IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස්වල තිබෙන්නේ අඩුවීමක්

 


ශෂිකා අබේරත්න


මේ දිනවල වෙළදාමේ තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. වෙ​ෙළදාමේ තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කිරිබත්ගොඩ  පාවහන් වෙෙළඳසැලක්  වූ නයිල් ෂූ ස්ටයිල් වෙතය. එහි හිමිකරු වූ දිනේෂ් කුමාර සුමනපාල  මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

මම 2004 ඉදන් මේ බිස්නස් එක කරන්නේ. පාවහන් මෙරටින් තොග වශයෙන් මිලදී ගන්නවා වගේම ඩුබායිවලින් ආනයනය කරනවා. මේ දවස්වල බිස්නස් ගැන කියනවා නම් සමස්තයක් ලෙස ගත්තාම බිස්නස්වල අඩුවක් තියනවා. අවුරුදු සීසන් එකේනම් බිස්නස් තිබ්බා. ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ බිස්නස් අඩුයි. අවුරුදු සීසන් එකට අමතරව නැතත් කාලෙට එනම් විවාහ මංගල උත්සව කාලෙට අපිට බිස්නස් තියනවා. මොකද මනාලියන්ට මනාලයන්ට අවශ්‍ය පාවහන් ලොකු එකතුවක් අපි ළඟ තියනවා.

Q බිස්නස් අඩුවීමට බල පෑ හේතු මොනවාද?
බිස්නස් අඩු වෙන්න බලපාන එක හේතුවක් නෙමෙයි හේතු ගොඩක් තියනවා. ප්‍රධානම හේතුව තමයි මිනිස්සු ළඟ සල්ලි නැති එක. මේ තියන ආර්ථික තත්වෙත් එක්ක හිතේ හැටියට වියදම් කරන්න මිනිස්සුන්ට සල්ලි නෑ. සෙරප්පු මිලදී ගන්න ආවත් අඩු මිල ගණන් යටතේ තමයි පාවහන් හොයන්නේ. අඩු මිල ගණන් පාවහන් තෝරාගෙන ඒකත් තවත් ගණන් අඩු කරලා තමයි ඉල්ලන්නේ. බිස්නස් අඩු වෙන්න තවත් හේතුවක් තමයි කිරිබත්ගොඩ කියන්නේ විශාල වෙ​ෙළද නගරයක්. ඕනෑම වර්ගයක භාණ්ඩ මිලදී ගැනීමට අවශ්‍ය වෙෙළඳසැල් මේ නගරයේ තියනවා. පාවහන් වෙෙළඳසැලු‍ත් ගණන් කරන්න බැරි තරමටම තියනවා. නම ගිය ලොකු වෙ​ෙළඳසැල් ඉඳලා පාර අයිනේ බිස්නස් කරන අය දක්වා පාවහන් අලෙවි කරනවා. ඒ නිසා පාරිභෝගිකයන්ට තෝරගන්න තියන අවස්ථාව වැඩී. ඒකත් හේතුවක් බිස්නස් අඩු වෙන්න.


ඡායාරූප: ඉසුරු පෙරේරා


 



අදහස් (0)

බිස්නස්වල තිබෙන්නේ අඩුවීමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 549 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1076 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site