
කරන්දෙණිය එම්. සුසිල් ප්‍රියන්ත
බලපිටිය විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති මහේෂ් කුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය දීමනා එකතුකර එම ආයතනයට අත්‍යවශ්‍යව තිබූ පරිගණකයක් මිලදී ගෙන ප්‍රදානය කළේය.
මේ කාර්යය සඳහා එම සමූපකාර සමිතියේ සභාපති මහේෂ් කුමාර මහතා ඇතුළු අධ්‍යක්ෂකවරු සත් දෙනා රුපියල් දෙලක්ෂයක පමණ සිය මාසික දීමනා පරිත්‍යාග කළහ.
එකී පරිගණකය බලපිටිය විවිධ සේවා සමූපකාර සමිතියේ සාමාන්‍යාධිකාරී අචිනි මදුෂානි මහත්මියට එම සමූපකාර ප්‍රධාන කාර්යාලයේදී සභාපති මහේෂ් කුමාර, උපසභාපති අනුරාධ ප්‍රියදර්ශන, අධ්‍යක්ෂ නෙල්සන් විජේසිරි යන මහත්වරුන් විසින් භාරදුන් අවස්ථාවයි මේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd