ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සංවිධානය කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී සිකුරාදා (16) ආරම්භ විය.
අද (18) එහි තුන්වැනි දිනය වන අතර අති විශාල පිරිසක් පසුගිය දින දෙකෙහි පොත් ප්‍රදර්ශනයට පැමිණි බව සංවිධායකයෝ කියති.
සෙනසුරාදා (17) රාත්‍රී 12 වනතුරු ප්‍රදර්ශනය විවෘතව තැබුණු අතර ලබන 25 වැනිදා වනතුරු පෙරවරු 9 සිට පස්වරු 9 දක්වා ප්‍රදර්ශනය පැවැත්වෙන බව ඔවුහු පවසති.
විජය පුවත්පත් සමාගම ප්‍රදර්ශනය සඳහා නිල මුද්‍රිත මාධ්‍ය දායකත්වය ලබාදෙන අතර ප්‍රදර්ශන භූමියේ විජය පුවත්පත් සමාගමේ කුටියක් ද පිහිටුවා ඇති අතර එහි පැමිණෙන පිරිසට ත්‍යාග ලබාදීමේ විශේෂ වැඩසටහනක් ද ක්‍රියාත්මක කර ඇත.
පොත් ප්‍රදර්ශනයට පැමිණෙන පිරිසගේ ගමන් පහසුව වෙනුවෙන් විශේෂ ප්‍රවාහන සේවයක් නොමිලේ ක්‍රියාත්මක කිරීමට ද සංවිධායකයින් කටයුතු යොදා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ මෙච්චර පොත් කියනව කට්ටිය ඉදලත් ඡන්දේ වෙලාවට හොරුන්ටම ඡන්දෙ දෙනවා.(හේ)
කොච්චර කියවා දැනුම ගත්තත් එය අවශ්‍යදේට යොමු නොකරනවා නම් වැඩක් නැහැ (නි)