විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා ඉකුත් සතියේදී බෙල්ජියමේ බ්‍රසල් නුවරදී යුරෝපා සංගමය සමග පැවැත්වු සාකාච්ඡා පලදායක බව යුරෝපා සංගමය කියයි.
නීතිවිරෝධි හා වාර්තා නොවූ හා නියාමනය නොවන ධීවර කටයුතු පිළිබඳ සාකච්ඡා කළ බවත්, මෙරට ධීවර ක්ෂේත්‍රය පාලනය කිරීමටත් එය නිසි ආකාරයෙන් කළමනාකරණය කිරීමටත් ඒ සඳහා විධිමත් ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකාව එකඟ වූ බව එම යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ශ්‍රී ලංකාව ගන්නා එම ක්‍රියාමාර්ග බලා සෑහිමකට පත් වූ පසු යුරෝපා සංගම් සාමාජිකයන් හා සාකච්ඡා කර ශ්‍රි ලංකාවේ මාළු මිලට ගැනීමට එරෙහිව පනවා ඇති තහනම ළිහිල් කිරීමට කටයුතු කරන බවත් යුරෝපා සංගමය දන්වා සිටියි.
යුරෝපා සංගම වෙළෙඳපොළේ මාළු වෙළඳාමේ වාර්ෂික අගය ඇස්තමේන්තුගත ලෙස යුරෝ කෝටි 1000(රුපියල් ) වන අතර නීතිවිරෝධි ලෙස මාළු ටොන් 11ත් 26ත් අතර ප්‍රමාණයක් අල්ලා ගනිතියිද එම නිවේදනයේ සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැමදේම හොද විදියට සිද්ධවෙයි.(හේ).
දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි.(හේ)
එතුමා කොහොමත් දක්ෂයා කියලා අපි දන්නවා (නි)
දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමතිතුමා මෙතුමා වෙයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත් නම් (නි)
මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පෙන්නේ..දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමැති හැටියට ගිනස් පොතටනම් නම යාවි..අපි නොදන්නා මංගල සමරවීර..(බ)
මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ..දින 100 ක් තුළ වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි..අපි නොදන්නා මංගල සමරවීර..(බ)
මේ කරන දේට අපිත් සහයෝගය ලබා දිය යුතුයි.(හේ)
යුරෝපා සංගමයට වාසි අපිට අවාසි විදියට වැඩේ කිරි ගහට ඇන්න වගේ කරලා ඇති . (බ)
අපිට වාසියක් වෙනවා නම් ඒ හොදටම ඇති.(හේ)
මංගල මහත්තයා දක්ෂයි කියලා අපි දන්නවා.(හේ)
.දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කළ විදේශ ඇමති හැටියට ගිනස් පොතටනම් නම යාවි.වගේ මෙයා (දිල්)
ජයවේවා.(හේ)
යුරෝපා සංගමයට වාසි අපිට අවාසි විදියට වැඩේ කිරි ගහට ඇන්න වගේ කරලා ඇති (බ)
සොපියා කියන්නේ මේකත් විශේෂ කුමන්ත්‍රණයක් කියලද? (නි)
සොපියා ඔයානම් දෙයියෙක් (ස)
අපි මොවුන්ගේ මතය ප්‍රතික්ෂේප නොකරමු (නි)
මම දකින විදියට මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න දක්ෂම සහ කර්යක්ෂමම ඇමතිවරයා මංගල මහත්තයායි. මේ කෙටි කාලසීමාව තුළදී එතුමා අපේ මිතුරු රටවල් අපේ මිතුරන් ලෙස තබාගන්න ගමන් අපිට විරුද්ධව සිටි රටවලුත් අපේ මිතුරන් බවට පත්කරගෙන තිබෙනවා (නි)
මම දකින විදියට මේ යහපාලන ආණ්ඩුවේ ඉන්න දක්ෂම සහ කාර්යක්ෂම ඇමතිවරයා මංගල මහත්තය කියලා. මේ කෙටි කාල සීමාව තුලදී එතුමා අපේ මිතුරු රටවල් අපේ මිතුරන් ලෙස තබා ගන්න ගමන් අපිට විරුද්දව හිටපු රටවලුත් අපේ මිතුරන් බවට පත්කරගෙන තිබෙනවා. අපි දන්නා විදියට නම් මංගල හැම දාම තමන්ගේ වගකීම රට වෙනුවෙන් ඉටු කරපු අවංක දක්ෂයෙක්, එදා 94 දී ටෙලිකොම් ඇමතිවරයා විදීයට දක්වපු දක්ෂතාවය මත තමයි අද අපේ රටේ තොරතුරු තාක්ෂනය මෙතරම් (ලෝකයේම ) දියුණු තත්වයට පත්වෙලා තියෙන්නේ, ඒවගේම නාගරික සංවර්ධන ඇමතිවරයා විදීයට අනවසර ඉදිකීරීම් ඉවත් කර නගර ලස්සන කරන වැඩේ නොයෙකුත් බාදා මැද්දේ සාර්ථකව කරගෙන ගියා. ඒවායේ ප්‍රතිපල විදීයට තමයි අද මේ කොළඹ උනත් ලස්සන වෙලා තියෙන්නේ. (නදී)
මංගල කවදත් දක්ෂයි. (ර)
මංගල කවදත් දක්ෂය. (අ)
චන්දන, ඔය හරියටම හරි. (ර)
කොහොමද වැඩ? රටටම සුබ මංගලම්! (නි)
ගොඩක් හොඳයි. (නදී)
ඔය තහනම් කලින් අයට පමණයි (නදී)
දිලුක, ඔය තහනම දැම්මේ රාජිත ඇමති තුමා ධීවර ඇමති ලෙස ඉන්න කාලෙදියි. එහෙම නම් එතුමා දක්ෂයෙක් නොවෙයිද? (නදී)
සුද්දෝ හරි කපටියි. උන්ට ඕන විදිහට වැඩ කරන කට්ටියට සලකනවා. අපේ රටවල් වලට දියුණු වෙන්න දෙන්නේ නැහැ. කොහෙන් හරි යුද්දයක් පටලවල රටවල් විනාශ කරනවා. (නදී)
සෙනරත්, පසුගිය ආණ්ඩුවේත් දක්ෂ ඇමතිවරු හිටියා. එ්ත් කොන්ද කඩලානේ තිබ්බේ. (නදී)
යුරෝපේ නැතිව අපට අපේ මාලු ටික විකුණගන්න වෙන රටවල් ඇත්තෙම නැත්ද. අපිට හිතවත් ආසියාවේ රටවලට මේ මාළු ටික විකුනන්න ක්‍රමයක් බලන්න. යුරෝපේ අපට අවශ්‍ය වෙලාවට නැති උන්ගේ වාසිය සදහා විතරක් වැඩකරන ආත්මාර්ථකමි ජාතියක් කියල තවමත් අප තේරුම් ගෙන නැති එක කණගාටුවක්. (නදී)
මේකේ අදහස් දමන සමහරු ලෝකෙට ලොක්කෝ වගේ. නමුත් කරන දෙයක් නැහැ. පුදුම අදහස් තියෙන්නේ. (නි)
රකිත කියන්නේ සීෂෙල්ස්, ස්වාසිලන්තය, බෙලරුස් වගේ රටවලට මාළු විකුණන්නද ? නැත්නම් මාලදිවයින වගේ රටවලට විකුණන්නද ? ජපානය වගේ ආසියාවේ දියුණු රටවල් තැලුණු මාළු ගන්නේ නැහැ. මාළුවා ඇල්ලූ ගමන් වතුර බඳුනකට දාලා වතුර මිදෙන්න හරිනවා. එතකොට මාළුවා ඉන්නේ අයිස් කුට්ටියක් ඇතුළේ. තැලෙන්නේ, නරක්වෙන්නේ නැහැ. නැවත අයිස් දියකරලා මාළුවා එළියට ගන්නේ ආහාරය පිළියෙළ කරන වෙලාවේදී. ඔවුන් බොහෝවිට මාළු අමුවෙන් හෝ බාගෙට අමුවෙන් කන නිසා මෙලෙස කිරීම අවශ්‍යයි. (නි)
මංගල මහතා හරිම දක්ෂයි (නි)
ජයවේවා! (නි)
ඔබගේ දක්ෂතාවයට අපෙන් සුබ පැතුම්! (නි)
මම කිවුවේ මේක මෙහෙම වෙනවා කියලා (නි)
අපි මේක මෙහෙම වෙයි කියලා හිතුවා (නි)
මංගල සමරවීර අති දක්ෂයෙක් දේශපාලන කටයුතු වලදී සහ ජාතික සහ අන්තර්ජාතික කටයුතු වලදී. ඔහුගේ කතාකිරීමේ සහජ හැකියාවත් උගත්කමත් අනුව අපේ රටට ලොකු සේවයක් ලබාදෙනවා (නි)
මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ. දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි. (නදී)
මාළු කෙසේ වෙතත් මංගල මහත්තය ඇරියස් කවර් කරනවා වගේ අපිටනම් පේන්නේ. දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි. (නදී)
මාළු කෙසේ වෙතත් දින 100 ක් තුල වැඩිම රටවල් ගණනක සංචාරය කල විදේශ ඇමති හැටියට ගිනස් පොතට නම් නම යාවි.(අ)