මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට අත්වැලක් වෙමින් DIMO ඇග්‍රිබිස්නස් දිවයිනේ කෘෂිකාර්මික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් නොමිලේ සංවිධානය කරන ලද “DIMO කෙයා කෑම්ප්” ට්‍රැක්ටර් රථ සේවා කඳවුර පසුගියදා ට්‍රැක්ටර් රථ හිමියන් පිරිසක් ආකර්ෂණය කරගනිමින් සාර්ථකව අවසන් විය.
ඕනෑම කන්නයකට පෙර කෘෂි යන්ත්‍රෝපකරණ නිසි නඩත්තු සේවා සඳහා යොමු කිරීමෙන් කාර්යක්ෂමව වගා කටයුතු කිරීමේ හැකියාව ගොවි ප්‍රජාවට ලැබෙන අතර ඒ සඳහා ගොවි ජනතාවට සහයෝගය ලබා දීමේ අරමුණින් DIMO ආයතනයේ කෘෂි අංශය වන DIMO ඇග්‍රිබිස්නස් මෙම වැඩසටහන දියත් කරන ලදී. Mahindra සහ Swaraj ට්‍රැක්ටර් රථ මෙන්ම Claas වැනි ලොව සුපතල කෘෂි යන්ත්‍රෝපකරණ මෙරටට හඳුන්වා දෙමින්, එම යන්ත්‍රෝපකරණ සඳහා අලෙවියෙන් පසු සේවා ලබා දීමේ පළපුරුද්ද සහ නිපුණත්වයෙන් උසස් තත්ත්වයේ සේවාවක් මහ කන්නය සඳහා සූදානම් වන සියලුම ට්‍රැක්ටර් රථ හිමියන් සඳහා ලබාදීම “ DIMO කෙයා කෑම්ප්“ වැඩසටහනේ මූලික අරමුණයි. ඕනෑම ට්‍රැක්ටර් රථයක් නොමිලේ පරීක්ෂා කරගනිමින් සේවා ලබාගැනීමේ හැකියාව සහ අමතර කොටස් සඳහා විශේෂ වට්ටම් ලබාදීම මෙහි සුවිශේෂී අංගයක් ලෙස දැක්විය හැක.
“ DIMO කෙයා කෑම්ප්’’ වැඩසටහන දින 12ක් මඩකලපුව, කුරුණෑගල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර වැනි කෘෂිකාර්මික දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි සංවිධානය කර තිබූ අතර මෙම සෑම දිස්ත්‍රික්කයකම චෙන්කලාඩි, උහන, සෙවණපිටිය, ගල්නෑව, ඉබ්බාගමුව සහ ගලෙන්බිඳුණුවැව යන නගර කේන්ද්‍රකරගෙන මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.
DIMO හි අලෙවියෙන් පසු සේවා ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ පැවැසීය “ DIMO සමාගම කෘෂිකර්මාන්තයේ සියලුම අංශ තුළ සිය මෙහෙයුම් දියත් කරමින් ලාංකීය ගොවි ප්‍රජාවගේ සිහින සහ අභිලාෂ බලගන්වන සමාගමක් ලෙස “ DIMO කෙයා කෑම්ප්” වැඩසටහන මහ කන්නයට සැරසෙන ගොවි ප්‍රජාව අපගේ සේවා නිපුණත්වයෙන් ශක්තිමත් කිරීමට ගත් එක් උත්සාහයක්. මෙවැනි වැඩසටහන් හරහා ගොවි ජනතාව කෘෂිකර්මාන්තයේ යාන්ත්‍රිකරණය සඳහා යොමුකර ඵලදායිතාව වැඩිකරදීම අපගේ මූලික අරමුණයි.
595
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට
පසුගිය පෙබරවාරි මාසයේදී රුපියල් බිලියන 105.5 ක් ලෙස සටහන් වූ පෞද්ගලික ව්‍යාපාර සඳහා මෙරට බැංකු සහ මූල්‍ය ආයතන ලබාදී ඇති ණය මාර්තු මාසයේදී රුපියල් බිලියන 1
2025 වසරේ ජනවාරි මාසයේ සිට අප්‍රේල් මාසය දක්වා මුල් මාස හතරේදී මෙරට සංචාරක ක්ෂේත්‍රය හරහා ලැබුණු ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 1,379ක් ලෙස සටහන්ව තිබේ. මෙය 2
එලායනස් ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී සමාගම කොළඹ කොටස් හුවමාරුව තුළ රුපියල් බිලියන 2ක් වටිනා සමාජ බැඳුම්කර නිකුතුවක් සිදු කිරීමට සූදානමින් සිටින බව පවසයි
මෙරට ආර්ථිකය යථා තත්වයට පත්වෙමින් තිබීමත් පොලී අනුපාත පහළ යාමත් මධ්‍යයේ පසුගිය මාර්තු මාසයේදී මෙරට සක්‍රීය ණය කාඩ්පත් සංඛ්‍යාව 11,881 කින් ඉහළ ගොස් ඇතැය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහ කන්නයට සැරසෙන ගොවි ජනතාවට ‘‘DIMO කෙයා කෑම්ප්” ට්‍රැක්ටර් රථ සේවා කඳවුරක්