
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් සමාගමෙහි පූර්ණ හිමිකාරීත්වය සහිත පැල්වත්ත ෆුඩ්ස් (පෞද්) සමාගම කුරුණෑගල පිහිටි සිය දියර කිරි නිෂ්පාදන කර්මාන්තශාලාව සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමගින් රුපියල් බිලියන 1.86 ක් වටිනා ආයෝජන ගිවිසුමකට පිවිසීමට කටයුතු කළ බව පවසයි.
පැල්වත්ත ඩේරි ඉන්ඩස්ට්‍රීස් සමාගමේ සභාපති ආරියශීලි වික්‍රමනායක සහ ආයෝජන මණ්ඩලයේ වැඩබලන සභාපති ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන යන මහත්වරුන් අතර එම මණ්ඩලයේදී මෙම එකඟතාව අත්සන් තබා තිබේ.
මෙම ආයෝජනය මගින් පැල්වත්ත ෆුඩ්ස් (පෞද්) සමාගම නවීනතම මාදිලියේ ස්වයංක්‍රීය දියර කිරි නිෂ්පාදන පරිශ්‍රයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, ඒ හරහා නැවුම් කිරි සහ චොකලට්, වැනිලා, ස්ට්‍රෝබෙරි සහ අයිස් කෝපි යන රස සහිත කිරි නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd