- මෙම වසරේ පළමු මාස 8 දී බිලියන 1.23ක ඩොලර් මිලට අරන්
ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය අගෝස්තු මාසයේදී මෙරට වාණිජ බලපත්‍රලාභී බැංකුවලින් මිලියන 142.5ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන ඇති බවත් ඒ අනුව මෙම වසරේ පළමු මාස 8 තුළදී බිලියන 1.23 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගෙන ඇති බවත් නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.
පසුගිය වසරේ පළමු මාස 8 තුළදී ශ්‍රී ලංකා මහ බැංකුව බිලියන 2.02 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මිලදී ගෙන තිබිණි. ඒ අනුව පසුගිය වසරේ පළමු මාස 8 ට සාපේක්ෂව මෙම වසරේ පළමු මාස 8 තුළදී මහ බැංකුව මිලදී ගත් ඩොලර් ප්‍රමාණය මිලියන 781 කින් පහළ ගොස් ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබා දී ඇති ආධාර වැඩසටහන අනුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට එළැඹෙන දෙසැම්බර් මාසය දක්වා බිලියන 2.64 ක ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුව මිලදී ගත යුතුව තිබේ. එම ඉලක්කය සපුරාලීමට නම් ඉදිරි මාස 4 ක කාලයේදී මසකට මිලියන 250 ක පමණ ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව මිලදී ගත යුතුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd