
- පෙර වසරට සාපේක්ෂව \සියයට 30.60 ක වර්ධනයක්
- රජයේ වියදම රුපියල් ට්‍රිලියන 2.34 ක්
මේ වසරේ ජනවාරි සිට මැයි දක්වා ගත වූ මුල් මාස පහ තුළ රජයේ ආදායම් සහ ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 2,537 ක් (රුපියල් ට්‍රිලියන 2.54ක්) ලෙස සටහන්ව තිබේ. ඒ අනුව මෙය 2025 වසරේ එම කාලසීමාවේදී රැස් කරගත් රුපියල් බිලියන 1,942.36 ක (රුපියල් ට්‍රිලියන 1.94ට) සාපේක්ෂව සියයට 30.60 ක වර්ධනයකි.
මෙහිදී ආදායම් රුපියල් බිලියන 1,940 ක සිට රුපියල් බිලියන 2,536 ක් දක්වා වර්ධනය වී තිබේ. ඒ අතරින් බදු ආදායම රුපියල් බිලියන 1,802 ක සිට රුපියල් බිලියන 2,324 ක් දක්වා සියයට 28.9 කින් ඉහළ ගොස් ඇත. එසේම බදු නොවන ආදායම් රුපියල් බිලියන 137.4 ක සිට රුපියල් බිලියන 211.8 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
2026 මුල් මාස පහ තුළ රජය වෙත ලැබුණු ප්‍රදානවල වටිනාකම රුපියල් බිලියන 1.34ක් වන අතර, 2025 මුල් පාස පහේදී හිමි වූ රුපියල් බිලියන 2.49 ට සාපේක්ෂව යම් අඩුවීමක් සටහන්ව තිබේ.
මේ අතර වසරේ මුල් මාස පහ තුළ රජයේ වියදම රුපියල් බිලියන 2,340ක් (රුපියල් ට්‍රිලියන 2.34ක්) ලෙස සටහන්ව තිබේ.
එය 2025 එම කාලසීමාව තුළ වාර්තා වූ රුපියල් බිලියන 2,179ක වියදමට සාපේක්ෂව සියයට 7.34 ක වියදම් ඉහළ යාමකි.
ඒ අනුව 2026 වසරේ මුල් මාස පහේදී ප්‍රාථමික ගිණුමේ ශේෂය රුපියල් බිලියන 1,131.16ක් ලෙස සටහන්ව තිබෙන අතර, සමස්ත අයවැය ශේෂය රුපියල් බිලියන 197.34 ක් වී තිබේ.
2025 වසරේ මුල් මාස පහේදී මෙය රුපියල් බිලියන 236.63 ක අයවැය හිඟයක් ලෙස සටහන් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd