මහජන බැංකුව සිය 65 වැනි සංවත්සරය නිමිත්තෙන් ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම හඳුන්වා දි ඇත.
‘Legacy 65’ ආයෝජන සැලසුම, 2026 ජූලි 1 වන දින සිට සැප්තැම්බර් 3 වන දින දක්වා දින 65ක කාල සිමාවක් තුළ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා වාර්ෂිකව සියයට 6 ක ආකර්ෂණීය පොලී අනුපාතයක් පිරිනමනු ලැබේ. මෙහිදි රු. 25,000/-, රු. 50,000/-, රු. 100,000/, රු. 500,000/- සහ රු. 1,000,000/- යන වටිනාකම්වලින් යුත් ආයෝජන සැලසුම් හඳුන්වා දි තිබේ.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (පුද්ගල කේන්ද්‍රිය බැංකු කටයුතු) ඒ. යූ. ඒ. අන්සාර් මහතා මෙසේ පැවසීය. ‘පුරා හැටපස් වසරක් මුළුල්ලේ, ශ්‍රී ලාංකිකයන් මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වීම වෙනුවෙන් මහජන බැංකුව ඇප කැපවී කටයුතු කළා. ‘Legacy 65’ සංවත්සර ආයෝජන සැලසුම, ගනුදෙනුකරුවන් අප කෙරෙහි තබන නොසැලෙන විශ්වාසයට ඔවුන් වෙත පිදෙන උපහාරයක් වන අතර, දිගුකාලීන වටිනාකමක් ඇති ඵලදායි මූල්‍ය විසඳුම් ලබා දීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම මින් පිළිබිඹු වනවා. මෙම සුවිශේෂ සංවත්සර ආයෝජන සැලසුම සමග සම්බන්ධ වන මෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කරනවා.’
මහජන බැංකුව, ආරම්භයේ සිටම සාමාන්‍ය පොදු ජනතාව වෙත බැංකුකරණයට හුරුකිරීම, මූල්‍ය අන්තර්ගතකරණය සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනය උදෙසා පුරෝගාමි කාර්යභාරයක නිරත විය. දිවයිනේ සෑම ප්‍රදේශයකම සිටින ජනතාව වෙත සමීප වෙමින්, නව්‍ය ඩිජිටල් බැංකුකරණ විසඳුම් සහ ගනුදෙනුකාර කේන්ද්‍රීය මූල්‍ය සේවා පිරිනැමිමට මහජන බැංකුව අඛණ්ඩව පියවර ගනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd