IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මහජන බැංකුවට 2025 පළමු කාර්තුවේදී රු.බි. 17.7ක ඒකාබද්ධ බදු පෙර ලාබයක්

මෙම කාර්තුව තුළ පමණක් ඒකාබද්ධ දළ ආදායම රුපියල් බිලියන 100ක් ඉක්මවලා
සමූහය සඳහා මෙතෙක් වාර්තා කළ ඉහළම ලාබය (කාර්තුවක් සඳහා) වන රුපියල් බිලියන 11.0ක බදු පසු ලාබයක් 
2025 මාර්තු 31 වන විට මුළු ඒකාබද්ධ වත්කම්, තැන්පතු සහ ශුද්ධ ණය පිළිවෙළින් රුපියල් ට්‍රිලියන 3.6ක්, රුපියල් ට්‍රිලියන 3.1ක් සහ රුපියල් ට්‍රිලියන 1.7ක්
ආයතනය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය තවදුරටත් පවත්වා ගනිමින් ද්‍රවශීලතා ආවරණය සියලුම මුදල් ඒකක සහ රුපියල් සඳහා පිළිවෙළින් සියයට 282.9 සහ සියයට 340.3කට වඩා ඉහළ අගයක් 


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වන මහජන බැංකුව, 2025 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා සිය මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ අතර, ඒ අනුව පිළිවෙළින් සියයට 120.8ක සහ සියයට 347.2ක වර්ධනයක් පිළිබිඹු කරමින්, රුපියල් බිලියන 45.1ක සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් ආදායමක් සහ රුපියල් බිලියන 11.0ක බදු පසු ලාබයක් වාර්තා කිරීමට සමත් විය.
2024 පළමු කාර්තුව තුළ උපයන ලද රුපියල් බිලියන 16.1 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී ආදායමට සාපේක්ෂව 2025 වසරේ පළමු කාර්තුව තුළදී එම අගය රුපියල් බිලියන 38-6 දක්වා ඉහළ ගිය අතර, එමගින් වෙනස්වන වෙළෙඳපොළ පොලී අනුපාතවලට අනුකූලව වත්කම් සහ වගකීම්වල කාලානුරූපී මිල ගණන් පිළිබිඹු කරයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, 2024 වර්ෂයේදී සියයට 2 ක් වූ ඒකාබද්ධ ශුද්ධ පොලී සීමාව 2025 වසරේදී සියයට 4.3 දක්වා වර්ධනය විය. තවද සමූහය මෙතෙක් වාර්තා කළ ඉහළම අගය වාර්තා කරමින් 2025 වර්ෂයේ අදාළ කාර්තුව සඳහා ඒකාබද්ධ ශුද්ධ ගාස්තු සහ කොමිස් මුදල රුපියල් බිලියන 4.5 ක් වූ අතර එය සියයට 20.6 ක වර්ධනයකි. එමෙන්ම සමස්ත ඒකාබද්ධ මෙහෙයුම් වියදම රුපියල් බිලියන 19.9ක් (2024: රුපියල් බිලියන 17.6) විය.
සමස්ත ඒකාබද්ධ ගනුදෙනුකාර තැන්පතු ලෙස රුපියල් බිලියන 3,106.5 ක් (2024 අවසානයේ: රුපියල් බිලියන 2,947.9) උපයා ගැනීමට සමත් වූ අතර, ශුද්ධ ණය රුපියල් බිලියන 1,689.4 (2024 අවසානයේ: රුපියල් බිලියන 1,665) කි. මුළු ඒකාබද්ධ වත්කම් රුපියල් බිලියන 3,648.7 දක්වා වර්ධනය විය (2024 අවසානයේ: රුපියල් බිලියන 3,471.7).
2025 මාර්තු 31 වැනි දිනට බැංකුවේ ස්ථර 1 සහ මුළු ප්‍රාග්ධන ප්‍රමාණාත්මතා අනුපාත පිළිවෙළින් සියයට 11.0 ක් සහ සියයට 16.5 ක් වූ අතර (2024 අවසානයේ: 10.9% සහ 16.5%), ඒකාබද්ධ පදනම මත එය සියයට 12.2 සහ සියයට 17.0 විය. (2024 අවසානයේ: 12.6% සහ 17.7%). තවදුරටත් පැහැදිලි කළොත් ඉහත සඳහන් කළ අගයන්, 2024 වසර සඳහා වූ සියලුම විචක්ෂණශීලී වෙන්කිරීම් සලකා බැලීමෙන් අනතුරුව වන අතර, ඒ විශේෂයෙන්ම ස්වෛරී පිටුබලය සහිත රාජ්‍ය ව්‍යවසාය සඳහා වූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් ඇතුළු සියලු විචක්ෂණශීලී අඩු කිරීම් ද සැලකිල්ලට ගැනීමෙන් පසුවය. මීට අමතරව, 2024 සිව්වන කාර්තුව තුළ සිදු කරන ලද රුපියල් බිලියන 13.5ක බාසල් III  අනුකූලතා මට්ටම් ස්ථර 2 යටතේ ණය නිකුත් කිරීම සමගින් බැංකුවේ වගකීම් දැරීමේ හැකියාව වර්ධනය කරන ලදී. 
මහජන බැංකු සමූහයේ ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා: “අපගේ පළමු කාර්තුව තුළ අත්පත් කරගත් ප්‍රතිඵල පිළිබඳ අපි ඉමහත් සතුටට පත් වෙමු. 2024 වසරේ දී විවිධ වූ අංශ හරහා අප අත්කරගත් අඛණ්ඩ ප්‍රගතිය සහ අප වර්ධනය කරගත් තිරසාර ගම්‍යතාව ඉන් මනාව පිළිබිඹු වේ. මූලික බැංකු ක්ෂේත්‍රය තුළ, පෙරදි පීඩනයට ලක්වූ ක්ෂේත්‍රවල ස්ථාවරත්වය සහ සාමාන්‍යකරණය අප අභ්‍යන්තරව ලබා ඇති සැලකිය යුතු ප්‍රගතිය අවධාරණය කරන්නෙමු. මෙම ආයතනික අභියෝග බොහොමයක් මේ වනවිට ඉතා සාර්ථකව හා ඵලදායී ලෙස විසඳා ඇති බැවින්, ශක්තිමත්, ස්වාධීන රාජ්‍ය ආයතනයක් ලෙස අපගේ ස්ථාවර සහ ශක්තිමත් ලාභදායිතාවේ ගමන් මග පවත්වා ගනිමින්, ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන රජයේ පුළුල් සැලසුමට අර්ථවත් ලෙස දායකත්වය ලබාදීමට අපි සූදානමින් සිටිමු.
නැවත ප්‍රකෘතිමත් තත්වයට පත්වෙමින් පවතින සාර්ව ආර්ථික පරිසරයක සංකීර්ණතා ඔස්සේ කටයුතු කරමින් උපායමාර්ගික පෙරමුණු කිහිපයකින් ඉදිරියට ගමන් කිරීම සඳහා වන අපගේ කැපවීම ඉන් පිළිඹිබු වෙයි. අති නවීන මූල්‍ය විසඳුම් ලබාදීමේදී අප ඉදිරියෙන් සිටින බව සහතික කිරීම සඳහා අපගේ ව්‍යාපාරයේ සියලු අංශ හරහා නවෝත්පාදන මෙහෙයවීම මෙහි පළමු උපායමාර්ගයයි. ආයතනය තුළ සහ බාහිර හවුල්කරුවන් සමඟ සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ එමගින් ගැටලු විසඳීම සඳහා වඩාත් ඒකාබද්ධ හා කඩිසර ප්‍රවේශයක් නිර්මාණය කිරීම දෙවැන්නයි. තෙවැන්න වන්නේ සමාජයේ සියලුම කොටස්වලට පුළුල් ලෙස ආර්ථික ක්‍රියාවලියට සහභාගීවීමට සහ එහි ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව හිමිවන පරිදි මූල්‍ය සමානාත්මතාව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි.
අවසාන වශයෙන්, ගනුදෙනුකාර සේවා, නවෝත්පාදන සහ ජාතික ආර්ථික සංවර්ධනය සඳහා වන දායකත්වයේ විශිෂ්ටත්වය සඳහා මිණුම් ලකුණක් තැබීම මෙන්ම මෙරට ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා බවට පත්වීම අපගේ දැක්මයි. අපගේ දිගුකාලීන ඉලක්ක කෙරෙහි අවධානය යොමු කිරීමෙන් මෙන්ම සෑම මට්ටමකින්ම ශක්තිමත් හවුල්කාරිත්ව වර්ධනය කිරීමෙන් අපගේ මෙම දැක්ම නොපමාව සාක්ෂාත් කරගත හැකි බවත්, රටේ සැමට වඩාත් සමාන සහ සමෘද්ධිමත් අනාගතයක් නිර්මාණය කිරීමට උපකාරී වන බවත් අපි විශ්වාස කරන්නෙමු.
මෙම ප්‍රතිඵල පිළිබඳව අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘පළමු කාර්තුවේ අප අත්පත් කරගත් මෙම ප්‍රතිඵල අපගේ ආයතනයේ ඉතිහාසයේ අදාළ කාර්තුව තුළ වාර්තා කළ ඉහළම කාර්ය සාධනයයි. එය අපගේ සාමූහික අධිෂ්ඨානය සහ බොහෝ අභියෝග හමුවේ වුවද අර්ථාන්විත ප්‍රගතියක් අත්කර ගැනීමට අපට ඇති හැකියාව පිළිබඳ මනා පිළිබිඹුවක් වේ. මෙය අප කණ්ඩායමේ අසාමාන්‍ය දරා ගැනීමේ හැකියාව, අනුවර්තනය වීමේ හැකියාව සහ ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේදී සියලු අංශ හරහා වර්ධනයක් අත්පත් කරගැනීම වෙනුවෙන් කරනු ලබන නොසැලෙන කැපවීම පිළිබඳ සාක්ෂියක් ද වේ.
මෙම සාර්ථකත්වය ඇති වූයේ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම, සවිඥානිකව සහ ඉතා කඩිනම්ව ගනුදෙනුකාර අත්දැකීම් ඉහළ නැංවීම සහ නවීන තාක්ෂණය වෙනුවෙන් ඉතා විචක්ෂණශීලීව උපායමාර්ගික ආයෝජන සිදු කිරීම කෙරෙහි අඛණ්ඩ අවධානය යොමු කිරීමෙනි. මෙම ස්ථරයන් අපගේ පදනම ශක්තිමත් කර තිබෙනවා පමණක් නොව, වෙනස්වන වෙෙළඳ​ෙපාළ තත්වයන්ට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට, අපගේ සේවා කාර්යක්ෂම කිරීමට සහ ඒ තුළින් අපගේ සියලුම කොටස්කරුවන්ට සුවිශේෂී වටිනාකමක් ලබාදීම වෙනුවෙන් අපව ස්ථානගත කර තිබේ.
මේ වසරේ ඉදිරි කාලය ගැන අවධානය යොමුකරන විට, අපි අපගේ උපායමාර්ගික ප්‍රමුඛතා ක්‍රියාත්මක කිරීම කෙරෙහි අපි ස්ථිරසාර අවධානය යොමු කරන්නෙමු. අභියෝග පැමිණීම වැළැක්විය නොහැකි අතර, නිශ්චිත අරමුණකින් සහ වඩාත් නිවැරදිව ඒවා හැසිරවීමට අපට ඇති හැකියාව පිළිබඳව දැඩි විශ්වාස කරමු. ඔරොත්තු දීමේ හැකියාව, නවෝත්පාදනය සහ දිගුකාලීන අරමුණු වෙනුවෙන් කරනු ලබන කැපවීම තුළින් අපි ඉදිරි ප්‍රගතිය කරා යොමුවන්නෙමු.

 



අදහස් (0)

මහජන බැංකුවට 2025 පළමු කාර්තුවේදී රු.බි. 17.7ක ඒකාබද්ධ බදු පෙර ලාබයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 631 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site