
මෙවර පොසොන් පුණ්‍යෝත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහමෙව්නා උයනේ පැවති වාර්ෂික සති පිරිත් සජ්ඣායනයට සමගාමීව, ලංකා බැංකුවේ බැතිබර දායකත්වයෙන් ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සාර්ථකව සංවිධානය කරනු ලැබීය.
පොසොන් පොහොය දිනට පෙර දින රුවන්වැලි මහා සෑය අභියස පැවති බැති ගී සරණිය, ලංකා බැංකුවේ භක්ති ගීත කණ්ඩායම සහ අනුරාධපුර දිස්ත්‍රික් සිසු දරු දැරියන්ගෙන් සමන්විත භක්ති ගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලැබූ අතර, එය බැතිමතුන්ගේ මහත් ආකර්ෂණයට හා ප්‍රසාදයට ලක් විය.
පොසොන් පොහෝ දිනයේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස සිල් සමාදන් වූ උවැසි උවැසියන්ට සහ පැමිණි බැතිමතුන් වෙනුවෙන් තේපැන් දන්සලක් සංවිධානය කරනු ලැබූ අතර, මිහින්තලේ පුදබිමේ සිල් සමාදන් වූ උවැසි උවැසියන් සඳහා උදෑසන හීල් දානය ද පිරිනමනු ලැබීය. තවද, තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ විදුලි පහන් ආලෝක පූජාව ද ලංකා බැංකුවේ දායකත්වයෙන් පැවැත්විය.
මෙම පුණ්‍යමය කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සඳහා නොමද දායකත්වයක් ලබා දුන් ගනුදෙනුකාර භවතුන්, බැතිමතුන්, කාර්ය මණ්ඩලය ඇතුළු නන් අයුරින් සහය දැක්වූ ඔබ සැමට ලංකා බැංකුව සිය ගෞරවපූර්වක කෘතඥතාව පළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd