IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් වැඩිවීමක් වෙලා නෑ


රත්‍තරන් කියන්නේ අනෙක් ලෝහවලට වඩා බොහොම පහසුවෙන් ඔපමට්ටම් කිරීමට හැකි ලෝහයකි. ඒ වගේම රත්තරන් කියන්නේ බොහොම පහසුවෙන් අනෙකුත් ලෝහ සමඟ මිශ්‍ර කිරීමට ද පුළුවන් ලෝහයකි. රත්‍තරන්වල ඝනත්වය එකිනෙකට වෙනස් වේ. මේ වන විට නවීන තාක්ෂණයත් සමග විවිධ වර්ණවල රත්තරන් වෙළෙඳපොළට පැමිණ තිබේ. 

මංගල දිනය, උත්සව සමය තුළ පාරිභෝගිකයන් ඇඳුම් පැළඳුම් මිලදී ගැනීමට දැඩි කැමැත්තක් දක්වනවා වගේම, ඇතැම් පිරිස් රන් ආශ්‍රිත නිෂ්පාදන මිලදී ගැනීමට රුචිකත්වයක් දක්වති. මෙරට රන් භාණ්ඩ මිලදී ගැනීම සම්බන්ධයෙන් කියූ සැනින් මතකයට නැගෙනුයේ කොළඹ කොටුවේ හෙට්ටිවීදියයි. එහෙත් රන් අලෙවිය ඊට සීමා නොවී ප්‍රධාන නගර කේන්ද්‍රකරගෙන ද ක්‍රියාත්මක වේ. 

මේ දිනවල රන් භාණ්ඩ නිෂ්පාදනවල වෙළෙඳපොළ කොයි ආකාරයෙන් ද පවතින්නේ යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය ගමනේ දී අපි ගොඩවැදුනේ කිරිබත්ගොඩ වෙළෙඳනගරයේ වසර දහයක කාලයක සිට රන් භාණ්ඩ ව්‍යාපාරයේ නියුතු ශ්‍රී ලේඛා ජුවලර්ස් වෙළෙඳ ආයතනය වෙතටයි. එම වෙළෙඳ ආයතනයේ හිමිකරුවන චමින්ද ලු‍ණුගම මහතා මේ දිනවල රත්‍රන් වෙළෙඳපොළ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

රත්තරන් මිලේ වැඩිවීමත් එක්ක රත්‍තරන්වලට තිබූ ඉල්ලු‍ම මේ වෙද්දී අඩුවෙලා තියෙන්නේ. ගිය වසර සහ මේ වසර එක්ක බැලු‍වාම ගිය වසරෙයි මේ වසරෙයි කියලා බිස්නස් වැඩිවීමක් වෙලා නෑ. රත්තරන් මිල වැඩිවීම නිසා පාරිභෝගිකයෝ මිලදී ගැනීම්වලින් ඈත් වෙලා ඉන්නේ.

බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

අද වෙද්දී රන් පවුමක් රුපියල් 250,000ක් වෙනවා. එය සෑදීමට වැයවන මුදල (කුලිය) එකතු වුණාම 270,000ක මුදලකට තමයි අලෙවි වෙන්නේ. රන් මිලෙහි ස්ථාවරයක් නොමැතිවීම බිස්නස් පහත වැටීමට ප්‍රධානවම බලපානවා. අද තියෙන මිල නෙමෙයි හෙට තියෙන්නේ.

මේ කාල සීමාව විවාහ මංගල උත්සව පැවැත්වෙන කාල සීමාව වුවද, පවතින රත්‍රන් මිලත් එක්ක උත්සව සමයේ කියලා විශේෂ මිලක් නියම කරන්න අපහසුයි. රන් භාණ්ඩ සාදන පිරිසට වැඩ කුලිය දෙන්න ඕනේ. වෙළෙඳ සහයකයන්ට මාසික වේතන දෙන්න ඕනේ. ඒ නිසා රත්‍තරන්වලට විශේෂ වට්ටමක් දීලා මේ බිස්නස් එක පවත්වාගෙන යන්න මේ වෙද්දී හැකියාවක් නැහැ. 

ඒ වගේම රත්‍තරන් මිල පාරිභෝගිකයන්ගේ අතේ ඇති මුදලට දරන්න අමාරුයි. දැන් පවුමක රත්‍තරන් භාණ්ඩයක් ගන්නවා කියන එක හීනයක් බවට පත්වෙලා තියෙන්නේ. සෑම පාරිභෝගිකයකුම උත්සාහ කරන්නේ අතේ ඇති මුදලට කැරට් ප්‍රමාණයෙන් අඩු රන් ආභරණයක් සාදා ගන්න. 

කලින් පවුමක් මිලදී ගත්ත මුදලට තමයි මේ වෙද්දී පවුම් භාගයක් සාදා ගන්න වෙලා තියෙන්නේ. රත්‍තරන් මිල ඉහළ යාමත් එක්ක පාරිභෝගිකයෝ පීඩාවට පත්වෙලා ඉන්නවා වගේම, රත්‍තරන් මිලෙහි ස්ථාවරත්වය නොමැතිවීම නිසා ව්‍යාපාරිකයන් වන අපත් පීඩාවට පත්වෙලා ඉන්නේ.

මනීෂා වීරසිංහ


ඡායාරූප : ඉසුරු පෙරේරා

 



අදහස් (0)

බිස්නස් වැඩිවීමක් වෙලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 553 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site