ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඊයේ (19) දිනයේදී සියයට 5කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ යමින් ඩොලර් 90 ක සීමාවට ළගා විය. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 88.10 ක් එක්සත් ජනපද ඩොලර් 3.87 ක එනම් සියයට 4.59 ක අගයකින් ඉහළ ගොස් තිබුණි. එසේම වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිලට ඩොලර් 82.44 ක් දක්වා ඩොලර් 3.49 කින් එනම් සියයට 4.42 කින් ඉහළ ගොස් තිබුණි.
මැදපෙරදිග කලාපයේ යළිත් වරක් උද්ගතව පවතින ඉරාන - ඇමෙරිකා යුද ගැටුම් මෙලෙස ඉන්ධන මිල ඉහළ යාමට හේතුව වී තිබේ. පසුගිය පෙබරවාරි 28 වැනිදා මෙම යුද ගැටුම් පළමුවරට වාර්තාවීමෙන් පසුව මාර්තු 06 වැනිදා මාස ගණනාවකට පසුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 ඉක්මවීමක් වාර්තා විය.
කෙසේ වෙතත් මෙම නවතම යුද ගැටුම් තත්ත්වය තවදුරටත් දරුණු වුවහොත් ඉදිරියේදී යළිත් බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවීමේ අවදානමක් පවතිනු ඇති බවත් ආර්ථික විශ්ලේෂතයෝ සඳහන් කර සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd