(කාංචන කුමාර ආරියදාස)
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රදේශයේ වගා කෙරුණු සීමිත මුරුංගා අස්වැන්නට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී කිලෝවකට රුපියල් 125 සිට රුපියල් 150 දක්වා ඉහළ මිල අද (26) ලැබිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල මුරුංගා වගා කර ද මේ දිනවල මුරුංගා අස්වැන්න කින්නියා ප්‍රදේශයේ පමණක් ලැබීම නිසාවෙන් ලැබෙන සීමිත මුරුංගාවල සඳහා විශාල ඉල්ලුමක් පවතී .
ඒ අනුව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද 26 දින ලැබුණු සීමිත මුරුංගා කිලෝව රුපියල් 125 සිට රුපියල් 150 දක්වා වූ ඉහළ තොග මිලක් යටතේ අලෙවි වූ බවත් එම මුරුංගා තොග සිල්ලර වෙළෙඳ පොළේ කිලෝවක් රුපියල් 300 ට වඩා වැඩි මිල ගණන් යටතේ අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.
එක මුරුංගා කරලක් රුපියල් 30 ක පමණ වටිනාකමකින් යුත් තොග මිල පැවති බව දඔුලු වෙළෙන්දෝ කියති.
ඉතා සාර්ථක මුරුංගා අස්වැන්නක් කින්නියා ප්‍රදේශයේ මේ දිනවල ලැබෙන බවත් අනෙකුත් ප්‍රදේශ වල මුරුංගා මේ දිනවල මල් හට ගෙන තිබෙන බවද තව දින 15 -20 ත් පමණ ගත වෙද්දී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මුරුංගා අස්වනු වෙළඳපොලට ලැබෙනු ඇතැයි ව්‍යාපාරිකයෝ පෙන්වා දෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මුරුංගාවලට හොඳ මිලක්