IMG-LOGO

බිස්නස් ටුඩේ ටොප් 30 ප්‍රථම ස්ථානය ජෝන් කීල්ස් සමාගමට

(හර්ෂණ තුෂාර සිල්වා)

බිස්නස් ටුඩේ ටොප් 30’ සහ බිස්නස් ටුඬේ විශේෂ පිළිගැනීමයන සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී අද (12) පැවැත්විණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රධාන පෙළේ උත්සවයකට සහභාගී වූ පළමු අවස්ථාව ද මෙය විය. 

මෙහිදී  ‘බිස්නස් ටුඬේ ටොප් 30’ අංශයේ යටතේ සමාගම් 30කට සම්මාන පිරිනැමුණු අතර ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යටතේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයන් සිවුදෙනකුට සම්මාන පිරිනැමිණි.

ඉන්ද්‍ර කුමාර සිල්වා, සෝලි කැප්ටන්, ඇලෙක්සිස් ලොවෙල් සහ දමිත රාමනායක යන මහත්වරු ‘බිස්නස් ටුඩේ විශේෂ පිළිගැනීම’ යන අංශයේ යටතේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සම්මාන ලැබූහ. 

‘බිස්නස් ටුඩේ ටොප් 30’ අංශයේ ප්‍රථම ස්ථානය දිනාගැනීමට ජෝන් කීල්ස් හෝල්ඩිංස් සමාගම සමත්වූ අතර ඔවුන් එම ස්ථානය දිනා ගනු ලැබුවේ අඛණ්ඩව නවවැනි වරටය.

දෙවැනි ස්ථානය හැටන් නැෂනල් බැංකුවත් තෙවැනි ස්ථානය කොමර්ෂල් බැංකුවටත් හිමිවිය. 

කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ විහාරාධිපති ගල්බො ඥාණිස්සර හිමි, අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, ව්‍යාපාරියෝ ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

ඡායාරූප - ඉෂාන් සංජීව



අදහස් (1)

බිස්නස් ටුඩේ ටොප් 30 ප්‍රථම ස්ථානය ජෝන් කීල්ස් සමාගමට

chathuri Tuesday, 13 November 2018 11:23 AM

මෙම සම්මානයත් නැවත. ආපසු. දුන්. කෙනාටම දෙන්න. පාඩු පිට.පාඩු ලබන්න කලින්

:       1       16

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 754 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1174 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site