
ශ්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට පාත්‍ර වූ සහ වඩාත්ම විශ්වාසනීය දේපළ වෙළෙඳාම් සන්නාමය වන Prime සමූහය, සිය නවතම ශාඛාව අංක 6, මංගල පාර, ගම්පහ යන ස්ථානයේ පසුගියදා විවෘත කළේය. මෙය ප්‍රයිම් සමූහයේ ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි වේ. ශීඝ්‍රයෙන් දියුණු වන ප්‍රදේශයක් වන ගම්පහ ප්‍රදේශයේ ජනතාවට මින් ඉදිරියට වඩාත් පහසුවෙන් Prime දේපළ ව්‍යාපෘති හා සේවා ලබාගැනීමට මෙමගින් අවස්ථාව ලැබෙනු ඇත.
කාටත් පහසුවෙන් ළඟා විය හැකි ස්ථානයක ස්ථාපිත කර ඇති, සියලු පහසුකම්වලින් සමන්විත මෙම රාජකාරි දිනවල පෙරවරු 8.30 සිට පාරිභෝගිකයන් වෙනුවෙන් විවෘතව පවතී. Prime සමූහය ශාඛා පිහිටුවීමේදී කවදත් පාරිභෝගිකයන්ගේ පහසුවට මුල් තැන දෙන අතර, මෙම පාරිභෝගික-කේන්ද්‍රීය චින්තනය නූතන දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ සැබෑ ප්‍රමුඛයා ලෙස කීර්තියක් දිනාගැනීමට එම සමූහයට මහෝපකාරී වී තිබේ. 2025 දෙසැම්බර් මාසයේදී කළුතර දිස්ත්‍රික්කයේද මෙලෙස නව ශාඛාවක් විවෘත කිරීමට Prime සමූහය කටයුතු කළේය.
ගම්පහ ශාඛාව විවෘත කිරීම පිළිබඳව අදහස් දක්වමින් ප්‍රයිම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රුමින්ද රන්දෙණිය මහතා මෙසේ පැවසීය. “දීර්ඝ කාලයක පටන් අප ගම්පහ ප්‍රදේශයේ දේපළ වෙළෙඳාම් ව්‍යාපාර කටයුතු කර තිබෙනවා. ඇත්ත වශයෙන්ම, සමාගම ආරම්භ කළ අවධියේදී අපගේ මුල්ම ඉඩම් ව්‍යාපෘතිය දියත් කළේද ගම්පහ ප්‍රදේශයේයි. එබැවින් අපගේ ශාඛාවක් මෙහි ස්ථාපිත කිරීම අපගේ දීර්ඝකාලීන වර්ධන ක්‍රමෝපාය යටතේ ගත් සැලසුම් සහගත පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්. මධ්‍යම අධිවේගී මාර්ගයට ආසන්නයේ පිහිටා තිබීම හේතුවෙන් ගම්පහ ප්‍රදේශය මේ වන විට ශීඝ්‍රයෙන් සංවර්ධනය වන වාණිජ හා ප්‍රවාහන කේන්ද්‍රයක් බවට පත්වෙමින් තිබෙනවා. එවැනි ප්‍රදේශයක අපගේ ව්‍යාපාරික කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීම යනු ආවරණ පරාසය පුළුල් කිරීම සහ පාරිභෝගිකයන්ට මුල් තැන දීම ඔස්සේ සෑම පාරිභෝගිකයකුටම උසස්ම තලයේ සේවාවක් ලබාදීමට අප දක්වන උනන්දුව හා කැපවීම යළි තහවුරු කරන පියවරක් ලෙස හැඳින්විය හැකියි.”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd