(හර්ෂණ තුෂාර සිල්වා)
‘බිස්නස් ටුඩේ ටොප් 30’ සහ ‘බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීම’ යන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (12) පැවැත්විණි.
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන පෙළේ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය විය.
මෙහිදී ‘බිස්නස් ටුඬේ ටොප් 30’ අංශයේ යටතේ සමාගම් 30කට සම්මාන පිරිනැමුණු අතර ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යටතේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයන් සිවුදෙනකුට සම්මාන පිරිනැමිණි.
ඉන්ද්‍ර කුමාර සිල්වා, සෝලි කැප්ටන්, ඇලෙක්සිස් ලොවෙල් සහ දමිත රාමනායක යන මහත්වරු ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යන අංශයේ යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූහ.
‘බිස්නස් ටුඩේ ටොප් 30’ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම සමත්වූ අතර ඔවුන් එම ස්ථානය දිනා ගනු ලැබුවේ අඛණ්ඩව නවවැනි වරටය.
දෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් තෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් හිමිවිය.
කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බො ඥාණිස්සර හිමි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ව්‍යාපාරියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
ඡායාරූප - ඉෂාන් සංජීව




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සම්මානයත් නැවත. ආපසු. දුන්. කෙනාටම දෙන්න. පාඩු පිට.පාඩු ලබන්න කලින්