IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


නිල්වලා තේ කර්මාන්ත ශාලාවට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

නිල්වලා තේ කර්මාන්තශාලා පෞද්ගලික සමාගම කර්මාන්ත අමාත්‍යංශය යටතේ ඇති කාර්මික සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම පිරිවැටුම් සන්නාමය (මධ්‍යම පරිමාණ) ලෙස සම්මාන ලැබුවේය. එස්. ඩබ්ලිව්. දහනායක මහතා ඇරැඹූ නිල්වලා තේ කර්මාන්තශාලාව ආරම්භයේ සිට මේ දක්වා පවුලේ ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක වේ. 

මේ වන විට දෙවැනි පරම්පරාව එහි නායකත්වය දරයි. ආයතනයේ වර්තමාන නායකත්වය කළමනාකරණ අධ්‍යක්ෂ කළණ දහනායක මහතා දරන අතර අධ්‍යක්ෂවරුන් ලෙස පවුලේ සාමාජිකයෝ කටයුතු කරතිග නිර්මාතෘවරුන් අනුගමනය කළ සම්ප්‍රදායට සහ ප්‍රමිතිවලට අනුගත වෙමින් නවීන තාක්ෂණය යොදා ගනිමින් නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට එම ආයතනය කටයුතු කරයි. වසර 50කට වැඩි ඉතිහාසයක් සහිත එම සමාගම වර්තමානයේදී මෙරට තේ නිෂ්පාදකයන් අතර ඉදිරියෙන්ම සිටියි.  

නිල්වලා තේ කර්මාන්තශාලාව නිපදවන උසස් තත්වයේ කළු තේ ප්‍රණීත රසයකින් හා ආකර්ෂණීය සුවඳකින් සමන්විතය. බොහෝ කර්මාන්තශාලා සංඛ්‍යාත්මක අගයට මුල් තැන දෙන නමුත් නිල්වලා තේ කර්මාන්තශාලාව ගුණාත්මකභාවයෙන් සපිරි තේ නිෂ්පාදනයට සහ සාධාරණ වෙළෙඳ පුරුදුවලට  ප්‍රමුඛතාව දෙමින් තේ දලු සැපයුම්කරුවන්ට තරගකාරී මිලක් ගෙවයි. සේවකයන් 100කට වැඩි ශ්‍රම බලකායක් සහිත කර්මාන්තශාලාවට තේ දලු සපයන පිරිස 1,500කට අධික වේ. නිල්වලා තේ නිෂ්පාදනයෙන් බහුතර කොටසක් කොළඹ තේ වෙන්දේසියේදී අලෙවි කරන අතර ඒ සඳහා ප්‍රධාන පෙළේ අපනයනකරුවන්ගෙන් ඇත්තේ විශාල ඉල්ලුමකි. එම ආයතනය HACCP, GMP, ISO 22000, ISO 14001 සහ ISO 50001  14001 සහ  ISO  50001 ඇතුළු දේශීය සහ විදේශීය තත්ව සහතික රැසක් දිනා ඇත. මීට පෙරද ඔවුන්ට දෙස් විදෙස් සම්මාන රැසක් ලැබී තිබේ. 



අදහස් (0)

නිල්වලා තේ කර්මාන්ත ශාලාවට ජාතික කර්මාන්ත සන්නාම විශිෂ්ටතා සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 196 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2073 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site