IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


‘මිනිසුන්ගේ මිලදී ගැනීම් සීමාකිරීමේ ඉඩක්‘

ආදායම් වැඩි කිරීමට ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් උද්ධමනකාරී තත්ත්වයක් සහ ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව සීමා කරන පසුබිමක් ඇතිවීමේ අවකාශයක් ඇතැයි ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති තිලක් ගොඩමාන්න මහතා අද (16) ප්‍රකාශ කළේය. 

ආදායම් වැඩි කිරීම සඳහා ඉදිරිපත් කර තිබෙන බදු යෝජනා එවැනි තත්ත්වයක් ඇතිවීමේ ඉඩකඩ ඇති බව පෙන්නුම් කරන බව තිලක් ගොඩමාන්න මහතා එහිදි කීවේය. 

වසර 2017 අයවැය යෝජනා පිළිබඳ ජාතික වාණිජ මණ්ඩලයේ අදහස් දැක්වීම වෙනුවෙන් එම මණ්ඩල ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු එම කරුණු පැවසීය.  

අයවැය සකස් කිරීමේදී ජාතික වාණිජ මණ්ඩලය ඉදිරිපත් කළ අයවැය යෝජනා සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ ආණ්ඩුව අවධානය යොමු කිරීමට සතුටට කරුණක් යැයි ද ඔහු කීය.

 “ලබන වසර ඉදිරිපත් කළ අයවැය සැකසීමේදී බොහෝ පාර්ශවවල අදහස් විමසමින්  දිගුකාලීන උපායාමාර්ගික දැක්මක් සහිතව ඉදිරිපත් කර තිබීම සතුටට කරුණක්. 

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය කෙරෙහි අයවැයෙන් අවධානය යොමු කර තිබීම සතුටට කරුණක්. ආදායම් හා රැකියා ධාරිතාවට මුල් තැන දීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය ඇප ආවරණ යෝජනා ක්‍රමය, විශේෂිත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශය සඳහා පොළි සහනාධාරයට මුදල් වෙන් කිරීම ආදී කරුණු මෙවර අයවැයේදී ඉදිරිපත් වී තිබෙන සුබදායකf යෝජනා ලෙස පෙන්වා දෙන්න පුළුවන්.

මත්ස්‍ය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා අයවැයෙන් රුපියල් බිලියන දෙකක ප්‍රතිපාදන වෙන් කිරීම යහපත් ලක්ෂණයක්. මත්ස්‍ය නිෂ්පාදන වැඩි කිරීමට ආණ්ඩුව ගන්නා උත්සහය අගය කළ යුතුයි. යුරෝපා සංගමය මත්ස්‍ය අපනයන මත පනවා තිබූ පසුගිය ජූනි මාසයේදී ඉවත් කළා. ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගවලින් ඉන් වැඩි ප්‍රතිඵල ගැනීමට හැකිවනු ඇතැයි අප විශ්වාස කරනවා” යැයි ද ඔහු කීය.



අදහස් (0)

‘මිනිසුන්ගේ මිලදී ගැනීම් සීමාකිරීමේ ඉඩක්‘

බුද්ධික Thursday, 17 November 2016 08:37 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු අඩුකරන්න කාගෙවත් අදහසක් නැද්ද? (නි)

:       0       0

දේව Thursday, 17 November 2016 06:26 AM

හොඳයි හොඳයි ඔහොම යමුකෝ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 17 November 2016 06:25 AM

දේශපාලකයන්ට දෙන සුඛෝපභෝගී තීරු බදු රහිත වාහන බලපත්‍ර වැනි වරප්‍රසාද සිමා කරන්න අදහසක් නැද්ද? (නි)

:       0       0

දිමුත් Saturday, 19 November 2016 10:59 AM

ඉදිරියට ඉඩමක් මිලදී ගත්තත් ලොකු බද්දක් ගන්නවා නේද... (නි)

:       0       0

ඉන්දික Thursday, 17 November 2016 07:56 AM

පාර්ලිමේන්තු මන්ට්‍රිවරු අඩුකර ඔවුන්ට දෙන සුපිරි දීමනා කපා හැරියා නම් ඔන්න කියන්න තිබුණා රටට සුබදායි යමක් යහපාලනයෙන් වෙනවා කියල (ම)

:       0       0

චමින්ද Thursday, 17 November 2016 07:58 AM

අපි බලාඉන්නේ අපිටත් අවස්ථාවක් එනතුරුයි (නි)

:       0       0

තුෂාරා Thursday, 17 November 2016 07:58 AM

කොහොමත් මේ ආණ්ඩුවේ කතාව දෝලාවෙන් ගමන පයින්නේ (නි)

:       0       0

ලංකාසිරි Thursday, 17 November 2016 07:58 AM

අනේ අපිට නම් ඔය කතා අහලා එපාවෙලා (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 17 November 2016 07:58 AM

අපිට නම් ඒක අයවැයක් නෙමෙයි ණයවැයක් (නි)

:       0       0

නාමල් Thursday, 17 November 2016 07:58 AM

අපි බලමුකෝ ඔය කියන ඒවා කරයිද කියලා (නි)

:       0       0

තුෂාර Thursday, 17 November 2016 07:58 AM

පහත් තැනින් යයි ගලා ජලේ කියනවනේ (නි)

:       0       0

කුමාර් Thursday, 17 November 2016 07:59 AM

ඔව් ඉතින් මහජනතාව තමයි හැමදේකින්ම තැළෙන්නේ (නි)

:       0       0

විපුල Thursday, 17 November 2016 07:59 AM

නරදක දේශපාලකයන්ගේ ඒවා සීමාකළොත්? (නි)

:       0       0

අප්පුහාමි Thursday, 17 November 2016 07:58 AM

අපිටත් දවසක හඳ පායනවා... එදාට අපි කිරි පැණියෙන් නානවා... (නි)

:       0       0

චන්න Thursday, 17 November 2016 07:59 AM

දේශපාලකයන් සියළු සැප විඳිනවා. මහජනයා හැමදාම අඳුරේ (නි)

:       0       0

සජී Thursday, 17 November 2016 07:59 AM

කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි (නි)

:       0       0

තුෂාර Thursday, 17 November 2016 07:58 AM

දැන්නම් මේ ආණ්ඩුව අපිට තිත්තවෙලා (නි)

:       0       0

උදය Thursday, 17 November 2016 07:58 AM

අපි මේවට ඊළඟ ඡන්දෙදි උත්තර දෙන්නම්කෝ (නි)

:       0       0

ඉඳුනිල් Thursday, 17 November 2016 07:59 AM

අපිට තමයි ඔක්කොම නීති (නි)

:       0       0

ඉන්දික Thursday, 17 November 2016 07:58 AM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අඩුකර ඔවුන්ට දෙන සුපිරි දීමනා කපහැරියා නම් ඔන්න කියන්න තිබුණා රටට සුබදායී යමක් යහපාලනයෙන් වෙනවා කියලා (නි)

:       0       0

දර්ශන Thursday, 17 November 2016 07:59 AM

අනේ ඉතින් අපි හැමදාම දුකේ! (නි)

:       0       0

ඉන්ද්‍රා Thursday, 17 November 2016 08:01 AM

ඇයි මේ සීමාකිරීම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ නැත්තේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site