තම මව වන්නට කැමැති කාන්තාවකට යුවාන් ලක්ෂ 10 ක් (ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක්) පිරිනැමිමට සූදානම් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ චීනයේ සිචුවාන් ප‍්‍රාන්තයෙනි.
කුවාන් යින් නම් වන මොහු එක් පසෙකින් දැන්වීම් පුවරුවක්ද අනෙක් පසින් චීන ක‍්‍රමයේ විශාල ලන්තෑරුමක්ද සවිකළ කදක් කරේ තබාගෙන සිචුවාන්හි උද්‍යානයකට සෑමදිනකම පැමිණේ.දැන්වීම් පුවරුවේ සදහන්ව ඇත්තේ තම මව වීමට ඉදිරිපත් වන කාන්තාවට පිළිගැනීමට සිදුවන කොන්දේසි ලැයිස්තුවකි.ඔහුගේ දුරකථන අංකය ලන්තෑරුමේ සදහන්ව ඇත.
කුවාන් යින්ගේ තොරතුරු දැනගැනීමේ අරමුණින් කාන්තාවක ඔහුගේ මව බවට පත්වීමට කැමැත්ත පළකර ඇති අතර කුවාන් ඇයට පවසා තිබෙන්නේ තම මව වීමට තරම් ඇයට වයසක් නොමැති බවයි.අඩුම තරමින් අවුරුදු 57 ක් වත් වයසැති කාන්තාවක් තම මව විය යුතුයැයි ඔහු කියා ඇත.
මවක සොයන්නේ මන්දැයි එම කාන්තාව විමසූ විට කුවාන් තමන්ගේ දිවියේ සාර්ථකත්වය අගය කිරීමට මවක සිටී නම්,ඔහුට පුතෙකුට සේ සළකයි නම්, ඔහුට එය මහත් සතුටක් වන බව දුක්මුසුව පවසා තිබේ.
විවාහ වීම ඊට වඩා සුදුසු වන්නේ නොවේදැයි එම කාන්තාව නැවත කුවාන්ගෙන් අසා ඇති අතර එයට කුවාන්ගේ මනාපයක් පළව නොමැත.
කුවාන්ගේ තතු චීනය පුරාම ව්‍යාප්තව ගොස් තිබෙන අතර සියලූදෙනා ඔහුට අනුකම්පාව දනවති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ඉස්සරහට තව දරුණුයි (දී)
ඒක සල්ලි වලට ගන්න බැහැ (දී)
අයියෝ සල්ලි කියුවලු (දී)
මිනිස්සු පිරිහිලා (දී)
තව මොනවා වෙයිද (දී)
ඔන්න වැඩේ (දී)
ඇඩෙනවා (දී)
නාලි ඔබ 100% හරි (දී)
කොටි දෙකක් මදි (දී)
ඕවා ඔහොමතමයි (දී)
කණගාටුයි (දී)
මෙහෙමත් ලෝකයක් (දී)
සංවේදී කතාවක් (දී)
අයියෝ සල්ලි (දී)
හදනා අම්මලාද වදනා අම්මලාද පහැදුවේ අම්මා අරුතේ (දී)
අම්මා කියන්නේ අම්මාට විහිලු කාරයෙක්ට නොවෙයි (දී)
ලැජ්ජයි (දී)
සුපර්මාකට් වල ඉන්නවා කියයි අම්මලා තාත්තලා විකුනන්න තව ටික දවසකින් (දී)
මෙහෙමත් සිද්දීන් හිත කම්පා කරවනවා (දී)
මා හද හඳුනාගත් සියල්ලන්ටමත් ලංකාදීපයටත් තුති! (නි)
මානසික වෛද්‍යවරයෙක්ට යොමු කිරීම ඉතා වැදගත්. (නදී)
පවු! මවක් නැතිවූ විට ජීවිතයේ මොනතරම් නම් අසරණ වෙනවාද? (නි)
සල්ලි වලින් ඔක්කොම තීරණය කරන යුගයක් එනවා (දී)
තව ඉස්සරහට ලමයවත් කඩෙන් ගන්න තත්වයකට එනවා (දී)
