බත් පැකට්ටුවක මිල සඳුදා (18) සිට රුපියල් 10කින් වැඩි කරන බව ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය පවසයි.
එහි සංවිධායක අසේල සම්පත් මහතා පැවසූයේ රටේ හාල් මිල ඉහළ යෑම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.
‘මෙම තීරණය ගත්තේ ලාබ ලැබීමට නොවෙයි. දිනෙන් දින හාල් මිල ඉහළ යනවා. සාමාන්‍යයෙන් එළවළු කෑම පැකට්ටුවක මිල රුපියල් 100ක්. එය රුපියල් 110 දක්වා ද මාළු කෑම පැකට්ටුවක් රුපියල් 130 සිට රුපියල් 140 දක්වා ද කුකුළු මස් කෑම පැකට්ටුවක මිල රුපියල් 160 සිට රුපියල් 170 දක්වා ද ඉහළ දමා තිබෙනවා. හාල්වලට පාලන මිලක් ඇති කිරීමට රජය අපොහොසත්ව තිබෙනවා‘ යැයි ද ඔහු කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා! (බ)
වැඩි වෙනවා විතරයි, අඩුවෙන්නේ නැහැ, ඉස්සරහට හාල් මිල අඩුවුනත් බත් පාර්සලයේ මිල අඩුවෙන්නේ නැත (බ)
අපි බත් නොකා කේක් කමු (නි)
මෙහෙම ගියොත් නොකා නොබී මැරෙන්නයි වෙන්නේ (නි)
මදැයි කළා! කොහොමද වෙනස? (නි)
හාල් කිලෝවකින් අඩුම තරමින් කෑම පාර්සල් 6-7 සැදිය හැක. අඩුම වශයෙන් රුපියල් 70 ක ලාබයකි. මෙතරම් මිලකින් සහල් වැඩිවූයේ නැත. ඉදිරියේදී සහල් මිල අඩුවුවත් කෑම මිල අඩු නොවේ. (නි)
වෙනසක්නේ ඉල්ලුවේ. ඔන්න දුන්නා ඉතින්... (නි)
නොකා නොබී මැරෙන්නද කියන්නේ අපිට? (නි)
අන්තිමේදී සාමාන්‍ය ජනතාව වන අපි දුකේ. මිනිසුනේ, තේරුම් ගනිල්ලා (නි)
වෙළෙන්ඳන් කියන එපාම කරපු ජාතිය විකුණන්නේ වස. ඉන්ධණ, ගෑස් අඩුවුණා. ඒවායේ වාසිය පාරිභෝගිකයාට ලැබුනද? ඒ වුණාට පාන්පිටි කිලෝ 1 ක් රුපියලකින් වැඩි වුණොත් පාන් රාත්තල රුපියල් 5 කින්, ආප්පය රු 2න් වැඩිකරනවා. මොවුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනෑ (නි)
බත් මිලයි බස් ගාස්තුයි වැඩිකරනකොට මහජනතාවට වෙන්නේ බත් නොකා ඉන්න එකයි, ගමන් නොගිහින් ඉන්න එකයි. මේ වැඩිවෙන ඒවා ආයේ මොනවා අඩුවුණත් අඩුවෙන්නේ නම් නැහැ කවදාවත්. (නි)
කාට කියන්නද මේ දුක? (නි)
ඉස්සරහට බඩගින්නේ තමා ඉන්න වෙන්නේ (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)