මත්තල සිට බුද්ධගයාවට සහනදායී ගුවන්ගමන් ගාස්තු යටතේ ගුවන් ගමන් අරඹන බව මිහින් ලංකා ගුවන්සේවය කියයි.
එම ගුවන්සේවය මෑතකදී මිළදී ගත් මගීන් 178 කට ගමන් කළ හැකි ඒ320-200 ගුවන් යානාව මේ සඳහා යොදාගැනේ.
මාර්තු 24 කටුනායක සිට මත්තල හරහා බුද්ධගයාව වෙත මුල්ම ගුවන් ගමන පිටත්ව යාමට නියමිතය. එහි ආසන සියල්ලම වෙන්කර ඇති බව එම ගුවන්සේවය කියයි. බුද්ධගයාව වෙත ඊලග ගුවන්ගමන මාර්තු 31 දින පිටත්වීමට නියමිතය.
මිහින්ලංකා ගුවන්සේවය මත්තලට යන මුල්ම ගුවන්ගමන ලබන 18 වෙනිදා දහවල් කටුනායකින් පිටත්ව ගොස් එදිනම සවස යලි කටුනායකට පැමිණීමට නියමිතය.
ජ්‍යෙෂ්ඨ පලපුරුදු ගුවන් නියමුවන් දෙදෙනෙකු වන කපිතාන් පූජිත ජයකොඩි සහ කපිතාන් තේමිය අබේවික‍්‍රම එහි ගුවන්නියමුවෝ වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන ඈයෝ පින් නම් කරගනීවි. හැබැයි පින පලදෙන්නේ ලබන ආත්මෙදි, කොටසක් මේ ආත්මෙ සැප විඳිනවා රටේ බහුතර ජනතාව මේව නිසා මේ ආත්මයේ දුක් විඳිනවා. (නි)
ගුටිකාලා එන්න වෙයිද දන්නෙ නැහැ. (නි)
සාධු..සාධු..සාධු..සාධු.. බොහොම පින් (දී)
සාදු සාදු සාදු (දී)
මත්තල සිට කටුනායක හරහා බුද්ධගයාව වෙත යන්න පුලුවන් නම් ඉතා හොදයි. (නි)
සහන ක්‍රමයට යන සැලසුමක් නැද්ද (දී)
සුභවාදීව සිතන්න. (නි)
ඔය වැඩෙන් අපිට ලාභයක් ලැබෙයිද? (නි)
හොද වැඩක් (දී)
කරු , දම්මි, තමිල්නාඩුවේ වගේ අය බුද්ධගයා වේ නැහැ .එහෙම ගහන්නේ නැහැ මම ඒ ගැන සහතික වෙනවා (ස)
අපි එපැයි ඉතින් පෙට්‍රල් වලිනුයි, බඩු මිළෙනුයි මේවට ගෙවන්න. (නි)
මත්තලින් තමිල්නාඩුවට රු 100 ටිකට් ගන්න කවුරුවත් නෙතිලු !(නදී)
ශ්රී ලංකාවේ නිදහස සමග කඩිනම් සංවර්ධනයට අපෙනුත් සුභපැතුම්.(නදී)
දකුණේ අයට පහසුවක් (ස)
ලැජ්ජා නැතුව තව ඉන්දියාවට යනවද ගුටිකන්න? (නි)
අපි ජීවිත කාලෙම ඉවසගෙන ඉදිමු. (නි)
පිටිගල, අපිට අම්පාර, මොනරාගල ඉදලා කටුනායක එන්න පැය 6-7 ක් යනවා. බුද්ධගයාවට පැය 1 යි. එතකොට?(නදී)
ගුණපාල, අසුබවාදී විදියට පමණත් මේ ගැක නොසිතන්න. ඉදිරි දරු පරම්පරාවට මෙය ඉතරු වේවි. දේශපාලනය පසෙකින් තබන්න. කකුලෙන් ඇදීම අපේ පරමිපරාගත පුරුද්දක්. එය අත හැරියොත් දියුණු වෙන්න පුලුවන්.(නදී)
බොරු අන්තවාදීන් ඉන්නේ නැගෙනහිරද, බස්නාහිරද, මීගමුවෙද, හලාවතද, නුවරද කියලා අපි නම් දන්නේ නැහැ. දකුනේ අපිටමයි ගහන්නේ. රුහුණේ වයඹයි අය මැරීගෙන සටන් නොකලා නම් ගෙයින් එලියට බහින්න වෙන්නේ නැහැ. උඩින් බෝම්බ දානකොට අනේ අපොයි කියන්නයි වෙන්නේ.(නදී)
හොද වැඩක්.(නදී)
අපේ වයසක ආච්චිලා සියලාට සුභ පුවතක් (දී)
නුවන්, දිලංක, තිලක් ඩුබායි, ලංකා, ගුණපාල, රටේ පිළිගත් නිදහස් මාධ්‍යයක් ඉදිරියේ තමන්ගෙ වාචාලකම රටටටම පෙන්නනවා කියන්නෙ විජාතිකයින්ට මව් බිම පාවා දීමේ ව්‍යාපාරයට ඔබද සහය දෙනවා කියන ඵකයි. (නි)
ලංකාව ආස්චර්යට යන ගමන බොරුවක් නෙමෙයි කියලා දැන්නම් පැහැදිලි වෙනවා. අනික් අය වගේ නෙමෙයි මහරජතුමා කිව්වොත් කරලා කමයි පෙන්නන්නේ. අපටත් කරදරයක් නැතිව ප්‍රංශයේ ඉදලා කටුනායක ඇවිත් විනාඩි 25 කින් මත්තලට යන්න පුළුවන්. (නදී)
අනුර, රුහුණේ අය මැරීගෙන කලා කයිය.(නදී)
මට නම් තේරෙන්නේ නැත්තේ කටුනායකින් බුද්ධගයාවට යන්න මත්තල යන්නේ ඇයි. පරිංගියා කොට්ටේ ගියා වගේනේ.(නදී)
හම්බන්තොට ඉදන් කටුනායකට යන්න වාහනයකට පැය පහක් විතර ගතවෙනවා. රුපියල් 13000 ක් විතර වාහනයට වැයවෙනවා. අපිට හම්බන්තොට ඉදන් පැය තුනකින් වගේ බුද්ධ ගයාවට යන්න පුලුවන්.(නදී)
ලංකාවේ පාලකයන්ට පුදුම ගුවන්යානා පදින පිස්සුවක්නේ තියෙන්නේ.(නදී)
අපිට මාර කරුමයක් පල දීලා තියෙන්නේ. සල්ලි දීලා ගියත් ගුටි කාගෙන තමයි එන්න වෙන්නේ.(නදී)
සිල්වා, අනුර පැයෙන් බුද්ධගයා යන්න දවස් දෙක තුනත් වත් බලා ඉන්න වෙයි ගහක් උඩට නැගලා මෙයාලගේ ගුවන්යානයක් එනකම්.(නදී)
අපිට දැන් බුදුන් උපන් දේශයට ගොස් වැද පුදා ගන්න පුළුවන් (දී)
මෙහෙම දේවල් අහන්න ලැබීමත් වාසනාවක්! (නි)
එතකොට අනිත් අය පළපුරුදු නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දකුණේ අසරණ ආච්චි සියලාට හොද අවස්තාවක් (දී)
ඉතින් වෙනදා වගේම කටුනායකෙන්ම ගියා නම් හොද නැද්ද? (නි)
පින් සිද්ද වෙන වැඩක් (දී)
තවම ලංකාවෙන් නේපාලයට ඍජු ගුවන් ගමන් නැහැනේ. (නි)
කලට වෙලාවට යයිද දන්නෙ නැහැ. බලමුකෝ. (නි)
කොහොමත් පළපුරුදු අයම දාන එක හොදයි. (නි)
අපි ඉවසලා බලාගෙන ඉදිමු. (නි)
බොහොම වටිනා වැඩක්, මොකද ඒ පැත්තේ කොච්චර ඇතිද කොළඹ එන්න බැරි මිනිස්සු (දී)
ලෙස්සයිද?(නදී)
මේක හොද වැඩක්. හදිසි අවස්ථාවක ගොඩ බෑම සදහා අපිට ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වල් එකකට වඩා තිබිය යුතුයි. එවැනි අවස්ථාවක අපිට චෙන්නායි වගේ ලග තැනකට යන්න වෙනවා. දැන් අපිට බය නැහැ. (නදී)
අප සියලු දෙනාගේම සුබ පැතුම්, ශ්‍රි ලංකාවේ නිදහසට සහ කඩිනම් සංවර්ධනයට!
ඉතා හොද වැඩක් (දී)
පිනේ හැටි. (අ)
ගිහින් ගුටිත් කාගෙන එන්න. පේනවනේ හාමුදුරුවන්ට ගහලා එලවන හැටි. (නි)
සංඝා, හදිසි අවස්ථාවන් කියක් එනවද සාමාන්‍යයෙන් වසරකට? නිකන් අනවශ්‍ය දේට එපා කියන්න බයවෙන්න එපා (නි)
රට ණය කර විනෝද වන අපුරු දර්ශන බලන්න චන්දය දුන් සැමට ආරාධනා. ගහකොළ, සතා සීපාවා විනාශකරලා ලංකාව කොන්ක්‍රීට් වනාන්තරයක් කරපුවාම සංචාරකයෝ එයිද ?(නදී)
තෙරුවන් සරණයි සැමටම (දී)
දිලංක, ගහ කොළ සතා සීපාවට මේ තරම් විනාශයක් වුන කාලයක්නමි දැක්කේ නැහැ.(කදී)
ආසියාවේ ආශ්චර්යය.. අපිත් සාදු සාදු කියලා යමු බුද්ධගයාවේ. (නි)
නියමයි. (දී)
මම නම් දකින්නේ මේ ගමන් වාරය දිගටම තිබ්බොත් අපේ ඒ ගුවන් යානයට මගීන් නගින එකක් නැහැ. මේ වගේ කෙටි දුර ගමනාන්ත කෙලින්ම යන්න පුලුවන්කම තියෙද්දී ඇයි මේ තවත් පැය දෙකක් පරක්කු වෙලා ඒ ගමන යන්නේ? මිනිස්සු ගුවනේ ඉන්න නෙමේ ගුවන් යානා භාවිතා කරන්නේ. ගමන් යන්න. ඉතින් මිනිස්සු කැමති වෙයිද මේකට?? අන්තිමට මිනිස්සු අර ඉන්දියන් ඒවාගේ යන්න ගනියි. හ්ම්... (නි)
ගුවන් තොටුපල, නව ගුවන් ගමන් ඉතා හොදයි. හැබැයි ගුටිකන පැතිවලට, බොරු අන්තවාදීන් ඉන්න පැති වලට ගුවන් ගමන් ඕනෑ නැහැ. (නි)
දැන් ලෝකේ මොන මොන රටවල් වලටද ගුවන් සේවා තියෙන්න (දී)
කවුරු මොන දේ කිවුවත් මේක හොද වැඩක්. (නි)
පින් සිද්දවෙන වැඩක් (දී)
ඉතාමත් හොද වැඩක් (දී)