ශ්‍රී ලංකාවේ ඩිජිටල් ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව පෙරළියක් කරමින් රියැදුරන්ගෙන් ගමන් වාරයකට කොමිස් ගාස්තු අය නොකරන ශ්‍රී ලංකාවේ ප්‍රථම රයිඞ්-හේලිං වේදිකාව වන TruRout නිල වශයෙන් හඳුන්වා දී තිබේ. සාම්ප්‍රදායික කොමිස් පදනම් කර ගත් ව්‍යාපාර ආකෘතිය වෙනුවට දායකත්ව ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් රියැදුරන්ගේ ආදායම වැඩි කිරීම හා මගීන්ට විනිවිදභාවයෙන් යුත් ගාස්තු පද්ධතියක් හඳුන්වාදීම මෙහි අරමුණයි.
TruRout හරහා ත්‍රිරෝද රථවලට රු. 250ක, කාර්වලට රු. 350ක, SUV රථවලට රු. 400ක, වෑන්වලට හා ලොරිවලට රු. 500ක ස්ථාවර දෛනික දායකත්ව ගාස්තුවක් ගෙවීමෙන් පසු එදින සිදු කරන සියලුම මුදල් ගෙවීම් සහිත ගමන්වල ආදායම සියයට 100ක්ම තමන් සතු කර ගැනීමේ හැකියාව රියැදුරන්ට ලැබේ. ඒ අනුව ගමන් වාරයකට කොමිස් අය කිරීම සම්පූර්ණයෙන්ම ඉවත් කර තිබේ.
මගීන් වෙනුවෙන්ද TruRout විශේෂ ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. කාර්යබහුල වේලාවලදී, වැසි සහිත කාලගුණය සහිත අවස්ථාවලදී හෝ නිවාඩු දිනවලදී ගාස්තු ඉහළ නැංවීමේ ක්‍රමවේදය ඉවත් කර ඇති අතර ගමන තහවුරු කිරීමට පෙර සම්පූර්ණ ගාස්තුව පෙන්වන බැවින් සැඟවුණු අය කිරීම්වලට ඉඩක් නොමැත. රාත්‍රී 10න් පසු පමණක් සියයට 10ක අමතර ගාස්තුවක් අය කෙරේ. මෙම වේදිකාව සමග TruMove නමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම කොමිස් රහිත භාණ්ඩ ප්‍රවාහන සේවාවද හඳුන්වා දී තිබේ. එකම යෙදුම හරහා මගී ප්‍රවාහනය හා භාණ්ඩ ප්‍රවාහනය අතර මාරු වෙමින් අමතර ආදායම් උපයා ගැනීමේ අවස්ථාව රියැදුරන්ට හිමි වේ.
TruMove S, M, XL හා TruHaul යන කාණ්ඩ යටතේ විවිධ ප්‍රමාණයේ භාණ්ඩ ප්‍රවාහනය සඳහා මෙම සේවාව පහසුකම් සලසයි. TruRout රියැදුරන් හා මගීන් සඳහා යොමු කිරීම් (Referral) ත්‍යාග, පක්ෂපාතිත්ව (Loyalty) වැඩසටහන්, දායකත්ව ගාස්තු වට්ටම් හා ප්‍රමුඛත්වයෙන් ගමන් ලැබීමේ අවස්ථාද හඳුන්වා දී ඇත. නව මගීන්ට පළමු ගමන සඳහා වට්ටම් හා සුදුසුකම් සපුරන ගමන්වලින් පසු නොමිලේ ගමන් ණය ((Ride Credits) හිමි වේ. ආරක්ෂාව හා පහසුව තව දුරටත් ශක්තිමත් කරමින් යෙදුම තුළ හදිසි ඇමැතුම් පහසුකම, ද්විපාර්ශ්වීය ඇගැයීම් පද්ධතිය, විධිමත් පැමිණිලි විසඳීමේ ක්‍රමවේදය සහ මුදල්, බැංකු කාඩ්, LankaQR හා TruRout Wallet හරහා ගෙවීමේ පහසුකම්ද සපයා ඇත. කොමිස් රහිත ව්‍යාපාර ආකෘතිය, විනිවිදභාවයෙන් යුත් ගාස්තු ක්‍රමවේදය සහ මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා එකම ඩිජිටල් වේදිකාවකට ගෙන ඒම හරහා ශ්‍රී ලංකාවේ ප්‍රවාහන ක්ෂේත්‍රයට නව ප්‍රමිතියක් හඳුන්වා දීමට TruRout අපේක්ෂා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd