පාත්ෆයින්ඩර් පදනම නාමධාරී විශිෂ්ට පුද්ගලයන් දෙදෙනකු සිය පදනමේ ඉදිරි සැලසුම් සඳහා සම්බන්ධ කරගැනීමට තීරණය කර තිබේ. ස්වාධීන, පාර්ශවයක් රහිත, නිර්දේශපාලනික ආයතනයක ස්වභාවය එයින් අපේක්ෂා කරන බව පාත්ෆයින්ඩර් පදනම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
භූ දේශපාලනික, ආර්ථික ප්‍රතිසංස්කරණ හා ඉන්දියන් සාගර කලාපයට සම්බන්ධ පදනම ක්‍රියාත්මක කරන වැඩසටහන්වලට මෙම පාත්ෆයින්ඩර් නාමධාරීන්ගේ සේවාව ඉතාම වැදගත් බව ද එහි දැක්වේ.
මුදල් අමාත්‍යංශයේ සහ මහා භාණ්ඩාගාරයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා පසුගිය දා පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අතර හෙතෙම පරිසර හා ඛනිජතෙල් කර්මාන්ත අමාත්‍යංශවල ද ලේකම්වරයා වශයෙන් සේවය කර අත්දැකීම් සහිතය. අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ නැවතත් පාත්ෆයින්ඩර් පදනම හා එක් වූ අතර හෙතෙම නාවික හමුදාවෙන් විශ්‍රාම ගිය වහා අධ්‍යක්ෂකවරයකු වශයෙන් කටයුතු කර පසුව ජනාධිපති අතිරේක ලේකම් හා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්ධුරයට පත් වූ අතර ඉන්දුනීසියාවේ තානාපති ධුරය ද හෙබවීය.
මේ අතර පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂකවරයකු ඇතුළු ජ්‍යෙෂ්ඨ තනතුරු ගණනාවක අත්දැකීම් ඇති දේශමාන්‍ය ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා දීර්ඝ කාලයක් පාත්ෆයින්ඩර් පදනමේ උප සභාපතිවරයා වශයෙන් කටයුතු කළ අතර පසුව මහ බැංකු අධිපතිවරයා වශයෙන් සේවය කළේය. හෙතෙම පාත්ෆයින්ඩර් පදනමේ විශිෂ්ට නාමධාරියකු වශයෙන් මෙයට කෙටි කාලයකට ඉහත දී පත්වීම් ලැබීය.
2025 දෙසැම්බර් මස 18
569
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
282
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1084
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාත්ෆයින්ඩර් නාමධාරී විශිෂ්ටයෝ තිදෙනෙක් පදනමට එක්වේ