ආදායම් වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් උද්ධමනකාරී තත්ත්වයක් සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සීමා කරන පසුබිමක් ඇතිවීමේ අවකාශයක් ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති තිලක් ගොඩමාන්න මහතා අද (16) ප්‍රකාශ කළේය.
ආදායම් වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන බදු යෝජනා එවැනි තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව පෙන්නුම් කරන බව තිලක් ගොඩමාන්න මහතා එහිදි කීවේය.
වසර 2017 අයවැය යෝජනා පිළිබඳ ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම වෙනුවෙන් එම මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එම කරුණු පැවසීය.
අයවැය සකස් කිරීමේදී ජාතික වාණිජ මණ්ඩලය ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ආණ්ඩුව අවධානය යොමු කිරීමට සතුටට කරුණක් යැයි ද ඔහු කීය.
“ලබන වසර ඉදිරිපත් කළ අයවැය සැකසීමේදී බොහෝ පාර්ශවවල අදහස් විමසමින් දිගුකාලීන උපායාමාර්ගික දැක්මක් සහිතව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණක්.
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කෙරෙහි අයවැයෙන් අවධානය යොමු කර තිබීම සතුටට කරුණක්. ආදායම් හා රැකියා ධාරිතාවට මුල් තැන දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය, විශේෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා පොළි සහනාධාරයට මුදල් වෙන් කිරීම ආදී කරුණු මෙවර අයවැයේදී ඉදිරිපත් වී තිබෙන සුබදායකf යෝජනා ලෙස පෙන්වා දෙන්න පුළුවන්.
මත්ස්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කිරීම යහපත් ලක්ෂණයක්. මත්ස්‍ය නිෂ්පාදන වැඩි කිරීමට ආණ්ඩුව ගන්නා උත්සහය අගය කළ යුතුයි. යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන මත පනවා තිබූ පසුගිය ජූනි මාසයේදී ඉවත් කළා. ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් ඉන් වැඩි ප්‍රතිඵල ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා” යැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිටත් දවසක හඳ පායනවා... එදාට අපි කිරි පැණියෙන් නානවා... (නි)
ඉදිරියට ඉඩමක් මිලදී ගත්තත් ලොකු බද්දක් ගන්නවා නේද... (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු අඩුකරන්න කාගෙවත් අදහසක් නැද්ද? (නි)
ඇයි මේ සීමාකිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ නැත්තේ? (නි)
අනේ ඉතින් අපි හැමදාම දුකේ! (නි)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඩුකර ඔවුන්ට දෙන සුපිරි දීමනා කපහැරියා නම් ඔන්න කියන්න තිබුණා රටට සුබදායී යමක් යහපාලනයෙන් වෙනවා කියලා (නි)
අපිට තමයි ඔක්කොම නීති (නි)
අපි මේවට ඊළඟ ඡන්දෙදි උත්තර දෙන්නම්කෝ (නි)
දැන්නම් මේ ආණ්ඩුව අපිට තිත්තවෙලා (නි)
කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නි)
දේශපාලකයන් සියළු සැප විඳිනවා. මහජනයා හැමදාම අඳුරේ (නි)
හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)
නරදක දේශපාලකයන්ගේ ඒවා සීමාකළොත්? (නි)
ඔව් ඉතින් මහජනතාව තමයි හැමදේකින්ම තැළෙන්නේ (නි)
පහත් තැනින් යයි ගලා ජලේ කියනවනේ (නි)
අපි බලමුකෝ ඔය කියන ඒවා කරයිද කියලා (නි)
අපිට නම් ඒක අයවැයක් නෙමෙයි ණයවැයක් (නි)
අනේ අපිට නම් ඔය කතා අහලා එපාවෙලා (නි)
කොහොමත් මේ ආණ්ඩුවේ කතාව දෝලාවෙන් ගමන පයින්නේ (නි)
අපි බලාඉන්නේ අපිටත් අවස්ථාවක් එනතුරුයි (නි)
පාර්ලිමේන්තු මන්ට්‍රිවරු අඩුකර ඔවුන්ට දෙන සුපිරි දීමනා කපා හැරියා නම් ඔන්න කියන්න තිබුණා රටට සුබදායි යමක් යහපාලනයෙන් වෙනවා කියල (ම)
දේශපාලකයන්ට දෙන සුඛෝපභෝගී තීරු බදු රහිත වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද සිමා කරන්න අදහසක් නැද්ද? (නි)