
මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන යන මහත්වරුන් සභාව අමතමින්.
ලෝක ක්ෂුද්‍ර-සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් මහජන බැංකුව සංවිධානය කළ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’ ප්‍රදර්ශනය ගම්පහ මහ නගර සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විණි.
මෙය විදුලි උපකරණ, හරිත නිෂ්පාදන, විදුලි බලයෙන් ක්‍රියාත්මක වන රථවාහන, නව ව්‍යාපාරික අදහස්, සූර්ය බලශක්ති පද්ධති, සැකසූ ආහාර පාන, කුළුබඩු හා ආශ්‍රිත නිෂ්පාදන, රෙදිපිළි, නිමිඇඳුම් හා පාවහන්, ඇතුළත් වෙළෙඳ කුටිවලින් සමන්විත විය. එමෙන්ම ව්‍යවසායකත්වය සම්බන්ධ දේශන හා සම්මන්ත්‍රණ, උපදේශන සේවා, විවිධ ණය යෝජනා ක්‍රම පිළිබඳ වැඩසටහන්, SME Credit Card හඳුන්වා දීම ඇතුළු වැඩසටහන් රැසකින් මෙය සමන්විත විය.
මෙහි සමාරම්භක අවස්ථාවට මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන යන මහත්වරුන් ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය, ගම්පහ නගරාධිපති එරික් ලක්ෂ්මන් එදිරිවික්‍රම, දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, බැංකු කාර්ය මණ්ඩලය සහ ව්‍යවසායකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.
මීට අමතරව, ලෝක ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර දිනය සමරමින් දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ගේ නිෂ්පාදන හා සේවා අලෙවි කිරීමේ අවස්ථාව සලසමින් මහජන බැංකුව ප්‍රාදේශික මට්ටමින් වෙළෙඳ ප්‍රදර්ශන සංවිධානය කිරීමට පියවර ගෙන ඇත.

මහජන බැංකුවේ SME Credit Card කාඩ්පත සහ සුළු හා මධ්‍ය පරිමාණ ණය මුදලක් පිරිනමමින්
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහජන බැංකුවේ ‘ව්‍යවසායකත්ව උදානය - 2025’