IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


පාලම් 210ක්

ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ රට පුරා පාලම් 210 ක් ඉදිකිරීමේ වැඩසටහන යටතේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ඉදි කැරෙන පාලම් 11 ක වැඩ මේ වන විට අවසන් අදියරේ පවතී.

පාලම් ඉදිකෙරෙන්නේ මොණරාගල දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 කය.මොණරාගල දිස්ති‍්‍රක් ලේකම් ඒ.පද්මනාදන් මහතාට අනුව පාලම් ඉදිකිරීමෙන් ලක්ෂ 3 කට ආසන්න ජනතාවකට සෙත සැළසෙනු ඇත.

පාලම් 210 වැඩපිළිවෙල දිවයිනේ තවත් දිස්ති‍්‍රක්ක 14 ක කි‍්‍රයාත්මකය.මෙම පාලම් ආරුක්කු නොමැතිව සම්පූර්ණයෙන්ම යකඩයෙන් ඉදිකෙරෙන අතර මෙනිසා ස්වභාවික ආපදා වලින් ඒවාට සිදුවන හානි අවම වනු ඇතැයි සැළකේ.

ශී‍්‍ර ලංකාවේ ජනතාවගෙන් සියයට 75 ක් ම ජීවත්වන්නේ දුෂ්කර ප‍්‍රදේශවල බැවින් ඔවුන්ව රටේ සංවර්ධනයට දායක කර ගැනීම සදහා නගරයත් ගමත් යා කරවන මෙම පාලම් වැදගත් මෙහෙයක් ඉටු කරනු ඇතැයි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පෙර අවස්ථාවකදී සදහන් කළේය.



අදහස් (0)

පාලම් 210ක්

අමා Monday, 23 June 2014 04:32 PM

හොදයි ඉතින් (දී)

:       0       0

ලක්ෂපාන Tuesday, 24 June 2014 08:23 PM

සල්ලි ගොඩාක් වියදම් කරලා ''සෙල්ලන් පාලම්''නම් හදන්න එපා.(අ)

:       0       0

ප්‍රශාන් Sunday, 29 June 2014 12:36 PM

පොල් අතු පලේ ඉගෙන ගන්න ළමයින්ට පාසලක් හැදුවොත් නරකද (දී)

:       0       0

බන්දුල.පෙරේරා Sunday, 29 June 2014 05:29 PM

අපි ලංකාදිපෙන් දැක්කනේ වැස්ස කාලේ අලුත හදපු පාරවල්වල අපුරුව. මේවට සල්ලි පාස් වෙච්ච අපේ උතුමන්ලාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා (දී)

:       0       0

හසන්ත Wednesday, 25 June 2014 03:59 AM

බොහොම සතුටුයි (නි)

:       0       0

අජිත් කරුණාරත්න ලියනගේ Tuesday, 01 July 2014 08:49 AM

කීය ගියත් මාසෙන් මාසේ හරි ඡන්ද තිබ්බට කමක් නැහැ කියල හිතෙනවා මේවා දකිනකොට. (නදී)

:       0       0

ගාමිණි - සිරි Friday, 27 June 2014 04:22 PM

පාලම් 11 වගේම පුරාණ වැව් ටිකත් පිළිසකර කර දුන්නා නම් ගොවියාත් ගොඩ හාල් මුදලාලිලාත් ගොඩ. (නදී) !

:       0       0

හනිස් Sunday, 29 June 2014 10:42 PM

කොයි තරම් හැදුවත් කමක් නැහැ ප්‍රමිතියට (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 453 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16919 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 668 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site