ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන ‘ෆෙඩරල් රිසව්’ බැංකුව සහ අනෙකුත් රටවල් රැසක මහ බැංකු පොළී අනුපාත කපා හැරීමට අද (16) පියවර ගත්තේය.
ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයට එරෙහිව කෙරෙන සටනේදී ආර්ථික කටයුතුවලට සහාය දැක්වීමේ අරමුණින් ඇමෙරිකා මහ බැංකුව සහ අනෙකුත් ගෝලීය බැංකු එම පියවර ගෙන තිබේ.
කෝවිඩ්-19 යනුවෙන් නම්කර තිබෙන නව කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා වෙළෙඳපොළ කඩා වැටී ඇති අතර ලෝක ආර්ථිකයේ විශාල කොටසක් අඩපණ වී ඇත.
යුරෝපීය මහ බැංකුව, ජපාන මහ බැංකුව ආදී ලොව මහ බැංකු රැසක් ඒකාබද්ධව මෙම පියවරගෙන ඇති අතර මීට දශකයකට පෙර ඇති වූ ලෝක මූල්‍ය අර්බුදය ඇති වූ අවස්ථාවේදී ද මහ බැංකුමේ ආකාරයේ ඒකාබද්ධ පියවර ගත්හ.
නව කොරෝනා වයිරසය නිසා ආයෝජකයන් ද අර්බුදකාරී හා අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති අතර මේ හේතුවෙන් කොටස් හා බැඳුම්කර වෙළෙඳපොළවල ද දැඩි පසුබෑමක් දක්නට ලැබේ.
පොළී අනුපාත අඩු කිරීමට මුලින්ම පියවර ගනු ලැබුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ මහ බැංකුව වන අතර ප්‍රධාන පොළී අනුපාත බිංදුවක් දක්වා අඩු කිරීමට එම බැංකුව පියවර ගත්තේය.
නවසීලන්ත මහ බැංකුව ද වාර්තා ගත ලෙස පොළී අනුපාත අඩු කිරීමට පියවර ගත් අතර මේ සතියේ වෙළෙඳපොළ කටයුතු සඳහා ආසියාවේ වෙළෙඳපොළ කටයුතුඑ ආරම්භ කළේය. කෙසේ නමුත් රජයේ, බැංකු සහ වෙළෙඳපොළ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම නිසා කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු නොවිණි.
ඔස්ට්‍රේලියාවේ මහ බැංකුව එරට ආර්ථිකයේ ද්‍රවශීලතාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට බ්‍රහස්පතින්දා තවත් ප්‍රතිපත්ති ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළේය.
මීට අමතරව චීන මහ බැංකුව සහ තවත් බැංකු රැසක් මේ ආකාරයේ පියවර ගෙන ඇත.
මේ අතර මේ වසර ආරම්භයේදී ඇමෙරිකානු ඩොලර් 71.75ක් ලෙස දැක්වුණු බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඇමෙරිකානු ඩොලර් 30ක් දක්වා අඩු වී තිබේ.
රොයිටර්
055
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පෞද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
මෙම වසරේ පළමු කාර්තුවේදී ශ්‍රී ලංකා රජය සැලකිය යුතු අයවැය හිඟයක් වාර්තා කර තිබෙන බවත් එම හිඟය රුපියල් බිලියන 489 ක් බවත් මුදල් අමාත්‍යංශය පසුගියදා නිකුත
සමෘද්ධි ප්‍රජාමූල බැංකු හා සමෘද්ධි ප්‍රජා මුල බැංකු සමිති රජයේ විගණනයට යටත් කිරීමේ සංශෝධන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
මන්නාරම් ද්‍රෝණියේ ගවේෂණ බිම් කොටස් හතරක ඛනිජතෙල් හා ස්වාභාවික වායු ගවේෂණය සහ නිෂ්පාදනය සඳහා ආයෝජන යෝජනා කැඳවීම සහ අලෙවිකරණ උපදේශකයකුගේ සේවය ලබා ගැන
විනිමය පත්‍ර ආඥාපනත සඳහා වූ සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහබැංකු පොළී අනුපාත කපා හරී