IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


මේ දවස්වල බිස්නස් අඩුයි

 

බොරැල්ල චෙනාස් වෙළෙඳ ආයතනයේ හිමිකරු බී. ඒ. පියසේන

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු.
බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළගා වූයේ බොරැල්ල රෙදිපිළි වෙළෙඳසලක් වෙතය. එය බී. ඒ. පියසේන මහතාගේ චෙනාස් වෙළෙඳසැලය. ඔහු මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.


Q මේ දිනවල බිස්නස් කොහොමද?


මම අවුරුදු 48 ක ඉඳන් බිස්නස් කරන්නේ. සේවකයොත් ඉන්නවා. අපි පිටකොටුවෙන් රෙදි තොග වශයෙන් මිලදීගෙන අලෙවි කරන්නේ. මේ දවස්වල බිස්නස් ගැන කියනවානම් බිස්නස් අඩුයි. 
උත්සව සමය කියන්නේ රෙදි බිස්නස්වල සීසන් එක නිසා උත්සව සමයේ හොඳට බිස්නස් තිබ්බා. උත්සව සමයෙන් පස්සේ බිස්නස් අඩුයි.


Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?


බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් තමයි ව්‍යාපාර අතර නිර්මාණය වෙලා තියන තරගකාරිත්වය. මම මුලින්ම බිස්නස් කරන කාලේ රෙදි කඩවල් හරිම අඩු ප්‍රමාණයක් තිබ්බේ. නගරයටම කඩ කීපයයි තිබ්බේ. 
ඒ නිසා හොඳට බිස්නස් තිබ්බා. එහෙත් දැන් බලන බලන තැන රෙදි වෙළෙඳසල්. ඒ නිසා පාරිභෝගිකයෝ බෙදිලා යනවා. අනික හැම වෙළෙඳසලකම බලලා ගණන් අහලා අඩුම තැනින් තමයි මිලදී ගන්නේ. 
අනෙක් දේ තමයි දැන් පාරිභෝගිකයෝ හුරුවෙලා තියෙන්නේ නම ගිය මහ පරිමාණ රෙදි වෙළෙඳසල් වෙත යන්න. ඒවගේ රෙදි, පාවහන්, තිර රෙදි, ඇද ඇතිරිලි, බෑග්, සෙල්ලම් භාණ්ඩ ආදී බෝහෝ දේ එකම තැනකින් මිලදී ගන්න පුළුවන් වීම ඒකට එක හේතුවක්.
ඒවගේම තෝරා ගැනීමට විශාල එකතුවක් තියන නිසා අපේ වගේ පොඩි වෙළෙඳසල් වෙත පාරිභෝගිකයෝ එන්නේ හරිම අඩුවෙන්. ඒ නිසා අපිට බිස්නස් අඩුයි.
ශෂිකා අබේරත්න
ඡායාරූප :
ඉසුරු පෙරේරා 



අදහස් (0)

මේ දවස්වල බිස්නස් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1968 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1546 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 541 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site