මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ හිමිකම් නිකුතුව හරහා, රු. බිලියන 1.1 ක නව ප්‍රාග්ධනයක් හිමිකර ගැනීමට එම සමාගම සමත්ව තිබේ. එම සමාගමේ ක්‍රමෝපාය, කාර්ය සාධනය සහ දිගුකාලීන වර්ධන ගමන්මග කෙරෙහි කොටස්හිමියන් සතු ආත්ම විශ්වාසය මනාව පිළිබිඹු කරමින් එම හිමිකම් නිකුතුව සඳහා අධි ඉල්ලුමක් හිමි විය.
මූලික කොටස් නිකුතුව ඉක්මවා යමින් මෙහිදී අයදුම්පත් හිමි වූ අතර, කොටස් හිමියන්ගේ ඉහළ සහභාගිත්වයෙන් MI Finance හි දිශානතිය පිළිබඳ නොසැලෙන විශ්වාසයක් මෙන්ම, සමාගමේ මීළඟ වර්ධන අදියරට දායකවන මුල්‍ය පදනම ද ගොඩනගා ගැනීමට එම සමාගමට හැකි විය.
මෙම නව අරමුදල එක් කිරීම, MI Finance සමාගමේ ප්‍රාග්ධන පදනම තවදුරටත් ශක්තිමත් වීමට, මුල්‍ය නම්‍යශීලීතාව පුළුල් කිරීමට මෙන්ම සමාගමේ නියාමන ප්‍රාග්ධන මට්ටමට සහයෝගය ලබා ගැනීමට ද හේතු වේ. තවද එමගින්, ශ්‍රී ලාංකේය මුල්‍ය සේවා ක්ෂේත්‍රයේ පාරිභෝගිකයන්ට සේවය සැලසීමටත්, වර්ධනය පවත්වා ගැනීමටත්, ව්‍යාපාරික පුළුල් කිරීමේ සැලසුම් දියත් කිරීමටත් MI Finance සතු හැකියාව ඉහළ නැංවේ.
සියලු පාර්ශ්ව-කරුවන්ට දිගුකාලීන අගය නිර්මාණය කිරීම සඳහා නොසැලෙන අදිටනින් කටයුතු කරන MI Finance සමාගම, පාරිභෝගිකයන්, කොටස් හිමියන් සහ ආර්ථිකය සඳහා අඛණ්ඩව අර්ථවත් ප්‍රතිලාභ හිමිකර දෙමින් නව අවස්ථා උපයෝගී කර ගැනීමට මනාව ස්ථානගත වී තිබේ.
කොටස් හිමියන් MI Finance කෙරෙහි තබා ඇති නොවෙනස් විශ්වාසය සහ එහි වර්ධනය සඳහා ලබා දෙන සහයෝගය වෙනුවෙන් එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි මහතා සිය කෘතඥතාව පළකර සිටියේය. ”අපගේ හිමිකම් නිකුතුව සඳහා ලැබුණු ඉහළ ප්‍රතිචාරය මගින්, MI Finance ක්‍රමෝපායික සැලසුම සහ දිගුකාලීන දැක්ම කෙරෙහි අපගේ කොටස් හිමියන් තබා ඇති විශ්වාසය මනාව පිළිබිඹු වනවා. වඩාත් සවිමත් මුල්‍ය පදනමක් සමගින් අප, නව අවස්ථා අත්කර ගැනීමටත්, සියලු පාර්ශ්වකරුවන් වෙනුවෙන් තිරසර වර්ධනයක් සහ කල්පවත්නා අගයක් හිමිකර දීමටත් ඉතා හොඳින් සූදානම්ව සිටිනවා,” යනුවෙන් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd