2022 අංක 09 දරන පෞද්ගලික දත්ත ආරක්ෂණ පනත 2027 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන බව රජය පවසයි. ජනාධිපති සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුතුව ඊට අදාළ ගැසට් නිවේදනය පසුගියදා නිකුත් වී තිබේ.
ඒ අනුව 2027 ජනවාරි මස 01 වන දිනය ඉහත කී පනතේ 2 වන වගන්තියේ, 3 වන වගන්තියේ, I වන කොටසේ (පෞද්ගලික දත්ත සැකසීම) සහ III වන කොටසේ (පාලකවරුවන් සහ දත්ත සකසන්නන්) විධිවිධාන ක්‍රියාත්මක විය යුතු දිනය වශයෙන් නියම කරන බව ජනපතිවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd