(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
දේශීය කර්මාන්ත ඉහළ නංවාලමින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව රජය ආරම්භ කරනු ලබන නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහනේ පළමු ගම්මානය ලෙස නාවලපිටිය, අලුත්ගම ගම්මානය තෝරා ගෙන ඇත.
කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ගම්මානය ආරම්භ කිරීමේ වැඩසටහන අද (29) නාවලපිටිය, අලුත්ගමදී පැවැත්විණි.
ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම අනුව ස්වයංපෝෂිත ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අරමුණු කර ගනිමින් මෙම නිෂ්පාදන පොකුරු ගම්මාන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙල යටතේ එක්එක් ගම්මානවල පවුල් 500 කගේ කෘෂිකාර්මික නිෂ්පාදන ක්‍රියාවලිය ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් අනුගමනය කරමින්, වැඩි අස්වැන්නක් ලබාගත හැකි සෞඛ්‍ය සම්පන්න භෝග වගාකොට එහි නිෂ්පාදන දේශීය හා විදේශීය වෙළෙඳපොළ සඳහා නිකුත් කිරීමට සැලසුම් කෙරිණි.
මෙකී ක්‍රියාවලියට අවශ්‍ය බීජ,තාක්ෂණික දැනුම, මුල්‍යමය ආධාර ඇතුළු අනෙකුත් සම්පුර්ණ ක්‍රියාවලිය අධීක්ෂණයට අවශ්‍ය මානව සම්පත් වැනි සියළුම පහසුකම් රජයෙන් සපයනු ලබයි.
මෙමගින් ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ විශාල සංවර්ධනයක් හා පිබිඳීමක් සිදුකොට එමගින් ගොවි ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ අරමුණයි.
කෘෂිකර්ම අංශයේ උසස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
නිෂ්පාදන පොකුරු ගම්මාන
විජේ Monday, 31 August 2020 04:27 AM
පොකුරු නෙවේ මොන දේවල් කරත් කරපු පව්නං යන්නේ නෑ ...
Binkunndaa Monday, 31 August 2020 09:33 AM
අලුතෙන් හදන්න සල්ලි වියදම් නොකොට, තියෙන කර්මාන්ත ගම් සිය ගණනක් කොට උඩ ගිහිල්ලා. ඒවා ගොඩගන්න බොරු සෝබන දාන්නේ නැතිව..