
ජූලි මාසයේදී අඛණ්ඩව දෙවැනි මාසයටත් පාරිභෝගික හැඟීම් සුළු වශයෙන් ඉහළ ගිය අතර, 2026 පළමු භාගයේ උච්ඡාවචනයන්ගෙන් පසු ස්ථාවරත්වය පිළිබඳ පූර්ව ඇඟවීමක් ලබා දුන් බව පර් යේෂණ ආයතනයක් වන Prosoft Research and Insights පවසයි.
එම ආයතනය මගින් ජූලි මාසය සඳහා නිකුත් කළ පාරිභෝගික හැඟීම් දර්ශකයේ (Consumer Sentiment Index) මෙම කරුණු ඇතුළත්ව තිබේ. ඒ අනුව එම දර්ශකය ජුනි මාසයේ පැවැති 79 සිට ජූලි මාසයේදී 80 දක්වා ඉහළ ගිය අතර, මැයි මාසයේ සිට එහි දෙවන අඛණ්ඩ මාසික වැඩිවීම සහ ජනවාරි මාසයේ සිට අඛණ්ඩව මාස දෙකක් තුළ පළමු ක්‍රමානුකූල ස්ථාවරත්වය සනිටුහන් කර තිබේ.
කෙසේ වෙතත් මෙම තත්වයෙන් ස්ථිර නිගමනවලට එළඹීම කළ නොහැකි බව එම ආයතනය අනතුරු අඟවයි. විශේෂයෙන්ම පසුගිය මාස හය තුළ පාරිභෝගික හැඟීම්වල උච්චාවචන, අඛණ්ඩ උද්ධමන පීඩන සහ එල් නිනෝ නිසා ඇතිවිය හැකි බලපෑම් ඊට හේතුව බව එම ආයතනය සඳහන් කරයි.
එසේම ආසන්න දියුණුව තිරසාර ප්‍රවණතාවක් දක්වා වර්ධනය වේද යන්න තීරණය කිරීම සඳහා ඉදිරි මාසවලදී තවදුරටත් නිරීක්ෂණය කිරීම අවශ්‍ය වනු ඇතැයිද එහි සඳහන් වෙයි
කෙසේ වෙතත් මෙම ආසන්නතම උපරිම දර්ශකාංකය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බලයට පත් වූ 2024 සැප්තැම්බර් මාසයේදී වාර්තා වූ දර්ශකාංක 90 වඩා තවමත් පහළින් පවතී. ආර්ථික හා දේශපාලන අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී, 2022 ජුනි මාසයේදී එහි අවම කියවීම 56 ක් විය.
මෙම Prosoft Research and Insights ආයතනය තමන් වෙත ප්‍රතිචාර දැක්වූවන් 200 දෙනෙකුගෙන් යුත් නියැදියක් යොදා ගනිමින් මාසිකව මෙම පාරිභෝගික හැඟීම් සමීක්ෂණය පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd