IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


බිස්නස්වල වරදක් නෑ

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී 

ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ පිළියන්දල එළවළු සහ පලතුරු වෙළෙඳසලක් වූ දිමුතු සුපර් වෙතය. එහි හිමිකරු වූ ජී.ඒ. මන්දික  මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් බිස්නස්වල තත්වයේ වරදක් නෑ. සාමාන්‍ය පරිදි කෙරීගෙන යනවා. පාරිභෝගිකයන්ගේ පැමිණීමත් හොඳයි. අවුරුද්ද පුරාවටම එක වගේ බිස්නස් තියනවා. කොහොමත් අපේ බිස්නස්වලට සීසන් එක්ක නෑනේ.

Q වෙ​ෙළඳාම හොඳවීමට බලපෑ හේතු මොනවාද?

මම මේ බිස්නස් එක කරන්නේ දැනට අවුරුදු 17 ක ඉඳන්. සේවකයොත් 5 දෙනෙක් වැඩ කරනව. බිස්නස් හැමදාම හොඳට තියෙන්න හේතුවක් තමයි අපි අවංකව මේ බිස්නස් එක කරන්නේ. ඕනෑම බිස්නස් එකක් අවංකව කරනවා නම් කාටත් හොඳට බිස්නස් කරන්න පුළුවන්. 

අපි විකුණන්නේ එළවළු පලතුරු නිසා තැලුනු නරක් වුණ ඒවා අපි පාරිභෝගිකයන්ට දෙන්නේ නෑ. අපි කොරටුවලට ගිහිල්ලමයි අරන් එන්නේ. අනික අපි පලතුරු ඉදවන්න බෙහෙත් ගහන්නේ නෑ. දුම් ගහලා තමයි ඉදවන්නේ. ඒ නිසා හොඳ නැවුම් පලතුරු පරීභෝගිකයන්ට ලබා දෙන්න අපට පුළුවන්. අපි ළඟ තියෙන්නේ හොඳ එළවළු පලතුරු කියලා දන්න පාරිභෝගිකයෝ හැමදාම අපි ළඟට එනවා. අපි පාරිභෝගිකයන්ට වංචා කරන්නේ නෑ. සාධාරණ මුදලට හොඳම දේ තමයි දෙන්නේ. ඒ නිසා තමයි බිස්නස් හොඳට තියෙන්නේ.

ශෂිකා අබේරත්න
ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි



අදහස් (0)

බිස්නස්වල වරදක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 571 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site