තව ඉස්සරහට ලෝකේ මිටත් වඩා කුරිරු වෙනවා (දී)
මව් පදවිය සල්ලි වලට ගන්න කාලෙකුත් ආවා එහෙනම් (දී)
ලංකාවෙත් මෙහෙම වෙච්ච වැඩිහිටි අය ඉන්නවා. නමුත් කරගන්න දෙයක් නැතුව සද්ද නොකර ජිවත් වෙනවා. සමහර අම්මල මවු පදවියත් එපා වෙන වැඩ කරලා වෙනම ලෝක වල වෙනම චරිත වෙලා ජිවත් වෙනවා. (ස)
මෙය ඉතාම සංවේදී කතාවක්. මිතුරනේ , මමත් ඔය දුකම විදින කෙනෙක්. ලංකාදීප පත්තරේ පිටු පුරාවට ලියන්න පුළුවන් හැගීමක් මේක. මට ඔච්චර සල්ලිත් නැහැ , තිබුනත් සල්ලි වලට අම්මා කෙනෙක් ගන්න හිතන්නෙත් නැහැ. හැබැයි මගේ පැතුමක් තියෙනවා. ළදරු වයසේදීම මාව තව කෙනෙකුට හදාගන්න බාර දෙන්නේ නැති , මාව තුරුළුකරගෙන ඉන්න අම්ම කෙනෙක් මතු භවයකදී ලැබෙන්න කියල පිනක් කරන හැම මොහොතකම මම ප්‍රාර්ථනා කරනවා. ඔය චීන සොහොයුරාටත් මම එයම ප්‍රර්ථනා කරනවා. (ස)
දරු දුක දැනෙන්නේ නැහැ මෙවන් අම්මලාට (දී)
ඇසට කඳුළු උනන කතාවක් (දී)
මේ ලෝකේ තියෙන උතුම්ම පදවිය මව් පදවිය (දී)
අම්මා කියන එකේ අර්ථය දන්නවාද (දී)
ලංකාවට නම් මේ කරුමේ එන්න එපා කවදාවත් (දී)
ඩොලර් එක්ලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් ඇති මිනිහෙක් ලංකාවේ උද්‍යානයකට සෑම දිනකම පැමිණේ යයි උපකල්පනය කරමු. ඒ මිනිසාට දින කීයක් එම උද්‍යානයේ නිරුපද්‍රිතව සිටිය හැකිද? ලංකාවේ සම්මත සමීකරණ භාවිතයෙන් ගණනය කරන්න. (නදී)
අම්මා කියන එකේ ඇත්ත තේරුම මෙහෙම තෝරන්න බැහැ (දී)
අම්මලා කොහෙද සල්ලිවලට ගන්නේ (දී)
අනාගත වංශයේ මේවා ඔක්කොම තියෙනවා (දී)
ඉතාම සංවේදී කතාවක් (දී)
මෙහෙම දේවල් අපි බලාපොරොත්තු වෙන්න ඕනේ මේ සමාජ රටාව යන හැටියට (දී)
දැන් අයටම තමයි ලෝකේ යන්නේ (දී)
මෙය ඉතාම සංවේදී කතාවක්. මිතුරනේ , මමත් ඔය දුකම විදින කෙනෙක්. ලංකාදීප පත්තරේ පිටු පුරාවට ලියන්න පුළුවන් හැගීමක් මේක. මට ඔච්චර සල්ලිත් නැහැ , තිබුනත් සල්ලි වලට අම්මාකෙනෙක් ගන්න හිතන්නෙත් නැහැ. හැබැයි මගේ පැතුමක් තියෙනවා. ලදරු වයසේදීම මාව තව කෙනෙකුට හදාගන්න බාර දෙන්නේ නැති , මාව තුරුළුකරගෙන ඉන්න අම්ම කෙනෙක් මතු භවයකදී ලැබෙන්න කියල පිනක් කරන හැම මොහොතකම මම ප්‍රාර්ථනා කරනවා. ඔය චීන සොහොයුරාටත් මම එයම ප්‍රර්ථනා කරනවා. (දී)
නලී ඔයා හරි (දී)
නාලි ඔයාග කතාව ඉතාම සංවේදී. මම හිතන්ෙන මම ඔයාව දන්නවා කියල.(දී)
සමාජය පිරිහිලා (දී)