
නිවුන් දරුවන් බිහිකර සිටි මවකට කළමනාකරු රෝහිත සමන් කුමාර මහතා ත්‍යාග පාර්සලයක් පිරිනැමූ අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
වතුපිටිවල එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන
වතුපිටිවල මූලික රෝහලේ මාතෘ වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබන ගර්භණී මවුවරුන්ට සහ දරුවන් ප්‍රසූතකර සිටින මවුවරුන්ට මහජන බැංකුව නිදහස් දිනයදා ක්‍රියාත්මක කළ “නිදහසේ උපත” වැඩසටහන යටතේ ත්‍යාග පාර්සල් සහ මුදල් තිළිණපත් ප්‍රදානය කිරීමේ සත්කාරයක් නිදහස් දිනයදා සිදුකෙරිණි.
අලුත උපන් දරුවන්ගේ නම්වලින් මහජන බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුම් ආරම්භ කිරීම සඳහා සෑම මවකටම රුපියල් 2000ක් වටිනා තිළිණපතක් බැගින් මෙහිදී ප්‍රදානය කෙරිණි. සෑම මවකටම ත්‍යාග පාර්සලයක් බැගින් ද පිරිනැමූ අතර, මේ සඳහා නිට්ටඹුව, යක්කල, මීරිගම, කිරිඳිවැල, වේයන්ගොඩ, මරදගහමුල යන බැංකු ශාඛාවල සහ බැංකුවේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය කාර්යාලයේ කාර්ය මණ්ඩල මූල්‍ය දායකත්වය දක්වා ඇත. නිට්ටඹුව මහජන බැංකුවේ කළමනාකරු රෝහිත සමන් කුමාර මහතා ප්‍රමුඛ එහි කාර්ය මණ්ඩලය මෙම සත්කාරය සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාවට මහජන බැංකු ශාඛා කළමනාකරුවන් වන රෝහිත සමන් කුමාර (නිට්ටඹුව), එම්.ඒ.පී. නන්දන මල්ලවාරච්චි (මීරිගම), ශානාස් ජාෆීර් (යක්කල), ප්‍රාදේශීය කාර්යාලයේ නිලධාරීන් වන නිශාන්ත කරුණාරත්න, ලහිරු සේනාරත්න, ව්‍යාපාර ප්‍රවර්ධන නිලධාරී (නිට්ටඹුව) කසුන් මනෝජ් චතුරංග යන මහත්ම මහත්මීහුද, නිට්ටඹුව බැංකු කාර්ය මණ්ඩලයේ පිරිසක්ද සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
741
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
566
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන බැංකුවේ “නිදහසේ උපත” වැඩසටහනෙන් වතුපිටිවල මවුවරුන්ට තිළිණ