

ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මන්නාරම සුළං බලශක්ති ව්‍යාපෘතියට අදාළ සියලුම සුළං ටර්බයින සාර්ථකව මෙරටට ගෙනවිත් අවසන් කිරීමට හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් (Hayleys Fentons Limited) ආයතනය සමත්ව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ සුළං බලශක්ති අංශය වන හේවින්ඩ් වන් ලිමිටඩ් (HayWind One Limited) ආයතනය විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙම මෙගාවොට් 50ක දැවැන්ත ව්‍යාපෘතිය, මේ වන විට එහි ඉදිකිරීම් සහ සවිකිරීම් කටයුතුවල අවසාන සහ තීරණාත්මක අදියර වෙත ළඟා වී ඇත.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ පසුගිය මැයි මාසයේදී ටර්බයින පහකින් සමන්විත පළමු ටර්බයින තොගය ත්‍රිකුණාමලය වරායට ළඟා වූ අතර, ලොව ප්‍රමුඛ පෙළේ සමාගමක් වනEnvision Energy Technology Pte Ltd විසින් නිෂ්පාදනය කරන ලද ඉතිරි ටර්බයින ප්‍රමාණයද මෙලෙසින් මේ වන විට මෙරටට ලැබී තිබේ. මීටර් 110ක් උසැති කුලුනු සහ මීටර් 76ක් දිගැති දැවැන්ත ටර්බයින තටුවලින් සමන්විත, එකක් මෙගාවොට් 5 බැගින් වූ මෙම සුළං ටර්බයින 10ක එකතුව, ලංකාවේ තනි ස්ථානයක ක්‍රියාත්මක වන විශාලතම සුළං බලශක්ති ව්‍යාපෘතියක් ලෙස ඉතිහාසයට එක් වනු ඇත.
මේ වන විට Hayleys Advantis ආයතනයේ Project Logistics අංශයේ පූර්ණ දායකත්වය සහ සහාය ඇතිව මෙම දැවැන්ත උපාංග ත්‍රිකුණාමලය වරායේ සිට මන්නාරම ව්‍යාපෘති භූමිය වෙත ප්‍රවාහනය කිරීමේ කටයුතු සිදු කෙරේ.
සියලුම අත්‍යවශ්‍ය උපාංග මේ වන විට ලංකාවට පැමිණ අවසන් බැවින්, ව්‍යාපෘති භූමියේ සිදුවන මහා පරිමාණ සවිකිරීම්, ඉංජිනේරුමය කටයුතු සහ පරීක්ෂණ කටයුතු වෙනදාටත් වඩා වේගවත් කිරීමට කණ්ඩායම් පියවර ගෙන ඇත.
මෙම සුළං විදුලි බලාගාරය සම්පූර්ණයෙන්ම සක්‍රීය වූ පසු ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 50ක පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් එක්වීමට නියමිතය. වසර 20ක එහි අපේක්ෂිත මෙහෙයුම් කාලය තුළදී, පොසිල ඉන්ධන ආනයනය වෙනුවෙන් රටින් පිටතට ඇදී යන විදේශ විනිමය ඉතිරි කරමින්, රුපියල් බිලියන 100කට ආසන්න දැවැන්ත මුදලක් රටට ඉතිරි කර දීමට මෙමගින් මග පෑදේ.
මීට අමතරව මෙම ව්‍යාපෘතියෙන් ලංකාව තුළ නව රැකියා වෘත්තීන් රැසක් බිහිවන අතර, අපේ රටේ ඉංජිනේරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ නවීන තාක්ෂණික දැනුම ලබාගැනීමට ද මග පෑදේ. එමෙන්ම, පරිසර හිතකාමී හරිත බලශක්තියක් කරා ගමන් කරමින්, දේශගුණික විපර්යාසයන්ට මුහුණ දීම සඳහා ලංකාව තබා ඇති තිරසාර ඉලක්ක සපුරා ගැනීමට ද මෙය සෘජුවම දායක වනු ඇත.
මෙම සුවිශේෂ ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා ප්‍රකාශ කළේ, සියලුම සුළං ටර්බයින උපාංග රට තුළට පැමිණීම ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ගමනේ තීරණාත්මක පියවරක් වන බවයි.
එහි පරිමාණයටත් වඩා, මෙම ව්‍යාපෘතියෙන් ජාත්‍යන්තර මට්ටමින් තරග කර ජයග්‍රහණය කරමින් රටේ වටිනාකම රට තුළම රඳවා ගැනීමට අපට ඇති හැකියාව මනාව පැහැදිලි වන බවත්, ලාංකීය විශේෂඥ දැනුම හා දේශීය ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඇති දක්ෂතාව මෙයින් ඔප්පු වන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය. ඒ අනුව, 2026 දෙසැම්බර් මාසය වන විට මෙම බලාගාරය සාර්ථකව ජාතික පද්ධතියට සම්බන්ධ කිරීම ඔවුන්ගේ බලාපොරොත්තුවයි.
එමෙන්ම, හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් ආයතනයේ බලශක්ති අංශයේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂක රොෂේන් පෙරේරා මහතා අදහස් දක්වමින් කියා සිටියේ, ටර්බයින 10ම ආරක්ෂිතව රට තුළට ගෙන්වා ගැනීම විශාල ජයග්‍රහණයක් වන අතර, තමන් වඩාත්ම උනන්දු වන්නේ මීළඟට සිදුවන ක්‍රියාවලිය පිළිබඳව බවයි. ඔවුන්ගේ කණ්ඩායම් දැනටමත් මන්නාරමේ සිවිල් ඉංජිනේරු කටයුතු සාර්ථකව සිදු කරමින් පවතින බවත්, සියලුම උපාංග අතැතිව සවිකිරීම් කටයුතු දැන් විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගෙන යා හැකි බවත් ඔහු පැවසීය. මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන්නේ ලාංකීය ඉංජිනේරුවන්ම වීම විශේෂත්වයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd