IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


බිස්නස් නම් ටිකක් අඩුයි

මේ දිනවල බිස්නස්වල තත්වය පිළිබඳව සොයා බැලීමට අපි පිටකොටුව, නුගේගොඩ, මහරගම, කොහුවල, දෙහිවල, වැල්ලම්පිටිය, කොලොන්නාව, බොරැල්ල, දෙමටගොඩ, කිරිබත්ගොඩ ආදී ප්‍රදේශවල ඇඳුම්, පාවහන්, තිර රෙදි, ප්ලාස්ටික් බඩු, පාසල් උපකරණ, ගෘහ උපකරණ ආදී එකී මෙකී නොකී භාණ්ඩ අලෙවිසැල් වෙත ගියෙමු. බිස්නස්වල තතු සෙවීමට අප මෙවර ළඟා වූයේ කොට්ටාවේ විමලසිරි ෆර්නිචර් හවුස් වෙළෙඳසල වෙතය. එහි හිමිකරු වූ ඩබ්ලිව්. ගම්ලත් මහතා මේ දිනවල බිස්නස් පිළිබඳ දැක්වූයේ මෙවැනි අදහසකි.

Q මේ දිනවල බිස්නස් කොහොමද?

අපි විකුණන්නේ ගෘහ භාණ්ඩ. මේ ව්‍යාපාරය අවුරුදු 63 ක් පරණ ව්‍යාපාරයක්. පරම්පරාවෙන් තමයි මටත් උරුම වුණේ. අපේම නිෂ්පාදනාගාරයක් තියනවා. ඊට අමතරව වෙනත් තොග වෙළෙඳ ආයතනවලින් මීලදී ගන්නා භාණ්ඩත් අපි ළඟ තියනවා. මේ දිනවල බිස්නස් ගැන කියනවා නම් බිස්නස්නම් ටිකක් අඩුයි. 

Q බිස්නස් අඩුවීමට බලපෑ හේතු මොනවාද?

බිස්නස් අඩු වෙන්න බලපාන එක ප්‍රධාන හේතුවක් තමයි භාණ්ඩ මිල ඉහළ යාම. භාණ්ඩ මිල වැඩි වෙන්න හේතු තමයි නිෂ්පාදන භාණ්ඩ මිල ඉහළ යාම. මේ දිනවල වෙළෙඳපොළේ ලී, කුෂන් ඊට අමතරව ටිනර, තීන්ත, විවිධ වූ ආලේපන ආදී ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට යොදාගන්නා ද්‍රව්‍ය මිල ගොඩක් ඉහළයි. ඒ නිසා අඩු මිල ගණන්වලට ගෘහ භාණ්ඩ නිර්මාණය කරන්න වගේම අපිට බාහිරින් මිලදී ගන්නත් බෑ. ඒ නිසා විකුණුම් මිල ඉහළ යනවා. බිස්නස් අඩු වෙන්න බලපාන අනෙක් හේතුව තමයි පරිභෝගිකයන්ගේ ආර්ථික මට්ටම. මිනිස්සුන්ට අත්‍යාවශ්‍ය දේවල් මිලදී ගන්නවා ඇරෙන්න ගෘහ භාණ්ඩ මිලදී ගන්නේ අඩුවෙන්. ඒකත් හේතු වෙනවා අපිට බිස්නස් අඩු වෙන්න. ඕක තමයි මේ දවස්වල බිස්නස්වල තත්වය.

ශෂිකා අබේරත්න
ඡායාරූප: ඉසුරු පෙරේරා



අදහස් (0)

බිස්නස් නම් ටිකක් අඩුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 567 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 280 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1083 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site