IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


පළතුරු වගාවට චීන සහාය

මෙරට පලතුරු බෝග වගා නිෂ්පාදනය සහ කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකට තාක්ෂණික සහාය ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
 
මහජන චීන සමූහාණ්ඩුවේ දකුණු - දකුණු සහයෝගීතා සංවිධානය එලෙස තාක්ෂණික සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
 
කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම මගින් දේශීය සහ අපනයන වෙළෙඳපොළට ගැලපෙන බෝග වෙළෙඳ කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
 
මෙම ව්‍යාපෘතිය යටතේ පලතුරු උද්‍යාන හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා ආයෝජනය ආරක්ෂණය වැඩිවන පරිදි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
 
 
(055)



අදහස් (8)

පළතුරු වගාවට චීන සහාය

රජින්ද Tuesday, 23 January 2018 12:11 PM

බුදු අම්මෝ නිකන් උදව් කලත් ගන්න එපා. චීනේ කියන්නේ වැඩියෙන්ම ජාන විකෘති කරපු ආහාර නිෂ්පාදනය කරන රටක්. එයාලගේ ක්‍රම යොදා ගත්තොත් අපේ රටේ පස සම්පුර්ණයෙන්ම ඉවරයි.

:       223       255

de silva Tuesday, 23 January 2018 12:29 PM

චීන සහය නැතුව අපිට පලතුරු ටිකක්වත් ලංකාවේ වවාගන්න බැරිද?

:       157       162

සිරියාවතී Wednesday, 24 January 2018 12:53 AM

අපිට චීන ඇපල්, නාරන්, දෙළුම්, දොඩම් හදලාම දෙයි. අපේ තිබුන දොඩම්,පෙයාර්ස් වලට වුන දේ මතක නැත්ද?

:       84       44

pitigala Wednesday, 24 January 2018 02:17 AM

අපේ බිබිලේ දොඩම් වගාවත් ඔය වගේම පිටරටකින් ඇවිත් නගා සිටුවලා දැන් අපි ඒ රටෙන් දොඩම් ආනයනය කරනවා. ඉතුරු පලතුරු ටිකත් නගා සිටුවන්න ගිහින් ඒවාත් අපට අනාගතේදී චීනෙන් ගෙන්නන්න වේවිද?

:       145       188

vernonThursday, 25 January 2018 10:17 AM

ඔය කියන සිදුවීම වු‍ණේ ලංකාවේ බිබිල ප්‍රදේශයට විදේශාධාර ව්‍යාපෘතියක් යටතේ අන්නාසි වගා කරන්න උදව් ලැබිලා. වගා කරන්න උපදෙස්, මූල්‍ය අනුග්‍රහයත් ලැබුණා. අස්වැන්නත් මිලට ගත්තා. දෙවන වතාවේ තමුන්ටම අස්වැන්න විකුණගන්න වුණා. ඒත් හැමදේම නිකං ගන්න බලන් ඉන්න සමහරු දොඩම් වගාව අතැරලා තමයි අන්නාසි වැව්වේ. ඒ වගේම තනියම අස්වැන්න විකුණ ගන්න ගියේ නෑ. ශ්‍රී ලංකාව වගේ කුඩා වෙළෙඳපොළක් ලෝකයේ ලොකුම දොඩම් වෙළෙන්දෙකුට වැඩක් නෑ. වරද්ද ගත්තේ ලංකාවේ මිනිස්සුමයි. අන්තිමේදි අන්නාසිත් නෑ, දොඩමුත් නෑ.

:       0       12

David Thursday, 25 January 2018 01:36 PM

අපේ පාරම්පරික පලතුරු ටික නැති වෙලා ජාන විකුර්ති කරපු පලතුරු රටේම පැතිරෙන වැඩක්...

:       0       45

Shamali Thursday, 25 January 2018 06:34 PM

සෙසු රටවල් අතරින් දකුණු ආසියානු කලාපිය රටවල වැවෙන පලතුරු ශාක වර්ග තනිකරම ඖෂදීය ගුණය ස්වබාවිකව අඩංගුය. ශ්‍රී ලංකාවේ ශාක වල මෙම ගුණය ඉතා ඉහලින් ඇති අතර මිනිසුන් තුල නීරෝගී බව වර්දනයට එය ඉවහල් වේ. දේශීය හෙළ වෙදකම ඉහලින් අප වැනි රටවල අතීතයේ පැවතුනේ මෙම ඖෂද ගුණ සහිත ශාක බහුල වූ නිසාය. නමුත් මිනිසුන් මේ තුලින් ඇත් වී පිටරටින් එන පලතුරු ආහාරයට ගැනීමත්, ජාන වෙනස් කල සහ ඇට නැති පලතුරු මෙරට වගා කිරීමත් නිසා පලතුරු එළවලු වල ස්බාවිකව පවතින ඖෂදීය ගුණය වර්තමානයේ මිනිසුනට නොලැබී ඇත.

:       0       28

රාජුන් Friday, 26 January 2018 02:59 AM

අන්තර්ජාලයට ගිහින් බලන්න චීනුන් එළවලු වල පැහැය වැඩි කිරීමටත්, නරක් නොවී කල් තබා ගැනීමටත්, එළවලු අස්වැන්න වැඩි කරගැනීමටත් කරන නීති විරෝධී ක්‍රියා. භාවිතා කරන තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය. මොවුන් එළවලු, මස් මාංශ ආදිය නෙවෙයි අත දරුවන් බොන ළදරුකිරි පිටි වලට පවා නොයෙකුත් තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය එක් කළා. මෙම සිදධිය ලොවම කැළඹීමකට පත් කළා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 647 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17684 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 731 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site