
නව ජාත්‍යන්තර නීතිය (HNS සම්මුතිය) 2027 සිට ක්‍රියාත්මක වීමට සැරසේ
අනතුරුදායක හා හානිකර ද්‍රව්‍ය (HNS) ප්‍රවාහනය කරන නෞකා සම්බන්ධයෙන් මුහුදේ සිදුවන අනතුරු සඳහා ගෙවිය හැකි වන්දි මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 360කට සීමා කරන නව ජාත්‍යන්තර නීති රාමුවක් 2027 නොවැම්බර් 30 වැනිදා සිට ක්‍රියාත්මක වීමට ඇති ඉඩප්‍රස්ථාව ඉහළ ගොස් තිබේ.
මෑතකදී බෙල්ජියම, ජර්මනිය, නෙදර්ලන්ත රාජධානිය සහ ස්වීඩනය අදාළ අනුමැතිය ලබා දීමෙන් අනතුරුව, 2010 HNS සම්මුතිය බලාත්මක වීමට අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගය වේගයෙන් ගොඩනැගෙමින් තිබෙන බව ජාත්‍යන්තර නාවික සංවිධානය (IMO) නිකුත් කළ නවතම වාර්තාවක් සඳහන් කරයි. HNS සම්මුතිය සම්මත වීමත් සමග අනතුරුදායක හා හානිකර ද්‍රව්‍ය සම්බන්ධ මුහුදු ආපදා සඳහා ආසන්න වශයෙන් ඩොලර් මිලියන 360 ක වන්දි මුදලක් සීමා කරන ගෝලීය නව වගකීම් හා වන්දි ක්‍රමවේදයක් 2027 නොවැම්බර් 30 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
2010 HNS සම්මුතියේ ප්‍රධාන මූලධර්මය වන්නේ “දූෂකයා ගෙවිය යුතුය” යන සංකල්පයයි. ඒ අනුව HNS භාණ්ඩ ප්‍රවාහනය කරන නෞකා හිමියන් අනතුරක් සිදු වූ අවස්ථාවේ මූලික නීතිමය වගකීම දරන අතර, ඔවුන් සඳහා අනිවාර්ය රක්ෂණ ආවරණයක් සහ රාජ්‍ය අනුමත රක්ෂණ සහතිකයක්ද තිබිය යුතු වේ.
සම්මුතියට අනුව එක් අනතුරක් සඳහා ගෙවිය හැකි උපරිම වන්දි මුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) විශේෂ හැරගැනීම් අයිතිවාසිකම් ඒකක මිලියන 250ක් (Special Drawing Rights – SDR) වන අතර, එය වත්මන් විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන 360කට ආසන්න වේ. නෞකා හිමියාගේ වගකීම් සීමාව අවසන් වූ පසු අමතර වන්දි ගෙවීමHNS අරමුදල මගින් සිදු කෙරේ. එම අරමුදල සඳහා මුදල් සපයනු ලබන්නේ HNS ද්‍රව්‍ය භාරගන්නා ආනයනකරුවන් සහ එම ද්‍රව්‍ය ලබන්නන් විසිනි. ලෝකය පුරා නෞකා 65,000කට ආසන්න සංඛ්‍යාවක් මෙම නව රෙගුලාසි යටතට පැමිණෙනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.
කෙසේ වෙතත් නාවික ක්ෂේත්‍ර විශේෂඥයන් පෙන්වා දෙන්නේ මෙම නීති රාමුව ක්‍රියාත්මක කිරීමේදී විශාල අභියෝගයක් මතුවන්නේ කන්ටේනර් ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ බවයි.
තෙල් ටැංකි නෞකා මෙන් නොව, කන්ටේනර් නෞකා එක් ගමනකදී, ද්‍රව්‍ය හිමිකරුවන්, ප්‍රවාහන සමාගම්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්, එක් රැස් කරන්නන් සහ ලොජිස්ටික්ස් මෙහෙයවන්නන් දහස් ගණනක් සමග සම්බන්ධ වීමේ අවකාශය ඇත. එම නිසා අනතුරක් සිදු වූ විට වගකීම ආරම්භ වන්නේ කාගෙන්ද, අවසන් වන්නේ කොතැනින්ද යන්න තීරණය කිරීම ඉතා සංකීර්ණ කාර්යයක් බවට පත්වේ.
උදාහරණයක් ලෙස එක් කන්ටේනරයක් එක් රටක බා, වෙනත් රටක ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් හරහා ගොස් අවසානයේ තවත් රටක ගොඩබිම් ප්‍රවාහනයකට යොමු විය හැකිය. එවැනි අවස්ථාවක “අනතුරුදායක භාණ්ඩ භාරගත් පාර්ශවය” ලෙස නීතිමය වගකීම භාරගන්නේ කවුරුන්ද යන්න පිළිබඳව රටවල් අතරත්, වන්දි ඉල්ලා සිටින පාර්ශව සහ වන්දි ගෙවිය යුතු පාර්ශව අතරත් වෙනස් අර්ථකථන ඇතිවිය හැකි බව විශේෂඥයෝ පෙන්වා දෙති.
විශේෂයෙන්ම භයානක ද්‍රව්‍ය නිවැරැදිව ප්‍රකාශ නොකිරීම සහ සැපයුම් දාමය තුළ වගකීම් පැහැදිලි නොවීම හේතුවෙන් අනාගතයේදී නෞකා සමාගම් පමණක් නොව නිෂ්පාදකයන්, භාණ්ඩ යවන්නන් සහ Logistics Chain එකේ සම්බන්ධ පාර්ශව රැසක් නීතිමය වගකීම් යටතට පැමිණිය හැකි බවද ඔවුහු අනතුරු අඟවති.
නව HNS සම්මුතිය, තෙල් ප්‍රවාහනය, නෞකා ඉන්ධන දූෂණය, අනතුරුදායක නෞකා සුන්බුන් ඉවත් කිරීම සහ මගීන්ට සිදුවන හානි සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර වන්දි නීති රාමුවලට අතිරේක ආරක්ෂාවක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd