මෙරට පලතුරු බෝග වගා නිෂ්පාදනය සහ කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතියකට තාක්ෂණික සහාය ලබාදීමට චීන රජය එකඟතාව පළ කර තිබේ.
මහජන චීන සමූහාණ්ඩුවේ දකුණු - දකුණු සහයෝගීතා සංවිධානය එලෙස තාක්ෂණික සහයෝගය ලබාදීමට එකඟතාව පළ කර තිබේ.
කාර්යක්ෂම කෘෂි ව්‍යාපාර අංශයක් ප්‍රවර්ධනය කිරීම මගින් දේශීය සහ අපනයන වෙළෙඳපොළට ගැලපෙන බෝග වෙළෙඳ කටයුතු ඉහළ නැංවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
මෙම ව්‍යාපෘතිය යටතේ පලතුරු උද්‍යාන හා සැකසුම් මධ්‍යස්ථාන සඳහා ආයෝජනය ආරක්ෂණය වැඩිවන පරිදි රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීමට ද සැලසුම් කර තිබේ.
(055)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු අම්මෝ නිකන් උදව් කලත් ගන්න එපා. චීනේ කියන්නේ වැඩියෙන්ම ජාන විකෘති කරපු ආහාර නිෂ්පාදනය කරන රටක්. එයාලගේ ක්‍රම යොදා ගත්තොත් අපේ රටේ පස සම්පුර්ණයෙන්ම ඉවරයි.
චීන සහය නැතුව අපිට පලතුරු ටිකක්වත් ලංකාවේ වවාගන්න බැරිද?
අපේ බිබිලේ දොඩම් වගාවත් ඔය වගේම පිටරටකින් ඇවිත් නගා සිටුවලා දැන් අපි ඒ රටෙන් දොඩම් ආනයනය කරනවා. ඉතුරු පලතුරු ටිකත් නගා සිටුවන්න ගිහින් ඒවාත් අපට අනාගතේදී චීනෙන් ගෙන්නන්න වේවිද?
අපේ පාරම්පරික පලතුරු ටික නැති වෙලා ජාන විකුර්ති කරපු පලතුරු රටේම පැතිරෙන වැඩක්...
සෙසු රටවල් අතරින් දකුණු ආසියානු කලාපිය රටවල වැවෙන පලතුරු ශාක වර්ග තනිකරම ඖෂදීය ගුණය ස්වබාවිකව අඩංගුය. ශ්‍රී ලංකාවේ ශාක වල මෙම ගුණය ඉතා ඉහලින් ඇති අතර මිනිසුන් තුල නීරෝගී බව වර්දනයට එය ඉවහල් වේ. දේශීය හෙළ වෙදකම ඉහලින් අප වැනි රටවල අතීතයේ පැවතුනේ මෙම ඖෂද ගුණ සහිත ශාක බහුල වූ නිසාය. නමුත් මිනිසුන් මේ තුලින් ඇත් වී පිටරටින් එන පලතුරු ආහාරයට ගැනීමත්, ජාන වෙනස් කල සහ ඇට නැති පලතුරු මෙරට වගා කිරීමත් නිසා පලතුරු එළවලු වල ස්බාවිකව පවතින ඖෂදීය ගුණය වර්තමානයේ මිනිසුනට නොලැබී ඇත.
අන්තර්ජාලයට ගිහින් බලන්න චීනුන් එළවලු වල පැහැය වැඩි කිරීමටත්, නරක් නොවී කල් තබා ගැනීමටත්, එළවලු අස්වැන්න වැඩි කරගැනීමටත් කරන නීති විරෝධී ක්‍රියා. භාවිතා කරන තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය. මොවුන් එළවලු, මස් මාංශ ආදිය නෙවෙයි අත දරුවන් බොන ළදරුකිරි පිටි වලට පවා නොයෙකුත් තහනම් කරන ලද රසායනික ද්‍රව්‍ය එක් කළා. මෙම සිදධිය ලොවම කැළඹීමකට පත් කළා.