමය මෙරටට පනවා තිබූ මත්ස්‍ය තහනම ඉවත් කිරීමෙන් පසු ජූනි 21 වැනිදා සිට අගෝස්තු මස 14 දක්වා කාලය තුළ ද මසුන් ටොන් 600ක් යුරෝපා රටවලට අපනයනය කර ඇතැයි ද ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.
මෙම වසරේ ජනවාරි මස සිට අගොස්තු මාසය දක්වා කාලය තුළ යුරෝපා සංගමය අයත් රටවලට මෙන්ම සෙසු රටවලට ද මත්ස්‍ය ටොන් 7490ක් අපනයනය කරන ලදැයි ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුරෝපයට අපේ රටෙන් විතරද මාළු යන්නේ.(හේ)
ඉන්දියන් සාගරයෙන් අල්ලාගන්න මාළු රසයෙන් ඉහලයි. වැඩි ඉල්ලුමට හේතුව එ්ක වෙන්න ඇති (නි)
පොඩ්ඩක් ගූගල් එකට ගිහින් බලන්න අපිට සැහීමකට පත් වෙන්න පුලුවන්ද කියලා .(හේ)
පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න අපිට සැහීමකට පත් වෙන්න පුළුවන්ද කියල (බ)
පොඩ්ඩක් මේ ලින්ක් එකට ගිහින් බලන්න අපිට සෑහීමකට පත්වෙන්න පුලුවන්ද කියලා. http://worldknowing.com/top-10-largest-fish-producing-country-in-the-world/ (නි)
ගොඩක් සතුටුයි.(හේ)
ඒ වුනාට ලංකාවේ මාළු වෙළඳ පොළේ අඩුවක් දකින්න නෑනේ.(හේ)
අපේ මාළු වලට යුරෝපයේ හොඳ ඉල්ලුමක් තියෙනවා.(හේ)
ඉදිරියේදී තව වෙනසක් සිදු වේවී.(හේ)
කවුරු මොනවා කිව්වත් මේක තමයි ඇත්ත.(හේ)
හොදයි ඉතින්.(හේ)
ඩොලරය සහ රුපියල අතර වෙනස නොසලකා හරිය විට මෙය සත්‍යයකි, නමුත් ඩොලර් වලින් කතා කල විට අපනයන අඩුවී ඇත. (ම)
වෙනසක් බලාපොරොත්තුවෙන් තමයි අපි හිටියේ.(හේ)
ඉදිරියේදී වෙන දේ බලමුකෝ.(හේ)
මෙච්චර මාළු තොගයක් රට යැව්වද?(හේ)
අනේ ඇත්තද?(හේ)
අපි මාළු කාලා හමාරයි.(හේ)
ඇයි එතකොට අපේ මාළු වෙළඳ පොළේ අඩුවීමත් දක්නට නැත්තේ.(හේ)
අපේ රටේ මාළු ඒ වුනාට අපිට ගිනි ගණන්.(හේ)
මාළු මාළු ලාබයි මාළු.(හේ)
ඔබ හරි. මේ කාලය ඇතුලත ලංකාවට ආනයනය කල මත්ස්‍ය ප්‍රමාණය සඳහා ගිය වියදම වැඩිවෙලා නේද ? ඒ ගැන සැලකු විට ලොකු වර්ධනයක් නෑ නේද ? (රේ)