- තත්පර මිලියන 12ක ගුවන් කාලයක් වෙනුවෙන් මෙම වියදම් සිදු වෙලා
- අප්‍රේල් මාසයේදී පමණක් දැන්වීම් වෙනුවෙන් වියදම රු.බි. 23.8ක්
- මාස පහ තුළ අඩුම වියදම් කිරීම රු.බි. 16.9 මැයි මාසයේදී
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා මුල් මාස පහේදී මෙරට සමාගම් රූපවාහිනි දැන්වීම් වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් බිලියන 102.2 ක් වන බව මාධ්‍ය හැසිරීම් පිළිබඳ සමීක්ෂණ ආයතනයක් වන Mideation Integrated පවසයි.
තත්පර මිලියන 12ක ගුවන් කාලයක් වෙනුවෙන් මෙම වියදම් කිරීම කර ඇති අතර ලක්ෂ 10කට වැඩි වාර සංඛ්‍යාවකදී දැන්වීම් විකාශය වීමත් විශේෂත්වයකි. ඒ අනුව මෙය ගත වූ මාස පහක කාලසීමාවේදී එම සමාගම් මගින් සිදු කළ දැවැන්ත ආයෝජනයක් ලෙස හැඳින්විය හැකි බවත් එම ආයතනය සඳහන් කරයි.
මෙම සමීක්ෂණයට අනුව ජනවාරි මාසයේදී රූපවාහිනි වෙළෙඳ දැන්වීම් සඳහා කර ඇති වියදම රුපියල් බිලියන 19.8ක් (19,829,301,000ක්) පමණ වෙයි. මෙහිදී තත්පර මිලියන 2.3ක කාලයක් පුරා දැන්වීම් වාර 205,078ක් විකාශය කෙරී තිබේ.
වසරේ මුල් මාස පහ අතරින් අප්‍රේල් මාසය වැඩිම රූපවාහිනි දැන්වීම් වියදමක් වාර්තා වී ඇති මාසය වන අතර, අලුත් අවුරුදු උත්සව සමය ඒ සඳහා හේතුව වී තිබේ. ඒ අනුව අප්‍රේල් මාසයේ සමාගම් රුපියල් බිලියන 23.8ක් (23,895,319ක්) ලෙස සටහන්ව තිබේ. එහිදී තත්පර මිලියන 2.7 ක කාලයක් සඳහා දැන්වීම් වාර 247,065ක් විකාශය කෙරී ඇත.
කෙසේ වෙතත් මැයි මාසයේදී මෙම වියදම් කිරීම් අඩුවී ඇති අතර, එය මාස පහක කාලයේ වාර්තා කළ අඩුම අගය ලෙසින්ද සැලකෙයි. ඒ අනුව මැයි මාසයේදී සමාගම් රූපමාහිනි දැන්වීම් සඳහා කළ වියදම රුපියල් බිලියන 16.9ක් (16,961,793ක්) ලෙස සටහන්ව ඇති අතර, තත්පර මිලියන 1.9ක කාලයක් තුළ විකාශය කෙරුණු දැන්වීම් වාර 172,150ක් හරහා මෙම වියදම සිදු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd